Gayleගේ හිඩැස පුරවන්න සුපිරි ක්‍රීඩකයෙක් ලංකාවට

ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

332
Brendan Taylor

Lanka Premier League තරගාවලියේ Kandy Tuskers නියෝජනය කිරීමට සිටි කොදෙව් ක්‍රීඩක Chris Gayleගේ ඉවත් වීම නිසාවෙන් ඇති වූ හිස්තැන පිරවීම සඳහා හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායක Brendan Taylor එක්කර ගැනීමට තීරණය කර ඇත.

Brendan Taylor මීට පෙර Lanka Premier League තරගාවලියේ Dambulla Viikings කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තේරී පත්ව තිබූ නමුත් පසුව ඔහුගේ නාමය Dambulla කණ්ඩායම් නාම ලැයිස්තුවෙන් ඉවත්ව තිබුණි.

මීට පෙර Kandy Tuskers කණ්ඩායමේ සිටි විදෙස් ක්‍රීඩකයන් වූ Wahab Riaz සහ Liam Plunkett යම් හේතූන් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීම නිසාවෙන් ක්‍රීඩක ආදේශයන් කිරීමට සිදු වූ අතර කොදෙව් ප්‍රබල පිතිකරු Chris Gayle ද අවසාන මොහොතේ තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම එම කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ඒ අනුව Chris Gayleගේ ඉවත් වීම නිසාවෙන් ඇති වූ හිස්තැන සඳහා සිම්බාබ්වේ පිතිකරු Brendan Taylor එක් කරගැනීමට Kandy Tuskers කණ්ඩායම තීරණය කර ඇති අතර සිය Twitter ගිණුමේ සටහනක් තබමින් Taylor ද සිය සහභාගීත්වය තහවුරු කර තිබුණි.

ඒ අනුව Brendan Taylor ඉදිරි දින කිහිපයේ දී මෙරටට පැමිණ Irfan Pathan, Sohail Tanvir, Rahmanullah Gurbaz, Naveen Ul-Haq සහ Munaf Patel යන ක්‍රීඩකයන් හා එක්ව Kandy Tuskers නියෝජනය කිරීමට සූදානමින් පසු වේ.

තවත් ක්‍රිකට් පුවත්:

එනමුත් ඊයේ දිනයේ දී Kandy Tuskers නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක Sohail Tanvir කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතී.

Lanka Premier League තරගාවලිය මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගාවලියේ මුල්ම තරගය ලෙස Colombo Kings සහ Kandy Tuskers අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<