Home Sinhala ශ්‍රී ලංකාවේ පෙර වැරදි තරමක් අඩු වුවත් ප්‍රතිඵලයේ වෙනසක් නෑ

ශ්‍රී ලංකාවේ පෙර වැරදි තරමක් අඩු වුවත් ප්‍රතිඵලයේ වෙනසක් නෑ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2022

696

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (18) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

පෙර තරගවලට වඩා ශ්‍රී ලංකාව ඔවුන්ගේ අඩුපාඩු සහ දුර්වලතා යම් ප්‍රමාණයකින් අවබෝධ කරගෙන තිබෙන බවක් මේ තරගයේ දී පෙනෙන්නට තිබුණු නමුත් ඕස්ට්‍රේලියාව මේ තරගයත් කඩුලු 6කින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව නිත්‍ය පිතිකරුවන් පස් දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක්, නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සහ නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වුනා.

එසේම තෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදු කරමින් ආබාධයකට ලක්වූ නුවන් තුෂාර වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණා.

ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නන් දෙදෙනෙක් වන Mitchell Starc සහ Josh Hazlewood විවේක ගන්වා, ඒ වෙනුවට දඟපන්දු යවන Adam Zampa සහ වේගපන්දු යවන Jhye Richardson මේ තරගයට කැඳවා තිබුණා.

සිව්වැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඕස්ට්‍රේලියාව – Ashton Agar, Ben McDermott, Aaron Finch (c), Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Daniel Sams, Jhye Richardson, Kane Richardson, Adam Zampa

ශ්‍රී ලංකාව – Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Chamika Karunaratne, Jeffrey Vandersay, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.

පළමු තරග තුනට සාපේක්ෂව ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සැලකිය යුතු මට්ටමක සාර්ථකත්වයක් ළඟා කර ගත් නමුත්, මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් හට සාර්ථක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට අද හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ලකුණු 160ක පමණ මට්ටමකට යාමට හැකිව තිබුණු ලකුණු සටහන ලකුණු 139කට සීමා වුනා.

කෙසේ නමුත් පළමු තරග කිහිපයට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු අතර දිවයමින් ධනාත්මක මානසිකත්වයක් සහිතව සිය අන්තයන් හුවමාරු කරගනිමින් ක්‍රීඩා කිරීම නිසා සාමාන්‍යයෙන් පන්දු 50 ඉක්මවා යන නිලකුණු පන්දු ප්‍රමාණය මේ තරගයේ දී 39ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 40ක දී ලකුණු 46ක් ලබාගෙන සිටිය දී ස්ටම්ප්ස් කිරීමකට හසුව දැවී ගියා. ඔහුගේ එම ඉනිමට 4 පහර 4ක් ඇතුළත් වුනු අතර සිය ආරම්භක පිතිකරණ සඟයා වුනු ධනුෂ්ක ගුණතිලක මේ තරගයේ දී ලකුණු 17ක් ලබා ගත්තේ පන්දු 17ක් සඳහා මුහුණ දෙමින්.

ඉන්පසුව අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පළමු පන්දු කිහිපය තුල කඩුල්ලේ ස්වභාවය හඳුනා ගැනීමෙන් පසුව යම් ප්‍රහාරයක් දියත් කළත්, deep කලාපයේ සිට කඩුල්ල වෙත එක එල්ලේම පන්දුව යොමු කළ Maxwell මෙන්ඩිස්ගේ කඩුල්ල උඳුරා ගැනීමට සමත් වුනේ ඉතාමත් සුපිරි පන්දු රැකීමක නිරත වෙමින්. අසලංක පන්දු 19ක දී ලකුණු 22ක් ලබා ගත්තා.

පන්දුවාර 15කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 110කට කඩුලු 3ක් දැවී ගොස් තිබුණු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුල දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු සටහන ඉතාමත් හොඳින් පාලනය කරමින්.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉතාමත් හොඳ විනයක් සහ පාලනයක් ඇතිව පන්දු යැවීම සිදු කළ අතර ඔවුන් ලබා දුන්නේ එක් අතිරේක (Wide) ලකුණක් පමණයි.

