NSL සිව්දින තරගාවලියේ කාලසටහන නිකුත් වෙයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1266
Fixtures announced for National Super League Four Day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන 2022 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙයයි.

කොළඹ, දඹුල්ල, යාපනය, මහනුවර සහ ගාල්ල යන කණ්ඩායම් 5 සහභාගීත්වය ඇතිව ක්‍රීඩාංගණ 5ක දී ආරම්භ වීමට නියමිත මේ තරගාවලිය මේ මස 24 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක එළඹෙන 24 වැනිදා ගාල්ල හා මහනුවර කණ්ඩායම් අතරත්, යාපනය හා කොළඹ කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු 31 වැනිදා හම්බන්තොට දී සහ පල්ලෙකැලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. මේ සඳහා තරග වදිනු ලබන සංචිත ඉදිරි දින කිහිපය තුල නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවෙනවා.

2022 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<