Kandy Tuskers කණ්ඩායමට දකුණු අප්‍රිකානු සුපිරි වේගයක්

ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

639
Dale Steyn Joins with Kandy Tuskers

දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Dale Steyn ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) Kandy Tuskers කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම් ගත වී තිබෙන බව ThePapare.com වෙත වාර්තා වේ.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) දී Royal Challengers Bangalore වෙනුවෙන් ක්‍රීඩා කළ Dale Steyn 2020 IPL තරග වාරය තුල තරග තුනක් පමණක් ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. කෙසේ නමුත් IPL ඉතිහාසයේ තරග 95ක් සඳහා ක්‍රීඩා කර තිබෙන Steyn මුළු කඩුලු 97ක් දවාගෙන තිබේ.

තවත් ක්‍රිකට් පුවත්

37 වැනි වියේ පසුවන Dale Steyn මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය සඳහා සමුදී තිබෙන නමුත් එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග තවමත් ක්‍රීඩා කරමින් සිටියි. ඔහු අවසන් වරට මේ වසරේ පෙබරවාරි මාසයේ දී පැවති දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු සංචිතය නියෝජනය කළේය.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 47ක් සඳහා ක්‍රීඩා කර තිබෙන Steyn එහි දී සම්පූර්ණ වශයෙන් කඩුලු 64ක් දවාගෙන තිබෙන්නේ එක් පන්දුවාරයකට දල වශයෙන් 6.94ක ලකුණු ලබා දීමක් සිදු කරමිනි. එය විස්සයි විස්ස වැනි වේගවත් තරග රටාවක් තුල ඉතාමත් හොඳ දස්කමකි.

ඒ අනුව Dale Steyn ඉදිරි දින කිහිපයේ දී මෙරටට පැමිණ Irfan Pathan, Sohail Tanvir, Rahmanullah Gurbaz, Brendan Taylor , Naveen Ul-Haq සහ Munaf Patel යන ක්‍රීඩකයන් හා එක්ව Kandy Tuskers නියෝජනය කිරීමට සූදානමින් පසු වේ.

එනමුත් Kandy Tuskers නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක Sohail Tanvir පසුගිය දා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතී.

Lanka Premier League තරගාවලිය මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගාවලියේ මුල්ම තරගය ලෙස Colombo Kings සහ Kandy Tuskers අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු MyCola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<