Home Sinhala ධනංජයගේ ප්‍රහාරයෙන් යාපනය අවසන් මහා තරගයට

ධනංජයගේ ප්‍රහාරයෙන් යාපනය අවසන් මහා තරගයට

Dialog – SLC National Super League Limited Over Tournament 2022

2503

නායක ධනංජය ද සිල්වාගේ සුපිරි ඉනිමෙන් යාපනය කණ්ඩායම ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා වරම් දිනා ගන්නට සමත් වුනා. මේ අතර ගාල්ල හා මහනුවර තරගයේ ජය හිමි කර ගත්තේ මහනුවර කණ්ඩායමයි.

ගාල්ල හා මහනුවර අතර තරගය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

නිරෝෂන් දික්වැල්ල හා ලහිරු උදාරගේ දැවැන්ත ලකුණු 233ක ආරම්භක පිතිකරණ සබඳතාවයෙන් ගාල්ල මුල සිටම දැඩි පීඩනයකට ලක් වුණා.

දික්වැල්ල හා උදාරගේ සබඳතාවය දැක්වුණේ ශ්‍රී ලංකාවේ List A තරගවල සිව්වැනි ඉහළම ආරම්භක පිතිකරණ සබඳතාව ලෙසයි.

ශ්‍රී ලංකාවේ List A තරග බිමේ ඉහළම ආරම්භක පිතිකරණ සබඳතා

  1. 286 – සනත් ජයසූරිය හා උපුල් තරංග
  2. 282 – උපුල් තරංග හා ටී. එම්. ඩිල්ශාන්
  3. 237 – සනත් ජයසූරිය හා මාවන් අතපත්තු
  4. 233 – නිරෝෂන් දික්වැල්ල හා ලහිරු උදාර

මහනුවර කණ්ඩායම ලකුණු 344ක ඉලක්කයක් ගාල්ල කණ්ඩායමට ලබා දුන්නත්, ගාල්ල කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 277ක් පමණයි.

අංක 7 පිතිකරුවා ලෙස පිවිසුණු කවිෂ්ක අංජුල සටන්කාමි ඉනිමක් දියත් කළේ පන්දු 71ක දී ලකුණු 90ක් රැස් කර ගනිමිනුයි. ඔහුගේ ඉනිමට හතර පහර 12ක් හා හයේ පහර 3ක් ඇතුළත් වුනා.

20 හැවිරිදි අශාන් ඩැනියෙල් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් ගාල්ල පිතිකරණ ලැයිස්තුව බිඳ දැමුවා.

Result


Team Galle
277/10 (47.1)

Team Kandy
343/6 (50)

Batsmen R B 4s 6s SR
Lahiru Udara lbw b 106 116 0 0 91.38
Niroshan Dickwella c & b 135 104 0 0 129.81
Oshada Fernando c & b 8 9 0 0 88.89
Lasith Crosspulle lbw b 1 2 0 0 50.00
Kamindu Mendis lbw b 58 41 1 0 141.46
Sahan Arachchige b 11 17 0 0 64.71
Pulina Tharanga not out 13 12 0 0 108.33


Extras 11 (b 0 , lb 3 , nb 1, w 7, pen 0)
Total 343/6 (50 Overs, RR: 6.86)
Bowling O M R W Econ
Priyamal Perera 8 0 51 1 6.38
Dhananjaya Lakshan 7 0 58 1 8.29
Kavishka Anjula 6 0 49 0 8.17
Chalana de Silva  10 0 38 3 3.80
Akila Dananjaya 10 0 74 1 7.40
Nimesh Vimukthi 7 0 54 0 7.71
Jehan Danie 2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Ashan Randika c & b 27 25 0 0 108.00
Pabasara Waduge c & b 42 49 0 0 85.71
Muditha Lakshan c & b 12 18 0 0 66.67
Dhananjaya Lakshan lbw b 4 8 0 0 50.00
Priyamal Perera c & b 7 16 0 0 43.75
Vishad Randika c & b 47 66 0 0 71.21
Kavishka Anjula c & b 90 71 0 0 126.76
Jehan Danie st b 13 18 0 0 72.22
Akila Dananjaya c & b 9 7 0 0 128.57
Nimesh Vimukthi not out 6 5 0 0 120.00
Chalana de Silva  st b 2 3 0 0 66.67


