LPL 2020 තරගාවලියේ නිල සංචිත එළිදැක්වෙයි

2020 ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

512

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති Lanka Premier League ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 5 නිල සංචිත අද (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි.

2012 වසරේ පැවති SLPL තරගාවලියෙන් වසර අටකට පසු මුල්ම වරට පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම්වලට ක්‍රීඩකයන් 20 දෙනෙකු පමණක් ඇතුළත් කර ගත යුතු බවට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දී තිබුනත්, පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එක් සංචිතයකට ක්‍රීඩකයන් 22ක් ඇතුළත් කරගැනීමට පසුව අවසර ලබා දෙන ලදි.

තවත් ක්රිකට් පුවත්:

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ Shahid Afridi පිළිවෙළින් Colombo Kings, Kandy Tuskers, Jaffna Stallions සහ Galle Gladiators කණ්ඩායම් හී නායකත්වයට තෝරාගෙන ඇති නමුත් Dambulla Viikings කණ්ඩායමේ නායකයා කවුදැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

තරගාවලිය සඳහා සහභාගි වන සංචිත,

DAMBULLA VIIKING GALLE GLADIATORS KANDY TUSKERS COLOMBO KINGS JAFFNA STALLIONS
Dasun Shanaka TBC Kusal Janith Perera Angelo Mathews Thisara Perera
TBC Shahid Afridi Brendon Taylor Manpreet Singh Gony Johnson Charles
Samiullah Shenwari Chadwick Walton Irfan Pathan Andre Russell Wanindu Hasaranga
Anwar Ali Hazratullah Zazai Munaf Patel Laurie Evans Shoaib Malik
Samit Patel Mohammad Amir Sohail Tanvir Daniel Bell Drummond Usman Shinwari
Niroshan Dickwella (WK) Danushka Gunatillake Kusal Mendis Isuru Udana Avishka Fernando
Lahiru Kumara Bhanuka Rajapakse Nuwan Pradeep Dinesh Chandimal (WK) Dhananjaya De Silva
Oshada Fernando Akila Dananjaya Seekkuge Prasanna Amila Aponso Suranga Lakmal
Kasun Rajitha Milinda Siriwardena Asela Gunaratne Ashan Priyanjana Binura Fernando
Sudeep Tyagi Ashan Ali Naveen Ul Haq Ravinderpal Singh Tom Moores (WK)
Paul Stirling Azam Khan Rahmanullah Gurbaz (WK) Qais Ahmad Kyle Abbott
Lahiru Madushanka Lakshan Sandakan Kamindu Mendis Dushmantha Chameera Duanne Oliver
Upul Tharanga Shehan Jayasuriya Dilruwan Perera Jeffrey Vandersay Chathuranga De Silva
Angelo Perera Asitha Fernando Priyamal Perera Thikshila De Silva Minod Bhanuka
Ramesh Mendis Nuwan Thushara Kavishka Anjula P H T Kaushal Mahesh Theekshana
Pulina Tharanga Mohammed Shiraz Lasith Embuldeniya Lahiru Udara Charith Asalanka
Malinda Pushpakumara Abdul Nasir Kevin Koththigoda Karim Khan Sadeq Yiyakanth Viyaskanth
Aftab Alam Waqas Maqsood Vishwa Fernando Dhammika Prasad Prabath Jayasuriya
Ashen Bandara Dhananjaya Lakshan Lahiru Samarakoon Himesh Ramanayake Nuwanidu Fernando
Dilshan Madushanka Chanaka Ruwansiri Nishan Madushka Kalana Perera Kanakaratnam Kapilraj
Kavindu Nadeeshan Sahan Arachchige Chamikara Edirisinghe Tharindu Ratnayake Thevendiram Dinoshan
Sachindu Colombage Duvindu Tillakaratne Ishan Jayaratne Navod Paranavithana Sebastianpillai Vijeyaraj
Dale Steyn

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<