පාසල් රග්බි ලීගය සැප්තැම්බර්වලට කලින්?

342

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව කල් ගිය 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය කිහිප වතාවක්ම නැවත නැවතත් කල් දැමීමෙන් අනතුරුව අවසානයේ මේ වසරේ සැප්තැම්බරයේ දී නැවත ආරම්භ කිරීමට සංවිධායකයින් තීරණ කර තිබූ නමුත්, සැප්තැම්බරයට පෙර තරගාවලිය ආරම්භ කිරීමට සම්භාවිතාවක් ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.

පාසල් රග්බි පිටියේ නිවාඩුව අවසන්

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදා සිදු වූ ………

ප්‍රහාරයෙන් පසුව පාසල් රග්බි ලීග් තරගාවලිය ආරක්ෂක හේතූන් මත දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය හා පාසල් ක්‍රීඩා භාර ආචාර්යවරුන් අතර පැවති සාකච්ඡාවක දී අවසන් තීරණයකට එළඹීමට නොහැකි වීම හේතුවෙන් තරගාවලිය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර තිබුණි.

හෙට (24) ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය හා විදුහල්පතිවරුන් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවේ දී පාසල් රග්බි ලීගය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට වැඩි සම්භාවිතාවක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ThePapare.com වෙත පවසා සිටියේ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී පසුගිය සතියේ එළිදැක්වූ කාලසටහනට අනුව තරගාවලිය ක්‍රියාත්මක කිරීමට බොහෝ ඉඩකඩ ඇති බවයි.

දෙවන වටයේ තරග කාල සටහන නිකුත් වෙයි

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අවාසනාවන්ත……..

මින් පෙර තරගාවලිය සම්බන්ධයෙන් මැයි මස 7 වැනි දින පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ThePapare.com වෙත පැවසූවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් තරග සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දිය හැකි නම් නැවතත් තරගාවලිය ආරම්භ කිරීමට සූදානම් බවයි.

තවද මැයි මස දෙවැනි දා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සුගතදාස ක්‍රීඩාංගණය පාසල් රග්බි ලීගය සඳහා ලබා දිය හැකි බව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා තිබුණි.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ………

කෙසේ නමුත් හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් අනතුරුව පසුගිය සතියේ එළිදැක්වූ කාලසටහනට අනුව තරගාවලිය ක්‍රියාත්මක වන්නේ නම්, කොළඹ පාසල් සත්කාරකත්වය දරන තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ද, මහනුවර පාසල් සත්කාරකත්වය දරන තරග මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වෙනු ඇත.

එසේම අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පලිහ තරග ද කිසිදු වෙනසකින් තොරව ජුනි 1 මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී හා ජුනි 15 කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සියලු පුවත් ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<