ඕස්ට්‍රලේෂියා කුසලාන ගෘහස්ථ ක්‍රිකට් පිටියේ වැඩි ගෞරවය ලෝක ශූරයින්ට

265

ඕස්ට්‍රලේෂියා කුසලානය වෙනුවෙන් පැවති ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය පසුගිය 20 වැනිදා සිට පුරා දින 4ක් පුරාවට තලවතුගොඩ පිහිටි ඔස්තේෂියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ අතර එහි වැඩි ගෞරවය දිනා ගැනීමට ගෘහස්ථ ක්‍රිකට් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සමත් විය. මේ  සාර්ථක තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් සංගමය විසිනි.

ශ්‍රී ලංකා ඉලක්කයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ තවත් තරග කිහිපයක් අද (24) කොළඹ SSC හා NCC ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්විය. අද පැවති…

විවෘත පිරිමි, විවෘත කාන්තා, අවුරුදු 21න් පහළ පිරිමි හා කාන්තා යන කාණ්ඩයන් 4 යටතේ පැවැත්වූ මේ ක්‍රිකට් තරගාවලිය ඉතාමත් වේගවත් ක්‍රීඩා රටාවකට හිමිකම් කියයි. විවෘත පිරිමි කාණ්ඩය හැරෙන්නට අනෙකුත් කාණ්ඩයන් තුන (විවෘත කාන්තා, අවුරුදු 21න් පහළ පිරිමි හා කාන්තා) තරග සඳහා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව පමණක් තරග වදින ලදි. එම අංශයෙන් තුනේම පැවති තරගවල දී ද වැඩි ගෞරවය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වන අතර ඒ ලැබුණු අත්දැකීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අනාගතයේ දී ගෘහස්ථ ක්‍රිකට් පිටියේ  වැඩි දස්කම් දැක්වීමට විශාල පිටිවහලක් වනු නිසැකය.

විවෘත පිරිමි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා සිංගප්පූරුව ඕස්ට්‍රලේෂියා කුසලානය වෙනුවෙන් ලීග් ආකාරයට තරග වැදුණු අතර සෑම කණ්ඩායමක්ම එක් කණ්ඩායමක් සමඟින් දෙවතාවක් තරග වැදුණි.

ලීග් තරගාවලියේ මූලික වටය අවසානයේ එහි පෙරමුණ ලබා ගත් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දියාව විවෘත පිරිමි අංශයේ ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන ලදි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග හයෙන් ජය ලබා ගැනීමට සමත්කම් දක්වන ලද්දේ තරග දෙකක් පමණි. ඒ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 20ක ප්‍රමාණයක් හිමි වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ තෙවන ස්ථානයයි.

“ආසියානු කුසලානයේ පරාජය වෙනුවෙන් මාව බිල්ලට දුන්නා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ පරාජයට තමන් වරදකරුවෙකු කර තමාව බිල්ලට දී ඇති බව ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට…

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 121ක් ලබා ගත් අතර එයට පිළිතුරු දුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලබා දුන් දුර්වල ආරම්භය නිසා ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ඍණ ලකුණු 32කි. (-32) ඒ අනුව ලකුණු 153ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ටිමෝති ෆ්ලොරිස් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

>>මේ තරගාවලියේ සියලුම තරග ප්‍රතිඵල<<

වර්ෂ 1995 සිට මෙතක් පවත්වා තිබෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 10 තුල සෑම වතාවක දී ම කාන්තා හා පිරිමි ලෝක කුසලානය දිනා ගෙන තිබෙන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු  ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම් ය. එය ලෝක ගෘහස්ථ ක්‍රිකට් ඉතිහාසය තුල ඉතාමත් කැපී පෙනෙන සිදුවීමකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<