විදේශීය විනිසුරුවරයෙක් මෙරටට පැමිණෙයි

382

ඩයලොග් රග්බි ලීගයේ මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග දෙකක් සඳහා විදේශීය විනිසුරුවරයෙකුගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත. ඒ අනුව විදෙස් විනිසුරුවරයෙකු වන Lawrence Wilkinson මහතා ඩයලොග් රග්බි ලීගයේ තරග දෙකක් සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.

තවත් ක්‍රීඩකයෙකුට තරග තහනමක්

මෙවර ඩයලොග් රග්බි ලීගයේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු..

ඩයලොග් රග්බි ලීගයේ 2වන වටයේ අපරාජිතව සිටින කණ්ඩායම් දෙක වන හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර තරගය Wilkinson මහතා සහභාගී වන ප්‍රථම තරගය වේ. ඉන්පසු පැවැත්වීමට නියමිත මහනුවර ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම අතර තරගය සඳහා ද Wilkinson මහතා විසින් විනිසුරුවරයෙකු ලෙස සහභාගී වනු ඇත.

මීට පෙර ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් මෙම තරගය සඳහා දේශීය විනිසුරුවරයෙකු පත්කර තිබූ නමුත් හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් මෙසේ විදෙස් විනිසුරුවරයෙකුගේ සහාය ලබාගැනීමට තීරණය කර ඇත.

ජාතින් හයක් උරෙනුර ගැටෙන සුප්‍රකට “Six Nations” රග්බි ශූරතාවලිය

ලාංකීය රග්බි පිටියේ උණුසුම් තතුවිත්ති නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එන..

නවසීලන්ත ජාතිකයෙකු වන Lawrence Wilkinson මහතා Elite Asia Panel හි සාමාජිකයෙකු වේ.

මෙවර ඩයලොග් රග්බි ලීගයේ මහනුවර ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම ක්‍රීඩා කළ තරගයේ දී ද විදෙස් ජාතිකයෙකු වූ Charlie Brown මහතා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.


>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<