ශසාඩ් – නයිබ් අයර්ලන්තයෙන් පළිගනියී

166

මීට දින දෙකකට පෙර සත්කාරක අයර්ලන්තය හමුවේ ලකුණු 72ක පරාජයකට මුහුණ දුන් ඇෆ්ගනිස්තානු කණ්ඩායම ඊයේ (21) නැවතත් සුපිරි ජයක් සමඟින් නැගී සිටින්නට සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 126ක දැවැන්ත ජයක් ලබා ගනිමිනි. ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරව අවසන් විය.

එංගලන්ත ලෝක කුසලාන අවසන් සංචිතයේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්

වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්, දඟපන්දු යවන ……

ඊයේ තරගය සඳහා අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පිටිය සූදානම් කර තිබූ අතර ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයට සමගාමී ලෙස මෙම තරගයත් දිවා තරගයක් ලෙස ආරම්භ විය. එහි දී කාසියේ වාසිය දිනා ගත්තේ අයර්ලන්ත නායක විලියම් පොටර්ෆීල්ඩ් විසිනි. කෙසේ වෙතත් ඔවුන් මුලින් පන්දු යැවීමට ගත් තීරණය දෝෂ සහගත බව තහවුරු වූයේ ඇෆ්ගනිස්තානය පිතිකරුවන්ට විශාල වාසියක් නැති මෙම තණතිල්ලේ දී පවා ලකුණු 305ක් රැස්කර ගැනීම නිසයි.

කලින් තරගයේ දී නිද්‍රාශීලීව සිටි බොහෝමයක් ඇෆ්ගනිස්තානු පිතිකරුවන් මෙම තරගයේ දී පිබිදී සිටිනු දැක ගැනීමට හැකි වූ අතර ඒ අතරිනුත් වඩාත්ම කැපී පෙනෙන ඉනිම ආරම්භක පිතිකරු මොහොමඩ් ශසාඩ් ක්‍රීඩා කළේය. ඒ පන්දු 88ක දී ප්‍රවේගකාරී ශතකයක් වාර්තා කරමිනි. කවදත් වේගයෙන් පිත්ත හැසිරවීමට රුචිකත්වයක් දක්වන ඔහු ඊයේ හතරේ පහර 16ක්ම තම ඉනිමට එක්කර ගත්තේය. මැදපෙළ පිතිකරුවන් ලෙස රහ්මත් ශා ශසාඩ්ට සහාය වූයේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් රැස් කරමිනි.

මීට අමතරව හශ්මතුල්ලා ශහිදි පන්දු 48කින් ලබාගත් ලකුණු 47 ඇෆ්ගනිස්තාන ඉනිම ගොඩ නැගීමට මනා පිටිවහලක් විය. කෙසේ වෙතත් ඔවුන්ට ලකුණු 300 සීමාව ඉක්මවීමට තීරණාත්මක සාධකය බවට පත්වූයේ පසුපෙළ පිතිකරුවෙකු ලෙස නොදැවී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නජිබුල්ලා සද්රාන්ගේ මල් වෙඩි සන්දර්ශනයයි. ඔහු පන්දු 33කට පමණක් මුහුණ දෙමින් ලකුණු 60ක් රැස්කර ගත්තේ පිටිය සිසාරා පන්දුව යොමු කරමිනි. පන්දු යැවීමේ දී මෑත කාලීනව අඛණ්ඩව දස්කම් දක්වමින් සිටින මාර්ක් අඩේර් ලකුණු 71කට කඩුලු 3ක් දවා ගත්තේය.

පාකිස්තානයේ තිදෙනෙක්ට ලෝක කුසලානයට දොර ඇරේ

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන මොහොමඩ් ………..

තරගය පැවැත්වෙන්නේ තම මව්රටේ දී වුව ද අයර්ලන්තයට මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාම පහසු නොවන බව මුල සිටම පෙනෙන්නට තිබුණි. ඒ ඇෆ්ගනිස්තාන පන්දු බල ඇණිය තම කාර්යය ඉතාමත් සාර්ථක ලෙස ඉටු කරමින් සිටි නිසයි. ඇත්ත වශයෙන්ම අයර්ලන්ත ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වූ පෝල් ස්ටර්ලින් අර්ධ ශතකයක් රැස්කර ගත්ත ද ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා යාමට හැකි අන්දමේ පිතිකරණ රටාවක් අයර්ලන්ත ඉනිම පුරාවටම දැක ගැනීමට නොහැකි විය.

මැදපෙළ පිතිකරු ගැරී විල්සන් ලකුණු 34ක් රැස් කරද්දී අනෙකුත් පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට ද හැකි නොවීය. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දකුණත් මද වේගපන්දු යවන ක්‍රීඩක ගුල්බදීන් නයිබ් ප්‍රතිවාදීන්ට ලකුණු 43ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් දවා ගත්තේය. ඒ එක්දින තරගයක ඔහු වාර්තා කළ හොඳම පන්දු යැවීමයි. ඒ අනුව තරගාවලිය ජය පැරදුමකින් තොරව අවසන් වූ අතර තරගාවලියේ වීරයා සම්මානය තරග දෙකේ දී ම ලකුණු අතරට පිවිසි අයර්ලන්ත ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින්ට හිමි විය.

ඇෆ්ගනිස්තානය – කඩුලු 7ක් දැවී ලකුණු 305 (පන්දුවාර 50): මොහොමඩ් ශසාඩ් 101, රහ්මත් ශා 62, නජිබුල්ලා සද්රාන් 60*, හශ්මතුල්ලා ශහිදි 47, අස්ගාර් ඇෆ්ගන් 14, මාර්ක් අඩේර් 3/71, ඇන්ඩි මැක්බ්රයින් 2/43, පෝල් ස්ටර්ලින් 1/13.

අයර්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 41.2): පෝල් ස්ටර්ලින් 50, ගැරී විල්සන් 34, ඇන්ඩි බැල්බර්නි 20, විලියම් පොටර්ෆීල්ඩ් 19, බැරී මැකාති 18, ගුල්බදීන් නයිබ් 6/43, රහ්මත් ශා 1/12.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<