ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් වේ

1275

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය මීට සුළු මොහොතකට පෙර ජාතික තේරීම් කමිටුව විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළේය. 

ලසිත් මාලිංග එක්දින සංචිතයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉදිරියේ…

ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් මෙම එක්දින සංචිතයට ඇතුළත්ව නොමැති අතර, මැතිව්ස්ගේ කළව ආශ්‍රිතව ඇතිවූ ආබාධය තවමත් පූර්ණ ලෙස සුව නොවීම නිසා මෙම සංචිතය සඳහා ඔහුව නම් කර නැත.

වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරත්මක පිතිකරුවෙක් වන ධනුෂ්ක ගුණතිලකගේ උරහිස ආශ්‍රිතව ඇතිව ඇති ආබාධය තවමත් සුව වී නැත. ඒ නිසා ඔහු ද මෙම සංචිතයට ඇතුළත්ව නැති අතර, ජෙෆ්රි වැන්ඩර්සේ, සීකුගේ ප්‍රසන්න යන දඟපන්දු යවන ක්‍රීඩකයින් මෙවර සංචිතයේ සිය ස්ථානය වෙන්කරවා ගෙන ඇති අතර, වනිඳු හසරංග ඉන්දීය තරගාවලියේ දී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ නිසා මෙම සංචිතයෙන් ඉවතට යාමට ඔහුට සිදුවී ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් ද මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන ඇත. ඉන්දියාව සමඟින් පැවැත්වූ එක්දින තරගාවලියේ අවසාන එක්දින තරග දෙක ආබාධයකට ලක්වීම නිසා මඟ හැරුණු මැදපෙළ පිතිකරුවෙක් වන චාමර කපුගෙදර නැවතත් සංචිතයට ඇතුළත් කර ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් වේගපන්දු යවන්නන්ගේ බලඇණිය සවිමත් කිරීමට සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ සහයට යොවුන් ක්‍රීඩකයින් වන දුශ්මන්ත චමීර හා විශ්ව ප්‍රනාන්දු ද කැඳවා ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 13 වැනිදා ඩුබායි හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝශන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් , දුශ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<