ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිසරදයක්

75

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු පාපන්දු කුසලානය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය එළඹෙන සැප්තැම්බර් මස 5 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වීමට නියමිතය. ඒ ටර්ක්මෙනිස්තානයට එරෙහිවයි. තරගය පස්වරු 7.30ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා සටනින් ප්‍රබල ටර්ක්මෙනිස්තානුවන් දෙදෙනෙකු ඉවතට

කටාර් හීදී පැවැත්වීමට නියමිත 2022 FIFA පාපන්දු ලෝක කුසලාන ……..

කෙසේ වෙතත් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු ආබාධයට ලක්වීම කණ්ඩායමට තරමක හිසරදයක් ව තිබේ.

ඒ අනුව මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයන් වන උදය කීර්ති හා ජූඩ් සුමන් හා ගෝල රකින ක්‍රීඩකයෙකු වන රසීක් රිශාඩ් මෙලෙස ආබාධ නිසාවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වය පසුවේ.

ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායමේ ගෝල රකින්නා වන රසීක් රිශාඩ් දණහිසේ ආබාධයක් නිසාවෙන් සැත්කමකට භාජනය වූ අතර ඔහුට දීර්ඝ කාලීන විවේකයක් අවශ්‍යව ඇත. එම නිසා ඔහුට එළඹෙන තරග තුනම අහිමි වනු ඇත.

ජූඩ් සුමන් යතුරුපැදි අනතුරක් නිසාවෙන් ආබාධයට ලක්ව සිටින අතර ඔහුට තරගාවලියේ මූලික තරග දෙක අහිමි වනු ඇත. ඔහු පසුගිය සති දෙක පුරාවට පුහුණුවීම් සඳහා සහභාගි වී නැත.

Arsenal ජය සැමරුමට offside හරස් වෙයි

එංගලන්ත Premier League තරගාවලියේ ….

පුහුණුවීම් අතරතුර දණහිසේ සිදු වූ ආබාධයක් නිසාවෙන් උදය කීර්ති හට පසුගිය පුහුණුවීම් මඟහැරී ඇති අතර එම නිසා ඔහුට එළඹෙන තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ආබාධ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනය වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<