පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට යන නිල ශ්‍රී ලංකා සංචිතය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

689

මෙම මාසය අවසානයේ ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් ලැයිස්තුව ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය විසින් නිකුත් කර තිබෙනවා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා මෙරටින් ක්‍රීඩකයින් 50 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් නිලධාරීන් ඇතුළු 161ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

Aquatics ඉසව්ව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක්, මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක්, බැඩ්මින්ටන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක්, බොක්සිං සහ ජිම්නාස්ටික් ක්‍රීඩා සඳහා අට බැගින්, ජූඩෝ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු, Squash ක්‍රීඩාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතරක් සහ Wrestling සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයක් සහභාගී වීමට නියමිතයි.

මීට අමතරව බර ඉසිලීම ඉසව්ව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හතර දෙනෙකු සහ ක්‍රීඩකයින් හය දෙනෙකු තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

කණ්ඩායම් ඉසව්වන් ලෙස පැසිපන්දු, වෙරළ වොලිබෝල්, කාන්තා ක්‍රිකට්, සත් සාමාජික රග්බි, මිශ්‍ර බැඩ්මින්ටන් තරග නියෝජනය කිරීමට මෙරට කණ්ඩායම් සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ පැරා ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතයි.

>>තරගාවලිය සඳහා සහභාගී වන අවසන් ක්‍රීඩක ලැයිස්තුව<< 

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<