FIFA සංවිධානය කරන පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය

FIFA Series 2024

226

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නවතම පාපන්දු තරගාවලිය වන FIFA Series තරගාවලියේ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තෝරා ගෙන තිබෙනවා. 

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පසුගිය 26 වැනි දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත මේ පිළිබඳ දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති අතර, මෙහි දැක්වෙන පරිදි ලොව පුරා විවිධ මහද්වීපවල විසිරී ඇති පාපන්දු ක්‍රීඩා කරන රටවලට එකිනෙකා සමඟ තරග වැදීමේ අවස්ථාව නිර්මාණය කිරීමට සහ FIFA සාමාජික රටවල් අතර සහයෝගිතාව වර්ධන කිරීමේ අභිලාෂය මත මෙම FIFA Series තරගාවලිය ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලි අදියර සඳහා භූතානය, මධ්‍යම අප්‍රිකා ජනපදය සහ පැපුවා නිව් ගිනියාව යන රටවල් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දීමට එකඟ වීම සම්බන්ධයෙන් FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිය ස්තුතිය පුද කර තිබෙනවා. 

තරගාවලිය පිළිබඳ ඉතිරි විස්තර නුදුරේ දී ම දැනුම් දීමට නියමිත අතර, බොහෝ විට එය එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වෙනු ඇති. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<