බුබුල කැඩූ පිරිස ගැන තීරණයක් ගන්න පංච පුද්ගල කමිටුවක්

597

එංගලන්ත තරග සංචාරයේ දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා තරග තහනමක් පැනවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සඳහා සිදු කිරීමට නියමිත විනය පරීක්ෂණය සඳහා පංච පුද්ගල විනය කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.

එම ක්‍රීඩකයින් තිදෙනා UL504 දරන ගුවන් යානයෙන් පසුගිය දා (29) දිවයිනට පැමිණි අතර ඉන් පසුව ඔවුන්ව මීගමුව ප්‍රදේශයේ හෝටලයක දින 14ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ (bio-bubble) නීති උල්ලංඝනය කරමින් Durham හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් තිදෙනා රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට දෙකක් පසුගිය (28) සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනා.

ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මනුජ කාරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ලබා දී තිබෙන වාර්තාව අනුව, ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා.

එසේම මෙහි ඉදිරි විනය පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් වන තෙක් ඔවුන් තිදෙනා සඳහා ලබා දී තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම වලංගු වෙන අතර ඉදිරියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය ද ඔවුන් තිදෙනාට මඟ හැරී යාමේ අවදානමක් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ පංච පුද්ගල විනය කමිටුව සඳහා පහත සාමාජිකයින් ඇතුළත් වෙනවා,

  • අජිත් වීරසිංහ මහතා (සභාපති)
  • නිරෝෂන් පෙරේරා මහතා
  • නලින්ද ඉලංගකෝන් මහතා
  • අනුර චන්ද්‍රසිරි මහතා
  • රුවයිස් ලතීෆ් මහතා

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<