Ashton Agar එකඳු 4 පහරක් හෝ 6 පහරක් ලබා නොදෙමින් සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 14කට එක් කඩුල්ලක් දවා ගෙනයි. ඊට අමතරව Jhye Richardson සහ Kane Richardson යන වේගපන්දු යවන්නන් දෙදෙනා කඩුලු දෙක බැගින් දවා ගන්නට සමත් වුනා.

ලකුණු 140ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් හට පළමු පන්දුවාර 9 තුල හොඳ පීඩනයක් එල්ල කිරීමට මහීෂ් තීක්ෂණ සහ ලහිරු කුමාර සමත් වුනා.

නායක Aaron Finch, Ben McDermott සහ Ashton Agar යන පිතිකරුවන්ගේ කඩුලු 3 ලකුණු 50ක් තුල දැවී ගොස් තිබූ පසුබිමක, ඕස්ට්‍රේලියා ඉනිම ගොඩනැංවීමේ වගකීම සිය කරට ගත් Maxwell සහ නවක ක්‍රීඩක Josh Inglis සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47ක දී ලකුණු 71ක සබඳතාවයක් ගොඩනංවමින් නැවතත් තරගය සිය කණ්ඩායම දෙසට හරවා ගැනීමට සමත් වුනා.

එම සබඳතාවය අවසන් කරමින් පන්දු 20ක දී ලකුණු 40ක් ලබාගෙන 200ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන පන්දුවට පහර දුන් Inglisගේ කඩුල්ල දවා ගැනීමට චමීර සමත් වුනා.

අවසානයේ දී Maxwell තරගයේ වීරයා බවට පත්වෙමින් 4 පහර 3ක් සමඟ පන්දු 39ක දී නොදැවී ලකුණු 48*ක් ලබා ගත්තා. Marcus Stoinis පන්දු 4ක දී නොදැවී ලකුණු 8*යි.

පන්දු යැවීමේ දී තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ලහිරු කුමාර නියමිත පන්දුවාර 4 තුල ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව මහීෂ් සහ චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගිය අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් Wide පන්දු 7ක් සමඟ අතිරේක ලකුණු 10ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.


Result


Sri Lanka
139/8 (20)

Australia
143/4 (18.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka st Matthew Wade b Adam Zampa 46 39 1 0 117.95
Dhanushka Gunathilake c Aaron Finch b Ashton Agar 17 1 0 0 999.99
Kamindu Mendis run out (Glenn Maxwell) 27 21 0 0 128.57
Charith Asalanka c Josh Inglis b Jhye Richardson 22 19 0 0 115.79
Dinesh Chandimal c Aaron Finch b Jhye Richardson 2 3 0 0 66.67
Dasun Shanaka c Ashton Agar b Jhye Richardson 1 4 0 0 25.00
Chamika Karunaratne not out 14 7 0 0 200.00
Dushmantha Chameera b Jhye Richardson 1 3 0 0 33.33
Maheesh Theekshana run out (Matthew Wade) 3 3 0 0 100.00
Jeffery Vandersay not out 5 3 0 0 166.67


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 139/8 (20 Overs, RR: 6.95)
Bowling O M R W Econ
Daniel Sams 2 0 14 0 7.00
Jhye Richardson 4 0 20 2 5.00
Kane Richardson 4 0 44 2 11.00
Glenn Maxwell 2 0 21 0 10.50
Ashton Agar 4 0 14 1 3.50
Adam Zampa 4 0 26 1 6.50


Batsmen R B 4s 6s SR
Ashton Agar c Kusal Mendis b Lahiru Kumara 26 31 0 0 83.87
Ben McDermott c & b 9 10 0 0 90.00
Aaron Finch c & b 2 5 0 0 40.00
Glenn Maxwell not out 48 39 0 0 123.08
Josh Inglis c & b 40 20 0 0 200.00
Marcus Stoinis not out 8 4 0 0 200.00


Extras 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0)
Total 143/4 (18.1 Overs, RR: 7.87)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 20 1 5.00
Lahiru Kumara 4 0 22 2 5.50
Dushmantha Chameera 4 0 33 1 8.25
Chamika Karunaratne 2.1 0 22 0 10.48
Jeffery Vandersay 4 0 43 0 10.75



ඒ අනුව 4-0ක් ලෙස තවදුරටත් තරගාවලියේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 19 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<