මේරි කොම් හයවැනි වතාවටත් “එක” වෙයි

239
Mary Kom - courtesy - theprint.in

පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අවසන් වූ ලෝක කාන්තා බොක්සිං ශූරතාවයේ දී ලෝක ප්‍රකට ක්‍රීඩිකා මේරි කොම් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවගේ සම්මානය දිනාගත්තාය. ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු ද සහභාගී වූ මේ තරගාවලිය නොවැම්බර් 15 වැනිදා සිට පැවැත්විය.

කිලෝ ග්‍රෑම් 45-48 බරපන්තියෙන් තරග වැදුණු තිදරු මවක වන 35 හැවිරිදි ඇය සයවරක් ලෝක ශූරතාවය දිනා වාර්තාවක් තැබීමට ද සමත් විය. මින් පෙර අයර්ලන්තයේ කැතී ටේලර් සහ මේරි කොම් පස්වරක් බැගින් ලෝක ශූරතාවයන් දිනා තිබුණි.

වායු දූෂණයට එරෙහිව බොක්සිං ගහන ක්‍රීඩිකාවෝ

ලෝක කාන්තා බොක්සිං ශූරතා තරගාවලියට පෙර ‘දිල්ලියේ වායු දූෂණ….

ඒ කාලේ ක්‍රීඩිකාවන් ආවේ රටවල් කිහිපයකින් පමණයි. ඔලිම්පික් වලටවත් මෙය (කාන්තා බොක්සිං) ඇතුළත් වුනේ නෑ. ඒ කාලේ අපි රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 8ක් දිනාගත්තත් මේ වෙනකොට තරගාවලිය අපහසු එකක් බවට පත්වී ඇති බව කියන්න පුළුවන් අපි මෙවර දිනා ගත් පදක්කම් ගණනින්.” 2006 වසරේ දී ද මෙම තරගාවලියට සහභාගී වූ මේරි කොම් මෙසේ සිය අදහස් පළකර තිබුණේ ඉන්දියානු මාධ්‍ය වෙතයි.

මෙවර ඉන්දියානු කණ්ඩායමට හිමි වූයේ එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් පමණි. මේරි කොම් සිය රන් පදක්කම දිනාගත්තේ යුක්‍රේනයේ හැනා ඔකෝටාට එරෙහිව පැවති තරගයේ දී 5-0ක විනිසුරු තීරණ වලිනි.

කවුරුහරි මාව පරාද කළ දවසක මම සමුගන්නවා” ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන ප්‍රශ්න කිරීමේ දී ඇය මෙසේ පැවසුවාය. ලෝක කාන්තා බොක්සිං ශූරතාවයේ 2006 වසරේ සිට ඇය අපරාජිත ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනූෂා කොඩිතුවක්කු ද මෙම තරගාවලියේ මූලික වටයට සහභාගී විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<