Home Sinhala ඉන්දු – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

205

ඉන්දීය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 39ක ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරග තුනකින් යුත් මෙම තරගාවලියේ මුල් තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගාවලියේ පෙරමුණ දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්ව තිබූ අතර පූර්ණ තරගාවලි පරාජයෙන් බේරීම සඳහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වුනා.

අද (07) කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

  • ඉන්දීය කාන්තා කණ්ඩායම: Shafali Verma, Smriti Mandhana, Yastika Bhatia, Harmanpreet Kaur (c), Harleen Deol, Deepti Sharma, Richa Ghosh, Pooja Vastrakar, Renuka Singh, Rajeshwari Gayakwad, Meghna Singh
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා මාධවී, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, රශ්මි ද සිල්වා, අමා කාංචනා, ඉනෝකා රණවීර

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Smriti Mandhana ලකුණු 06කට දවා ගැනීමට කවීෂා ඩිල්හාරිට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 30ක් වන විටයි.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 59ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 30ක් ලබා සිටි Yastika Bhatia දැවී ගියේ ඉනෝකා රණවීර යොමු කළ පන්දුවක් හමුවේයි.

ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වූ Shafali Verma ලකුණු 49ක් ලබා සිටිය දී දවා ගැනීමට රශ්මි ද සිල්වාට හැකි වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 92ක් ලෙසයි.

එම කඩුල්ලෙන් පසුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 22ක් තුළ ඉන්දිය කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනේ ඉන්දීය පසු පෙළ පිතිකාරිණියන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ ඉන්දීය නායිකා Harmanpreet Kaur සහ Pooja Vastrakar හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 97ක සම්බන්ධතාවක් පිහිටුවමින් ඉන්දීය ඉනිම ඉහළ නැංවුවා.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ Harmanpreet Kaur පන්දු 88ක් තුළ ලකුණු 75ක් ලබා ගැනීමෙන් අනතුරුව පිටියෙන් ඉවත් වූ අතර Pooja Vastrakar නොදැවී ලකුණු 56ක් රැස් කළේ පන්දු 65කට මුහුණ දෙමිනුයි.

එම සම්බන්ධතාව නිසාවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් ලබා ගැනීමට සමත් වුනා.

ලකුණු 256ක විශාල ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7 දී දවා ගැනීමට Meghna Singhට හැකි වුනේ යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

දෙවැනි කඩුල්ල සඳහා හසිනි පෙරේරා සමඟ එක්ව ලකුණු 56ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 44ක් ලබා සිටි ප්‍රබල ක්‍රීඩිකා චමරි අතපත්තුව දවා ගැනීමට ඉන්දීය නායිකා Harmanpreet Kaurට හැකි වුනා.

ඉන්දීය ක්‍රීඩිකාවන්ට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ Rajeshwari Gayakwad විසින් කවීෂා ඩිල්හාරි ලකුණු 12කට සහ හසිනි පෙරේරා ලකුණු 39කට පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 110/4ක් බවට පත් කරමිනුයි.

පස්වැනි කඩුල්ල සඳහා නිලක්ෂි ද සිල්වා සමඟ එක්ව ලකුණු 36ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 22ක් ලබා සිටි හර්ෂිතා මාධවී දැවී ගියේ Harleen Deolගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

ඒ සමඟ ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රීඩිකාවන් විසින් අනුෂ්කා සංජීවනී එක් ලකුණකට සහ අමා කාංචනා ලකුණු දෙකකට නැවත ක්‍රීඩාගාරයට හරවා යැව්වේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

ඉන්පසුව පිටියට පිවිසි ඕෂධී රණසිංහ හට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදුන් Pooja Vastrakar ඇයව එක් ලකුණකට පිටියෙන් ඉවත් කළා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 48ක් රැස් කළත් ඉන්දීය පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 47.3ක් අවසානයේ ලකුණු 216කට සීමා වුනා.

ඒ සමඟින් මෙම තරගය ලකුණු 39කින් ජය ගනිමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Result


Sri Lanka Women
216/10 (48)

India Women
255/9 (50)

Batsmen R B 4s 6s SR
Shafali Verma lbw b Nilakshi de Silva 49 50 4 0 98.00
Smriti Mandhana c Anushka Sanjeewani b Kavisha Dilhari 6 20 0 0 30.00
Yastika Bhatia c Ama Kanchana b Inoka Ranaweera 30 38 5 0 78.95
Harleen Deol st Anushka Sanjeewani b Nilakshi de Silva 1 3 0 0 33.33
Deepti Sharma c Hasini Perera b Oshadi Ranasinghe 4 11 0 0 36.36
Harmanpreet Kaur c Oshadi Ranasinghe b Chamari Athapaththu 75 88 7 2 85.23
Richa Ghosh c Chamari Athapaththu b Inoka Ranaweera 2 9 0 0 22.22
Pooja Vastrakar not out 56 65 0 3 86.15
Meghna Singh b Chamari Athapaththu 8 13 1 0 61.54
Renuka Singh b Ama Kanchana 2 3 0 0 66.67
Rajeshwari Gayakwad not out 3 2 0 0 150.00


Extras 19 (b 0 , lb 0 , nb 2, w 17, pen 0)
Total 255/9 (50 Overs, RR: 5.1)
Bowling O M R W Econ
Ama Kanchana 9 0 60 0 6.67
Oshadi Ranasinghe 9 0 42 1 4.67
Kavisha Dilhari 8 0 30 1 3.75
Inoka Ranaweera 10 0 22 2 2.20
Rashmi de Silva 6 0 53 2 8.83
Chamari Athapaththu 8 0 45 2 5.62


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c Rajeshwari Gayakwad b Meghna Singh 3 10 0 0 30.00
Chamari Athapaththu c Harmanpreet Kaur b Pooja Vastrakar 44 41 8 0 107.32
Hasini Perera b Rajeshwari Gayakwad 39 57 3 0 68.42
Kavisha Dilhari st Rajeshwari Gayakwad b Yastika Bhatia 12 28 0 0 42.86
Harshitha Samarawickrama b Harleen Deol 22 28 1 0 78.57
Nilakshi de Silva not out 48 59 2 1 81.36
Anushka Sanjeewani b Pooja Vastrakar 1 4 0 0 25.00
Ama Kanchana st Rajeshwari Gayakwad b Yastika Bhatia 2 5 0 0 40.00
Oshadi Ranasinghe c Pooja Vastrakar b Yastika Bhatia 1 5 0 0 20.00
Rashmi de Silva b Meghna Singh 18 24 4 0 75.00
Inoka Ranaweera b Deepti Sharma 10 24 1 0 41.67


Extras 16 (b 0 , lb 7 , nb 0, w 9, pen 0)
Total 216/10 (48 Overs, RR: 4.5)
Bowling O M R W Econ
Renuka Singh 8 0 33 0 4.12
Meghna Singh 7 0 32 2 4.57
Deepti Sharma 9 0 47 1 5.22
Rajeshwari Gayakwad 10 0 36 3 3.60
Harmanpreet Kaur 5 0 21 1 4.20
Pooja Vastrakar 7 0 33 2 4.71
Harleen Deol 2 1 7 1 3.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<