තාවකාලික සමුගැනීම ගැන මැක්ස්වෙල් කතා කරයි

158
Glenn Maxwell

ග්ලෙන් මැක්ස්වෙල් 2019 වසරේ මැද භාගයේ දී ඔහුගේ මානසික මනෝභාවය පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කළේය. ඒ අනුව 2019 ඔක්තෝම්බර් මාසයේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගැනීමට ඔහු තීරණය කළේය. 

නිවාඩු නැතුව IPL වලට ලෑස්ති වෙන ස්ටෝක්ස්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පවසන්නේ ලබන මාසයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග්

කලකට පසුව ග්ලෙන් මැක්ස්වෙල් ඔහු ගත් මෙම තීරණය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පසුගියදා එක්විය. ඔහු පවසා සිටියේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී තමාට ආබාධයක් සිදුවූ අවස්ථාවේ දී ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට ඇත්නම් එය වටිනා බව හැඟී ගිය බවයි. 

මැන්චෙස්ටර් හි දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර පැවති පුහුණු සැසියක සිදුවීම් විස්තර කරමින් 31 හැවිරිදි ඔහු යම් අඳුරු තැනකට ලිස්සා ගොස් ඇති බව ඔහුට දැනුන නමුත් ඔහු මානසික අවපීඩනය හා කාංසාව සමඟ පොරබදමින් සිටින බව දැන නොසිටි බව කියා සිටියේය. ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවති තරගකාරී පුහුණු සැසියක දී මැක්ස්වෙල් සහ ෂෝන් මාෂ් යන දෙදෙනාගේම අතට පන්දුව වැදී ඇති අතර මේ නිසා මාෂ්ට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය. මැක්ස්වෙල් අවසන් පූර්ව වටය දක්වා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඔහු ලෝක කුසලාන තරග 10ක දී ලකුණු 22.12ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 177ක් රැස්කර ගැනීමට සමත් විය. 

“ඔහු (මාෂ්) ඇතුළට එන විට කරදරයක වැටී ඇති බව මම දැන සිටියා. වහාම ඔහු ගැන මට දුකක් දැනුනා. මම හිතුවේ ඔහු හොඳින් කියලා. ඒත් මට එක පාරම හිතුනා අපගේ ප්‍රවෘත්ති මාරු කරගන්න තිබ්බා නම් කියලා. මාෂ්ගේ අත කැඩිලා තිබුනේ.” මැක්ස්වෙල් Ordineroli Speaking podcast වෙත පැවසීය.  

“අපි දෙන්නා එකට රෝහලට ගියේ. අපි දෙන්නම එතන ඉඳගෙන හිටියේ. මම හිතන්නේ අපි දෙන්නම ප්‍රතිවිරුද්ධ ප්‍රවෘත්ති බලාපොරොත්තුවෙන් හිටියේ. මට පහරක් වැදුනහම, මට තරහ ගියා. මට හිතුනා මගේ අත කැඩුනා නම් කියලා.”  

“මම ‘මේක තමයි වෙලාව, මට විවේකයක් අවශ්‍යයි’ කියලා මටම කියාගත්තා. ආපසු එනකොට මම අතරමග දී හිතුවේ මට කළ හැකි දේවල් ගැනයි. මට අනෙක් පුද්ගලයින් කෙරෙහි කෝපයක් ඇති වුනා. එය තේරුමක් නැති වුනත් මට මේ ලෝක කුසලාන තරගාවලියේ දී හරියට ක්‍රීඩා කිරීමට නොහැකි වීම ගැන මා ගැනම කෝපයක් ආවා. මම සිතුවේ මට එය පහසුවෙන් අමතක කරන්න පුළුවන් කියලා. මොකද මා යම් අවධියක දී කණ්ඩායමෙන් ඉවත් කරාවි කියලා මට හිතුනා. මේ ඒකට වෙලාව කියලත් මට හිතුනා.” 

පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 28ක දී ලකුණු 62ක් රැස්කර ගනිමින් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවේ සත්කාරක තරගාවලිය ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කළේය. ඉන් අනතුරුව විකාශකයින් සමඟ සම්බන්ධවී සිටිය දීම දක්ෂ දුවද්දී දැවී යාමක් ලබා ගැනීමට ද ඔහු සමත් විය. කෙසේ වෙතත් දින හතරකට පසුව ඔහු ඒ කිසිවක් භුක්ති විඳ නැති බවත් ඔහුට විවේකයක් අවශ්‍ය බවත් කණ්ඩායමට පැවසීය. 

‘Mankad’ වෙන්න එපා, කඩුල්ලෙම ඉන්න

රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තයේ ජොස් බට්ලර් සමඟ ඔහුගේ ‘Mankad’ දවා ගැනීම මතක් කරමින් ඉන්දීය ජනතාවට

“මම ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. මම පන්දු 30කට වඩා අඩු ගණනකින් ලකුණු 60ක් රැස්කර ගත්තා. ඒ වගේම පිත්තේ මැදට පන්දුව වැදුනේ නැත්තේ කලාතුරකින්. නමුත් ඒ කිසිවක් මම භුක්ති වින්දේ නැහැ.” ඔහු පැවසීය. 

“මම ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරමින් සිටිය දී ඒකෙන් කිසිඳු සතුටක් ලැබුනේ නැති එක මට ලොකු හිසරදයක් වුනා.” 

“මම ඒක කණ්ඩායමට ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියා. ඔවුන් දැනගෙන හිටියේ නෑ කුමක්ද සිදුවෙන්නේ කියලා. මම මේ ගැන ආරොන් ෆින්ච්ටවත් කීවේ නෑ. මා සමඟ සිදුවන දෙයින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වෙන එකට මම කැමති වුනේ නෑ. මම ෆින්ච් වෙත ගොස්, ‘මම ඉවරයි, මම ටිකක් විවේක ගන්නවා’ කියලා කිව්වා. යමක් සිදුවී ඇති බව තමා දුටු බව ඔහු මට කිව්වා. මම ඒ ගැන ඔහුට කිව්වම ඔහු කිව්වා ‘එඩිතර තීරණයක්, ඒක හොඳ දෙයක්’ කියලා.”

“හැමෝම පිටව ගිය පසු මම කඳුළු සැලුවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මම ඕනෑම හැඟීමක් පෙන්වූ පළමු අවස්ථාව එය. ඊළඟ දින දෙක තුන තුළ මට සිදුවුන දේ මම ඊළඟ මාස හයේ දී අත්වින්ද නරකම දේ. මට ලැබුන සහයෝගය කොතරම් විශාලද යත්, එය මට ලොකු සහනයක් ගෙනාවා. මට අවශ්‍ය වූයේ තවදුරටත් මගේ කුඩා සිදුරට යන්න. ඒකෙන් පිටතට නොපැමිණීමට. මම බොහෝ දෙනෙකුව අධෛර්යමත් කරනවා කියලා මට දැනුනා. මම කරන්නේ කුමක්දැයි මම දැනගෙන හිටියේ නෑ.” ඔහු පැවසීය. 

කොරෝනා රෝගීන්ට සුවය ගේන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්වෙයි

ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා

මැක්ස්වෙල් නොවැම්බර් මස අග භාගයේ වික්ටෝරියා ප්‍රිමියර් ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වීමෙන් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම සටහන් කළේය. පසුව බිග් බෑෂ් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි මැක්ස්වෙල්, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වය ද දැරීය. බිග් බෑශ් තරගාවලියේ දී ඔහු තරග 17ක් ක්‍රීඩා කරමින් ලකුණු 398ක් වාර්තා කළේ පන්දුවට පහර දීමේ වේගය 148.51ක් ලෙස සටහන් කර ගනිමිනි. 

වැලමිටට තුවාල සිදුවීමට පෙර මැක්ස්වෙල් දකුණු අප්‍රිකාවේ සීමිත පන්දුවාර තරගාවලිය සඳහා නැවත ජාතික කණ්ඩායමට යාමට නියමිතව තිබිනි. පසුව ඔහුගේ ආබාධය ශල්‍යකර්මයකට ලක්කිරීම නිසාවෙන් මැක්ස්වෙල්ගේ ජාත්‍යන්තර ආගමනය තරමක් ප්‍රමාද විය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<