​වීදි දරුවන්ටත් ලෝක කුසලානයක්!

168

වීදි දරුවන්ගේ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමෙන් සියලු රටවල රජ්‍යයන්ට අහිංසක විදි දරුවන් පිළිබඳ ගැටලු විසඳීමට අවධානය යොමු වනු ඇතැයි හිටපු බ්‍රිතාන්‍ය අගමැති ජෝන් මේජර් AFP පුවත් සේවයට පවසා තිබුණි.

එංගලන්තය දණ ගැස්වීමට තිබූ අවස්ථාව අයර්ලන්තයට අහිමි වෙයි!

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය මැනවින් විදහා දැක්වූ තරගයක් ඊයේ (03) ඩබ්ලින් නුවර “ද විලේජ්” පිටියේ දී ක්‍රියාත්මක වූයේ ප්‍රබල එංගලන්තය සහ

තරගාවලිය සෙනසුරාදා (04) කේම්බ්‍රිජ් හිදී ආරම්භ වන අතර අවසන් මහා තරගය අඟහරුවාදා (07) ක්‍රිකට් ලොවේ මහගෙදර වන ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය ක්‍රියාත්මක වන්නේ ICC ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට මසකටත් අඩු කාලයක් තිබිය දී වීම විශේෂත්වයක්.

ඉන්දියාව වැනි ප්‍රබල ක්‍රිකට් පසුබිමක් තිබෙන රටවලින් මෙන්ම ක්‍රිකට් පසුබිමක් නැති කොන්ගෝ ජනරජය වැනි රටවලින් ද මිශ්‍ර ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියට එක්වීම විශේෂත්වයක්.

තරගාවලිය සංවිධානය කරන්නේ වීදි ළමුන්ගේ සුබසාධනය සඳහාම කැපවූ Street Child United එකමුතුවයි.

1992 වසරේ Earth Summit හිදී මුළු මහත් ලෝකයේම අවධානය වීදි දරුවන් වෙත යොමු කළ අගමැති මේජර් එහි දී බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නගරයේ සිදු වූ සමුල ඝාතනයකින් දිවි ගලවා ගත් දරුවන් රැසක් හමු විය. එහි දී ඔහු පවසා සිටියේ මිලියන 100 සිට මිලියන 150ක් දක්වා දරුවන් පිරිසක් වීදිවල ජිවත් වීම ඉතා අවාසනාවන්ත තත්වයක් බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මිනිසා සිය දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳ සතුන්ගෙන් ඉගෙන ගත යුතු බවයි.

“සල්ලි මත තමයි සියලු සංවර්ධනය රැඳෙන්නේ, කෙසේ වෙතත් අපට තෝරා ගැනීමක් තිබෙනවා” ඔහු AFP පුවත් සේවයට පවසා සිටියේ ඕවල් පිටියේ දී සියලු කණ්ඩායම් අමතමිනි.

“මම දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැන සිතා බැලීම ඉතා ඉහළ කොට සලකනවා, ඔවුන්ට ඔවුන් ගැන සොයා බලන්න කිසිවෙකුත් නැහැ”

ලෝක කුසලාන අවසන් සටනේ ශූරයින් මෙන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමෙන් පසු මේ ගෙවී යන්නේ 45 වැනි වසරය

“සත්ව රාජධානිය බලන්න. අපට දැකගත හැකියි සිය දරුවන් වෙනුවෙන් මැරෙන තෙක් සටන් කරන දෙමව්පියන්, අපි හිතාගෙන ඉන්නේ අපි උසස්ම සත්වයා කියලා, මම හිතනවා අපිත් තමන්ගේ දරුවන් ආරක්ෂා කළ යුතුයි කියා.”

තවදුරටත් අදහස් දක්වමින් මේජර් පවසා තිබුණේ මිනිසුන් විදි දරුවන්ට සලකන්නේ නැත්තේ ඇයි ද යන්න ඔහුට තවමත් සිතා ගැනීමට නොහැකි බවයි.

“මට තවමත් සිතා ගන්නා බෑ වීදි දරුවන් දකින අයට ඔවුන්ගේ සුබසාධනයට කටයුතු කරන්න බැරි ඇයි කියා, අපි අපේ දරුවන්ට අපෙන් ඈත ජීවත් වීමට ඉඩක් නොදෙන අතරම ලෝකය පුරා තවත් දරුවන් මිලියන 100-150ක් වීදිවල සිටිනවා, අපි ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියන්නේ අපි සිතන විදියේ ලොකු වැරැද්දක් තිබෙනවා”

ක්‍රිකට්ලෝලියෙක් වන මේජර් පවසා තිබුණේ Street Child United එකමුතුවේ සම නිර්මාතෘ ජෝන් ව්රෝ (John Wroe) මහතා හා මෙම එකමුතුව සංවිධානය කළ මෙම තරගාවලිය “මිනිසාගේ මනුසත් බව මිනිසාටම පෙන්වන තරගාවලියක් බවයි”.

ඔහු විශ්වාස කරන්නේ මෙම තරගාවලියෙන් මේ වීදි දරුවන් කිසිදාක අත්නොවිඳින අත්දැකීම් මෙන්ම ජීවිත කාලයම පවතින යාළුකම් ද ඇතිවිය හැකි බවයි.

“මෙම ලෝක කුසලානය මගින් මෙම විදි දරුවන් පිළිබඳ විවිධ රටවල රජයන්ගේ හා අන්තර් ජාතික ආයතන වල අවධානය යොමු කරන්න පුළුවන්. දැනට යොදන උත්සාහයට වඩා ඔවුන්ට උත්සහයක් යොදන්න බල කරන්න පුළුවන්”

“එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පිළිබඳ අවධානය යොමු කරනවා මදි. ඔවුන් දිගින් දිගටම මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන, මේක එක රැයකින් සිදු වන දෙයක් නොවේ”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<