ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

153

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවති අතර පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟින් දිවයිනේ ඇතිව තිබෙන තත්වයෙන් මිදෙමින්, සංහිඳියාව ගොඩනගා ගනිමින් ක්‍රීඩාවත් සමඟ බද්ධ වී කටයුතු කිරීමෙන් විශාල ගමනක් යා හැකි යැයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.

2015 වසරේ සිට පාසල් රග්බි ලීගයේ වැඩකාරයෝ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යනු අපට සෑම වසරකම අලුත් අත්දැකීම් වගේම විශේෂ දක්ෂතා ඇති

“අවුරුදු 10කට පස්සේ මෙහෙම වුනාම මිනිස්සු ඔක්කොම ගැස්සිලා ඉන්නේ, මමත් තවමත් ගැස්සිලා ඉන්නේ, මම විශ්වාස කරන්නේ ලංකාව නැවතත් සාමාන්‍ය තත්වයට යා යුතුයි, එහෙම නොවුනොත් දවසින් දවස ප්‍රමාද වෙනවා.”

“අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තමයි පාසල් ක්‍රීඩාවෙන් තියෙන්නේ, ඒවාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් තමයි තීරණ ගන්න ඕන, අපි බලාගෙන ඉන්නවා ඒගොල්ලන් මොනවද කියන්නේ කියල. අපි දැනටමත් කැමතියි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය හා සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය පාවිච්චි කරන්න ලබා දෙන්න, අපි ඒවාට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නම්” යනුවෙන් එතුමා වැඩිදුරටත් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

“ආරක්ෂක අංශ තමන්ගේ කාර්යය කරනවා වගේම අපි අපේ ජීවිතයේ සාමාන්‍ය කටයුතු කළේ නැත්තම් අපිට ගොඩක් අමාරු වෙනවා නැවතත් සාමාන්‍ය තත්වයට එන්න, සංහිඳියාව හදාගෙන ක්‍රීඩාවත් එක්ක බද්ධ වෙලා ගියොත් අපිට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ පවතින තත්වය හමුවේ ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව අදහස් දක්වමිනි.

සංවිධායකයින් එකතු වී බ්‍රැඩ්බි කල් දමයි

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත සිදුවීම නිසාවෙන් මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරග සියල්ල දින නියමයක් නොමැතිව කල් ගිය අතර පාසල් රග්බි පිටියේ පැවැත්වෙන දැවැන්ත සංග්‍රාමයක් වන බ්‍රැඩ්බි පලිහ ද කල් දැමීමට සිදු විය.

කෙසේ නමුත් රග්බි තරග නැවත ආරම්භ වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මැයි මස 7 වැනිදා අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<