FIFA විසින් 8 දෙනෙකුට එරෙහිව වාරණ

199

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පසුගිය බදාදා (24) පාපන්දු ක්‍රීඩාවේ දැනට නියැලෙන සහ කලකට ඉහත දී නියැලුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ එක් නිලධාරියෙකු ද ඇතුළුව පුද්ගලයින් අට දෙනෙකුට පාපන්දු තරග මෙන්ම ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වීමේ වරම ජීවිතාන්තය දක්වා අහිමි කරමින් වාරණයන් පැනවීමට පියවර ගෙන තිබේ. තවද ඔවුන් මෙම සියලුම චෝදනාවන් සඳහා තමන් වරදකරුවන් වන බවට පිළිගෙන තිබීම ද කැපී පෙනේ.

ශ්‍රී ලංකාව සහ මැකාවු පාපන්දු ලෝක කුසලාන සිහිනයට පොර අල්ලයි

2022 වර්ෂයේ දී කටාර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය සහ ඉන් වසරකට…

මෙසේ තහනමට ලක් වූවන් අතරින් සියොරා ලියෝන් කණ්ඩායම නියෝජනය කළ ඊබ්‍රහීම් කාර්ග්බෝ සහ ට්‍රිනිඩැඩ් ටොබෑගෝ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කියෙනෝ තෝමස් යන අයගේ නම් ඉහළින්ම කියැවේ. ඒ අනුව මින් ඉදිරියට ජාත්‍යන්තර තලයේ පැවැත්වෙන පාපන්දු හා සබැඳුණු කිසිදු ක්‍රියාකාරකමක නිරත වීමේ අවස්ථාව ඔවුන් හට මඟහැරී යාමේ අවදානමට ලක් වී තිබේ.

මීට අමතරව බෙනින්, ඇෆ්ගනිස්තානය සහ කියුබාව යන රටවල ක්‍රීඩකයින් සහ සිම්බාබ්වේ කණ්ඩායම් නියෝජිත කුඩ්සනායි ෂාබා මේ වරදට හසුවූ අනෙක් චූදිතයින් ලෙස මෙම දඬුවමට භාජනය වී තිබේ.

කෙන්යානු ක්‍රීඩක ජෝර්ජ් ඔවීනෝ ඖඩි හට වසර දහයක තරග තහනමකට අමතරව සුවිස් ෆ්‍රෑන්ක් 15,000ක දඩ මුදලකට යටත් වීමට සිදුව ඇත.

ශ්‍රී ලංකා පාපන්දුවේ නිල පන්දු සපයන්නාට අලුත් සන්නාමයක්

NIVIA Football, ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සන්නාමයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකා පාපන්දුවට පණ…

මහා පරිමාණයෙන් තරග පාවා දීම් සඳහා ක්‍රීඩකයින් පොලඹවා ගනිමින් සිය සූදු ව්‍යාපාරය ඉහළ නංවා ගැනීමට වෙර දැරූ සිංගප්පූරු ජාතික විල්සන් රාජ් පෙරුමාල් සහ ඔහු විසින් නායකත්වය දෙමින් පාවා දීම් සඳහා පෙලඹ වූ තරග  පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයන්ගෙන් සහ විමර්ශනයන්ගෙන් අනතුරුව පාපන්දු පාලන අධිකාරීන් විසින් මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

මෙවැනි වංචා සහ දූෂණ සිදුවීම් රැසක් පිළිබඳව මහා පරිමාණ පරීක්ෂණ සහ විමර්ශන රැසක් සාර්ථකව මෙහෙයවීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හට අපක්ෂපාති සිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහයෝගයත්, අදාළ පාර්ශවයන්ගෙන් ලැබුණු දිරිමත් කිරීමත් මහත් සේ පිටිවහලක් වූ බව ඔවුහු සඳහන් කර සිටියහ.

මූලාශ්‍රය – AFP

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<