ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින සංචාරයේ කාලසටහන නිකුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

242

එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

බංග්ලාදේශයේ සත්කාරකත්වය සහිතව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඩකා නුවර පිහිටි Sher-e-Bangladesh ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio Bubble) තුල කණ්ඩායම් දෙකම එක්දින තරගාවලියේ තරග 3ම ක්‍රීඩා කරන්නේ මේ ක්‍රීඩාංගණයේ දීමයි. 

එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර් සංචිත පුහුණු තරගයක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. 

තරගාවලියේ කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය වේලාව
මැයි 21, 2021 එක්දින පුහුණු තරගය Intra-squad BKSP – SAVAR 9.30 AM
මැයි 23, 2021 පළමු එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 25, 2021 දෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 28, 2021 තෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
  • NCAG: National Cricket Academy Ground, Mirpur, Dhaka – Sri Lanka Team’s practice Venue
  • SBNCS: Sher-e-Bangladesh National Cricket Stadium, Mirpur, Dhaka

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<