ගෙවුනු දවස අගෝස්තු 25 – ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

186
Sri lanka sports news last day summary August 25th

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

නායකත්වයට අලුත් කෙනෙක්

Tharanga out for 2 gamesශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ විස්සයි 20 කණ්ඩායමේ නායක උපුල් තරංග හට තරග දෙකක තහනමක් පැනවීමට ICCය තීරණය කර ඇත. පල්ලෙකැලේ දී ඊයේ (24) ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේ දී අඩු පන්දු යැවීමේ වේගයක් පැවතීම ඔහුට තරග දෙකක් අහිමි වීමට හේතුව වී ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ විස්සයි 20 කණ්ඩායමේ නායක උපුල් තරංග හට තරග දෙකක තහනමක් පැනවීමට ICCය තීරණය කර ඇත. පල්ලෙකැලේ දී ඊයේ (24) ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේ දී අඩු පන්දු යැවීමේ වේගයක් පැවතීම ඔහුට තරග දෙකක් අහිමි වීමට හේතුව වී ඇත.

සම්පූර්ණ වාර්තාව: තරංගට තරග දෙකක් තහනම්; නව නායකයෙක්


15න් පහළ ශූරතාවය රාජකීයයන්ට

U15 Schools Cricketසදීෂ රාජපක්ෂගේ තුන් ඉරියව් දක්ෂතා සහ රෙසඳු තිලකරත්නගේ දක්ෂ පිතකරණයත් හේතුවෙන් කොළඹ රාජකීය “B” කණ්ඩායමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අද (25දා) නිමා වූ මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ මීගමුව සාන්ත පීතර විද්‍යාලයයි. ඔවුන්ට  එරෙහිව රාජකීය ක්‍රීඩකයෝ ලකුණු 110ක ජයක් ලබා ගත්හ.

තරගයේ ලකුණු සාරාංශය

රාජකීය විද්‍යාලය; කඩුලු 7ක් දැවී 240 (50.0) තෙවිඳු හංසජ කවීන් ආනන්ද 23, නෙතින් පන්නිපිටිය 30, රෙසඳු තිලකරත්න 58, සදීෂ රාජපක්ෂ නොදැවී 48, අසිත ස්ටීවන් 2/33, දිනෙත් සත්සර 2/53

සාන්ත පීතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 130 (39.5) ලසිත් නිසලංක 39, බ්‍රයන් ජුලියස් 26, ශේන් මලීෂ 22, චමිඳු දෙව්හාන් 2/27, සදීෂ රාජපක්ෂ 2/08

සම්පූර්ණ වාර්තාව: රාජකීයයෝ දෙවැනි පෙළේ ප්‍රමුඛයෝ


රග්බි –

සත් සාමාජික රග්බි සංචිතය නිකුත් වේ

Photo-for-body2017 වර්ෂයේ සැප්තැම්බර් මස දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් ක්‍රීඩක නාමාවලිය අද (25) නිකුත් විය. එහි නායකත්වය සුදර්ශන මුතුතන්ත්‍රි හට හිමිව ඇත.

මෙම සංචිතය තුල අනිවාර්යයෙන්ම සිටිය යුතුව තිබූ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන රිචඩ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා අනුරුද්ධ විල්වර ආබාධ තත්ත්වයන් නිසාවෙන් මෙම තරගාවලිය සඳහා සහභාගි නොවේ. එසේම ෆාසිල් මරීජා පෞද්ගලික හේතුවක් මත මෙම වර්ෂය තුල රග්බි පිටියෙන් ඉවත්ව සිටින නිසා මරීජා ද මෙම සංචිතය තුල නොමැත.

සම්පූර්ණ වාර්තාව: නවක මුහුණු ද සමඟ සත් සාමාජික රග්බි කණ්ඩායම නිකුත් වේ

දිනයක අවසානය