ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථාන

163

බොස්ට්වානාහි ගැබොරෝන් නුවර දී පැවැත්වෙන 8 වන යොවුන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ග්‍රෙනාඩා රාජ්‍යය ලකුණු 51-48ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ 19 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව තරගාවලියේ අවසන් ස්ථානය වන 20 වන ස්ථානයට පත්වීමේ අවාසනාවන්තදායක තත්වයෙන් මිදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි.

ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව ‘C’ කාණ්ඩයෙන්

19 වැනි වරට පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය පිලිපීනයේ දී පැවැත්වීමට නියමිත..

ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු වටයේ දී පසුගිය වර ශූරයින් වූ නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 125-15ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදු වූ අතර ඉන් අනතුරුව පළමු වටයේ දී පැවති අවසන් තරගය ද සැමෝවා කණ්ඩායම හමුවේ ලකුණු 73-49ක් වශයෙන් පරාජයට පත්විය. සැමෝවා කණ්ඩායම තරගාවලිය අවසන් කරනු ලැබුවේ 11 වන ස්ථානය දිනා ගනිමිනි.  

එම තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු තත්වය ලකුණු 20-11ක් වශයෙන් දැක්වුණු අතර දෙවන කාර්තුව අවසන් වන විට එය දැක්වුණේ ලකුණු 32-22ක් වශයෙනි. ඉන් අනතුරුව තරගයේ තෙවන කාර්තුවේ දී සැමෝවා කණ්ඩායම ලකුණු 23ක් රැස්කර ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 09ක් පමණි (58-31). සිව්වන හා අවසාන කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 18 ක් රැස්කරගනු ලැබුවත් ලකුණු 15ක් ලබා ගනිමින් සැමෝවා කණ්ඩායම පහසුවෙන් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 73-49ක් ලෙසයි.

එම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ දී තම කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි වූ අතර ඒ අනුව තරගාවලියේ 17 සිට 20 වන ස්ථාන සඳහා සිංගප්පූරුව, මැලේසියාව සහ ග්‍රෙනාඩා කණ්ඩායම් සමඟ තරග වැදීමට සිදු විය.  

ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව හමුවේ පැවති තරගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වුවත් එය ශ්‍රී ලංකාව ලකුණු 63-36ක් වශයෙන් පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම මීට මාස දෙකකට පමණ පෙර ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ දී ද සිංගප්පූරු කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබාගත් අතර එක් අවස්ථාවක දී ලකුණු 10-05ක් වශයෙන් තරගයේ පෙරමුණ ගන්නට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඉන් අනතුරුව සිංගප්පූරු කණ්ඩායම අඛණ්ඩව ලකුණු 6ක් වාර්තා කර ගත් අතර ඒ අනුව පළමු කාර්තුව නිමාවට පත්වූයේ ලකුණු 15-12ක් වශයෙන් සිංගප්පූරුව තරගයේ පෙරමුණේ රැඳෙමිනි. අනතුරුව තරගයේ දෙවන කාර්තුවේ මැද භාගයේ දී පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීනා රාජපක්ෂ ආබාධයකට ලක්වූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් සිංගප්පූරු කණ්ඩායම දෙවන කාර්තුව අවසානයේ දී ලකුණු 28-18ක් වශයෙන් ලකුණු පරතරය ඉහළ නංවා ගැනීමට සමත් විය.

තරගයේ තෙවන කාර්තුවේ දී සිංගප්පූරුව ලකුණු 21ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණි (49-28). අනතුරුව සිව්වන හා අවසන් කාර්තුවේ දී ද ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරමින් සිංගප්පූරුව ලකුණු 14ක් රැස්කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 08ක් පමණි.

ඒ අනුව තරගාවලියේ 17 වන ස්ථානය දිනා ගැනීමේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු එකම අවස්ථාව වූයේ ආසියානු ශූරයින් බවට පත්වූ මැලේසියානු කණ්ඩායම පරාජයට පත්කිරීමයි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙර තරගවලට වඩා හොඳින් ක්‍රීඩා කරනු ලැබුවත් අවසානයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව එය ද ලකුණු 57-53ක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයට පත්විය.

පෙර තරගයේ දී මෙන් මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 13-03ක් වශයෙන් පෙරමුණේ රැඳීමට සමත් වූ අතර පළමු කාර්තුව අවසානයේ දී තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 18-08ක් වශයෙනි. දෙවන කාර්තුවේ දී එය ලකුණු 23-11ක් දක්වා වර්ධනය කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවත් එහි අවසන් භාගයේ දී තරගයට අවතීර්ණ වූ මැලේසියානු කණ්ඩායම ලකුණු 13-07ක් වශයෙන් ලකුණු රැස්කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දෙවන කාර්තුව අවසානයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 30-24ක් වශයෙන් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පෙරමුණේ රැඳෙමිනි.

නැවතත් තරගයේ තෙවන කාර්තුවට හොඳ ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ලකුණු තත්වය ලකුණු 37-29ක් වශයෙන් වර්ධනය කර ගැනීමට සමත් වුවත් මැලේසියානු ක්‍රීඩිකාවන් ඉතා ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරමින් ලකුණු 12-04ක් වශයෙන් ලකුණු රැස්කරගනු ලැබුවේ තෙවන කාර්තුව අවසානයේ දී තරගයේ ලකුණු තත්වය ලකුණු 41-41ක් වශයෙන් සම තත්වයකට රැගෙන එමිනි. අනතුරුව සිව්වන හා අවසාන කාර්තුව ආරම්භයේ දී ලකුණු 48-43ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට මැලේසියානු කණ්ඩායම සමත් වූ නමුත් නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ලකුණු තත්වය 52-50ක් ලෙස ගෙන එමින් පරතරය ලකුණු 2ක් දක්වා අඩුකර ගැනීමට සමත් විය. කෙසේ නමුත් එම කාර්තුව අවසානයේ දී ලකුණු 57-53ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට මැලේසියානු කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 19 වන ස්ථානය සඳහා ග්‍රෙනාඩා කණ්ඩායම සමඟ තරග වැදීමට සිදුවිය.

ප්‍රතිඵල

1-8 ස්ථාන1st-8th place

9-16 ස්ථාන9th-16th place

17-20 ස්ථාන17th-20th place

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<