Extras 18 (b 2 , lb 8 , nb 3, w 5, pen 0)
Total 277/10 (47.1 Overs, RR: 5.87)
Bowling O M R W Econ
Asitha Fernando 9 1 51 2 5.67
Lasanda Rukmal 4 0 35 0 8.75
Ashian Daniel 10 0 46 4 4.60
Pulina Tharanga 8.1 0 35 3 4.32
Sachindu Colombage 7 0 44 0 6.29
Sahan Arachchige 2 0 18 0 9.00
Kamindu Mendis 7 0 38 0 5.43



යාපනය හා කොළඹ අතර තරගය

යාපනය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායමට රැස් කර ගත හැකි වුනේ ලකුණු 195ක් පමණයි. තරගාවලියේ සිය දෙවැනි තරගය ක්‍රීඩා කළ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 64ක් රැස් කළා.

ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය යාපනය කණ්ඩායමේ මුල් කඩුලු කිහිපය ඉක්මනින් දැවී ගියත්, නායක ධනංජය ද සිල්වා තරගයේ වගකීම සියතට ගෙන තරගය හමාර කළා. ධනංජය පන්දු 93ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 79ක් රැස් කළා.

මේ  ජයග්‍රහණයත් සමඟින් යාපනය කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නට වරම් දිනා ගත්තා.

පළමු වරට පැවැත්වෙන Dialog – SLC National Super League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන පෙබරවාරි 19 වැනිදා මහනුවර හා යාපනය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

Result


Team Colombo
195/8 (50)

Team Jaffna
198/6 (46.5)

Batsmen R B 4s 6s SR
Sithara Gimhan c Santhush Gunathilake  b Nuwan Pradeep  1 10 0 0 10.00
Kavindu Nadeeshan c & b 24 63 0 0 38.10
Nuwanidu Fernando lbw b 37 61 0 0 60.66
Sammu Ashan c & b 15 24 0 0 62.50
Roshen Silva not out 64 77 0 0 83.12
Ashen Bandara b 11 15 0 0 73.33
Lahiru Madushanka run out () 10 27 0 0 37.04
Tharindu Ratnayaka b 11 13 0 0 84.62
Kavindu Nadeeshan b 0 4 0 0 0.00
Kalana Perera not out 5 6 0 0 83.33


Extras 17 (b 0 , lb 6 , nb 0, w 11, pen 0)
Total 195/8 (50 Overs, RR: 3.9)
Bowling O M R W Econ
Pramod Madushan 7 2 20 0 2.86
Nuwan Pradeep  7 3 22 2 3.14
Santhush Gunathilake  4 1 13 0 3.25
Dhananjaya de Silva 10 0 42 0 4.20
Dilum Sudeera  10 0 49 1 4.90
Ravindu Fernando  1 0 4 0 4.00
Damitha Silva  6 0 29 1 4.83
Damitha Silva  5 0 10 1 2.00


Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama b 39 60 0 0 65.00
Nimanda Madushanka  c & b 14 27 0 0 51.85
Damitha Silva  c & b 13 18 0 0 72.22
Dhananjaya de Silva not out 79 93 0 0 84.95
Santhush Gunathilake  st b 30 54 0 0 55.56
Dunith Wellalage c & b 13 24 0 0 54.17
Ravindu Fernando  lbw b 2 4 0 0 50.00
Nimanda Madushanka  not out 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 4 , nb 0, w 3, pen 0)
Total 198/6 (46.5 Overs, RR: 4.23)
Bowling O M R W Econ
Prabath Jayasuriya 10 1 24 1 2.40
Kalana Perera 3 0 11 0 3.67
Lahiru Madushanka 2 0 12 0 6.00
Sammu Ashan 8 0 44 0 5.50
Tharindu Rathnayake 10 0 44 2 4.40
Kavindu Nadeeshan 10 0 34 1 3.40
Ashen Bandara 1.5 0 14 1 9.33
Nuwanidu Fernando 2 0 11 1 5.50



තරගාවලියේ උණුසුම් තොරතුරු සමඟින් රැඳී සිටින්න ThaPapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<