ශ්‍රී ලංකාව ටර්ක්මෙනිස්තානය හමුවේ අසාර්ථක වෙයි

95

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (05) ටර්ක්මෙනිස්තානය සමඟින් කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති අතර එහි දී ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට ටර්ක්මෙනිස්තානය සමත් විය. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිසරදයක්

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු පාපන්දු කුසලානය…..

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකුට ආබාධ නිසා මෙම තරගයට සහභාගි වීමට නොහැකි විය. ඒ අනුව මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයන් වන උදය කීර්ති හා ජූඩ් සුමාන් හා ගෝල රකින ක්‍රීඩකයෙකු වන රසීක් රිශාඩ් මෙම තරගයට ක්‍රීඩා කළේ නැත. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේ දී ම ප්‍රබල සටනක් ලබා දීමට ටර්ක්මෙනිස්තානය සමත් විය. මුල් මිනිත්තු 3 ඉක්මවා යාමටත් පෙර ගෝලයක් ලබා ගැනීම සඳහා ටර්ක්මෙනිස්තානය ප්‍රබල උත්සාහයක් ගත් අතර ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ දක්ෂ ගෝල රැකීම හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වී ගියේය. 

තරගයේ 8 වැනි මිනිත්තුවේ දී පිටියෙන් ඉවතට ගිය පන්දුවක් සාර්ථකව පාලනය කරගනිමින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ටර්ක්මෙනිස්තාන කණ්ඩායමේ Orazsahedov Vahyt සමත් විය. 

ඒ සමඟින් තරගයේ ආරම්භයේ දී ම පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. තවත් ගෝලයක් ලබා ගනිමින් තරගයේ ග්‍රහණය තමන් සතුකර ගැනීමට ටර්ක්මෙනිස්තානය 15 වැනි මිනිත්තුවේ දී හා 16 වැනි මිනිත්තුවේ දී උත්සාහ කළ අතර එම උත්සාහයන් සුජාන්ගේ දක්ෂතා නිසාවෙන් ව්‍යර්ථ වී ගියේය. 

17 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබාගැනීමට ප්‍රබල අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර කවිඳු ඉශාන්ගේ පා පහර ටර්ක්මෙනිස්තාන ගෝලය තුලට යාමට නොදී රැකගැනීමට ටර්ක්මෙනිස්තාන ගෝල රකින්නා සමත් විය. 

පළමු තරගයට පෙර සූදානම ගැන පකීර් අලී අදහස් දක්වයි

2022 දී කටාර් රාජ්‍ය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක….

ටර්ක්මෙනිස්තාන කණ්ඩායම මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල තරග රටාවක් අනුගමනය කරමින් වැඩි වේලාවක් පන්දුව තමන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් විය. 

තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හා ටර්ක්මෙනිස්තාන කණ්ඩායමට අවස්ථාවන් කීපයක් ලැබුණ නමුත් එම අවස්ථාවන් සාර්ථක කර ගැනීමට කණ්ඩායම් දෙකටම අවස්ථාව උදා වූයේ නැත. 36 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ජූඩ් සුපුන්ට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේය. 

පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට අවස්ථාව නොලැබුනු අතර පළමු අර්ධය නිමා වූයේ ටර්ක්මෙනිස්තානයට එක් ගෝලයක වාසියක් ලබා දෙමිනි. 

පළමු අර්ධය: ටර්ක්මෙනිස්තානය 01 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබාගැනීමට කණ්ඩායම් දෙකම උත්සාහ කළ අතර ටර්ක්මෙනිස්තානය 51 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට ගත් උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට සුජාන් පෙරේරා සමත් විය. 

නමුත් 52 වැනි මිනිත්තුවේ දී විනිසුරුවන් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් රත්නායකට කහ කාඩ්පතක් නිකුත් කළ අතර එහි දී ලැබුණු නිදහස් පහර සාර්ථක කරගැනීමට ටර්ක්මෙනිස්තාන ක්‍රීඩක Amanov Arslan සමත් විය. ඒ ටර්ක්මෙනිස්තානයේ දෙවන ගෝලයයි. 

Juventus – Napoli ද්වන්ද සටනක; Chelsea සහ Dortmundට නොසිතූ අභියෝග

එංගලන්ත Premier League සහ ප්‍රංශ Ligue 1 තරගාවලිවල සිව්වැනි සතියේ…..

දෙවන අර්ධයේ දී ටර්ක්මෙනිස්තානය ලබා ගත් ප්‍රබල ආරම්භයට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වීම නිසා ගෝල ලබා ගැනීමේ අවස්ථාවන් කීපයක්ම මගහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි. 

එම කාලය අතරතුර ටර්ක්මෙනිස්තානය ගෝල ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් කීපයක් ලබාග ත් අතර සුජාන් පෙරේරා එම අවස්ථාවන් සියල්ල ව්‍යර්ථ කළේ ලකුණු තත්ත්වය ගෝල 2-0ක් ලෙස පවත්වා ගනිමිනි. තරගයේ 82 වැනි මිනිත්තුවේ දී ටර්ක්මෙනිස්තානය නිදහස් පහරක් මගින් ගෝලයක් ලබාගැනීමට උත්සාහ කල අතර එහිදී ඔවුන් පන්දුව ගෝලට තුලට යොමු කළ ද එම අවස්ථාවේ දී ක්‍රීඩකයා offside වීම නිසා එම ගෝලය අවලංගු කෙරිනි. 

තරගයේ නියමිත කාලය අවසන් වන තුරුම කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට නොහැකි වූ අතර තරගය නිමා වූයේ ටර්ක්මෙනිස්තානයට ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ටර්ක්මෙනිස්තානය 02 – 00 ශ්‍රී ලංකාව

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<