උපුල් තරංග ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයකට

274

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක් වන Mulgrave ක්‍රීඩා සමාජය හා ගිවිසුම්ගතවී තිබෙනවා. මේ බව එම ක්‍රීඩා සමාජය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර සිටියා.

2020/21 ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ තරග වාරය සඳහා කණ්ඩායම් තෝරාපත් කරගැනීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන අතර තෙවැනි කාණ්ඩය (Division 03) යටතේ තරග වදින ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකෙන Mulgrave ක්‍රීඩා සමාජය ඔවුන්ගේ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය T. M. ඩිල්ශාන් හට පිරිනැමීමට පසුගිය දා තීරණය කළා.

උපුල් තරංග 2005 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙන අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක් වුනා. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ ඔහු සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ශාන් සමඟින් මෙරට එක්දින කණ්ඩායම වර්ණවත් කළා.

මේ වන විට 36 හැවිරිදි වන උපුල් තරංග පසුගිය පෙබරවාරි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. ඒ වන විට ඔහු ටෙස්ට් තරග 31ක්, එක්දින තරග 235ක් සහ විස්සයි විස්ස තරග 125කට ක්‍රීඩා කර තිබුණා. ටෙස්ට් ශතක 3ක් එක්දින ශතක 15ක් සහ විස්සයි විස්ස ශතක 2ක් සිය ලකුණු මල්ලට එක් කර ගැනීමට ඔහු සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<