ශ්‍රී ලංකාවේ ප්‍රබලයෝ 5ක් කැරිබියන් සටනට වෙන්දේසි වෙයි

712

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 05 දෙනෙකු වරම් දිනාගෙන තිබේ.

ලොව දැනට පැවැත්වෙන උත්කර්ෂවත්ම ක්‍රිකට් තරගාවලි අතරින් එකක් වන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2019 සැප්තැම්බර් 4 වැනිදා සිට ඔක්තොම්බර් 12 දක්වා පැවැත්වේ. මේ තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (22) එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වූයේ තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායමේ 6 නිලධාරීන් සමඟයි.

අන්නාසි මාමාගෙන් උගත් ක්‍රිකට්

දිනය පෙබරවාරි මාසයේ එක් දිනයකි. වැඩ නිමවී වෙහෙස නිවාගන්නට සිතා…

ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්ෂතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග වෙන්දේසියේ පළමු වටයේ දී ම මිලට ගැනීමට සාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායම සමත් වූ අතර ඒ සඳහා මාලිංග හට හිමි වූ මුදල ඇමරිකන් ඩොලර් 160,000කි.

එසේම ශ්‍රී ලංකාවේ සිටින තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඉසුරු උදාන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමඟ පෙර වසරේ දී පවත්වා ගත් සිය ගිවිසුම නැවත වතාවක් අලුත් කර ගත්තේ ශාන්ත කිට්ස් සහ නෙවිස් පැට්රියෝට්ස් කණ්ඩායම සමඟයි. ඒ සඳහා උදාන හට ද ලසිත් මාලිංගට හා සමානවම ඇමරිකන් ඩොලර් 160,000ක මුදලක් වෙන්විය.

ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඊයේ පැවති වෙන්දේසියේ සිව්වැනි අදියරේ දී ඇමරිකන් ඩොලර් 90,000ක මුදලකට සිය කණ්ඩායමට එකතු කර ගැනීමට සාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායම තීරණය කළේය. 2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයන් අහිමි වූ නිරෝෂන් දිකවැල්ල හා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයින් පිළිවෙළින් සාන්ත ලුසියා ස්ටාර්ස් හා ට්රින්බැගෝ නයිට්රයිඩර්ස් යන කණ්ඩායම්වල සංචිතයන් සඳහා ඇතුළත් කර ගත්තේ ඇමරිකන් ඩොලර් 30,000 මුදලක් නියම කරමිනි.

ශසාඩ් – නයිබ් අයර්ලන්තයෙන් පළිගනියී

මීට දින දෙකකට පෙර සත්කාරක අයර්ලන්තය හමුවේ ලකුණු 72ක….

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ලොව පුර සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් 536 දෙනෙකු තේරී තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 34 දෙනෙකු ද ඒ අතර සිටියේය.

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන ඇලෙක්ස් හේල්ස් පාකිස්තානයේ පා දඟපන්දු යවන ක්‍රීඩක ශදාබ් කාන් හා බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන අන්ද්රේ රසල් හා ඩ්වේන් බ්රාවෝ ද වෙන්දේසියේ දී මිල දී ගැනීමට ඒ ඒ කණ්ඩායම් සමත් වීම කැපී පෙනුණි.

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සාමය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට  ජාත්‍යන්තර සීමිත පන්දුවාර ක්‍රිකට් තරග නොපැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<