ශ්‍රී ලංකාව සහ මැකාවු පාපන්දු ලෝක කුසලාන සිහිනයට පොර අල්ලයි

257
Lagardère Sports

2022 වර්ෂයේ දී කටාර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය සහ ඉන් වසරකට අනතුරුව දකුණු කොරියාව හෝ චීනය සත්කාරකත්වය දරමින් දියත් කිරීමට නියමිත ආසියානු කුසලාන ශූරතාවලිය යන ප්‍රමුඛ තරගාවලීන් දෙක සඳහා සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ තරග ඉදිරි මාස කිහිපයේ දී ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය හෙටින් ඇරඹේ!

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, ආසියානු පාපන්දු කවුන්සිල (AFC) පළමු වටයේ….

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වෙමින් මූලික වටයේ ප්‍රථම තරගය සඳහා තරග වැදීමට මැකාවූ රාජ්‍යය තේරී පත් වී තිබෙන්නේ අද දිනයේ දී(17) මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර පිහිටි පාපන්දු නිල නිවසේ පැවති කුසපත් ඇදීමේ (draw) අවස්ථාව අතරතුර දී ය. එහි දී මලයාසියාව, කාම්බෝජය, මැකාවූ, ලාඕසය, භූතානය සහ මොංගෝලියාව යන රටවලට හිමි වී ඇති ප්‍රතිවාදී කණ්ඩායම් ගැන සලකා බැලීමේ දී දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔවුන් හට දැඩි වෑයමක් දැරීමට සිදු වී තිබේ.

මින් පෙර පැවති අදියරේ දී ටිමෝර් ලෙස්ට් කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කරමින් දෙවන වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට මොංගෝලියාව සමත් වූ අතර ඔවුන් මෙවර භූතාන කණ්ඩායමට එරෙහිව තම පළමු ක්‍රියාන්විතය දියත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවේ. භූතානය හට එම අදියරයේ දී චීන තායිපේ කණ්ඩායම හමුවේ ගෝල 2-1ක් ලෙස අත්වූ පරාජය නිසාවෙන් තරගාවලියෙන් ඉවතට ගමන් කිරීමට සිදු විය.

මැකාවූ රාජ්‍යය අප කණ්ඩායමට එතරම් නුහුරු නුපුරුදු ආගන්තුකයින් පිරිසක් නොවන්නේ මින් ඉහත අවස්ථා කිහිපයක දී ම ඔවුන් එකිනෙකා මුණ ගැසී තිබෙන බැවිනි. ඉන් ආසන්නතම අවස්ථාව ලෙස 2016 වර්ෂයේ දී පැවති ආසියානු සහයෝගිතා කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගය හැඳින්විය හැක. එහි දී ඉතා උණුසුම් තරගයක් ලබා දීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකටම ලකුණු සම තරගයකින් සෑහීමකට පත්වීමට සිදු වූයේ අවසන් ලකුණු තත්වය ගෝල 1-1ක් ලෙස දිස් වූ නිසාවෙනි.

පකීර් අලි චෝදනාවලට එරෙහිව හඬ අවදි කරයි

AFC කුසලාන වයස අවුරුදු 23න් පහළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී බහරේනයෙන් හා පලස්තීනයෙන් ලද….

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම හට හිමි වී ඇති අභියෝගය පිළිබඳ සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා මෙසේ සඳහන් කර සිටියේය.

“අවසන් වතාවේ දී අපේ ප්‍රතිවාදීන් වුනේ භූතාන කණ්ඩායම වුනත් ක්‍රීඩා කරපු තරග දෙකෙන් එකම තරගයකදීවත් ධනාත්මක ප්‍රතිඵලයක් අත්කරගන්න අපිට බැරි වුනා. එම පරාජය හැරවුම් ලක්ෂයක් කරගෙන ඉදිරියට ගමන් කරන්න අපි ලොකු උත්සහයක් ගත්තා සහ ඒ නිසාම කණ්ඩායම දැන් සාපේක්ෂව ඉතා හොඳ ස්ථාවර මට්ටමක ඉන්නවා කියලා කියන්න පුළුවන්. මැකාවූ කියන්නේ සුළුවට තකන්න පුළුවන් කණ්ඩායමක් නෙමේ මොකද ඔවුන්ගෙත් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් රැසක් සිටිනවා. කොහොම හරි හොඳ තරගයක් දීලා දිනය අවසනායේ දී තවමත් ශ්‍රී ලංකා පාපන්දුවට යමක් කළ හැකි බව ලෝකයා ඉදිරියේ ඔප්පු කිරීම තමයි අපේ එකම බලාපොරොත්තුව.”

වෙනදාටත් වඩා විධිමත්, ක්‍රමානුකූල සැලැස්මකට අනුව තමයි දැන් අපි කටයුතු කරන්නේ මොකද සියලුම වපසරියන් ආවරණය වන පරිදි ඉතා දක්ෂ පුහුණුකරුවන් සහ තාක්ෂණික නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිතරම සංචිතයේ පුහුණු වීම් ඇතුළුව අනෙකුත් කටයුතු පිළිබඳ සොයා බලනවා. මෙහි දී මතක් කරන්න ඕනෑ අනෙක් කාරණය වන්නේ කණ්ඩායම පිටුපස සිටිමින් ඔවුන් දිරිමත් කරන ඔවුන් හට ශක්තියක් වෙන ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ සහයෝගය. මැකාවූ කණ්ඩායමට එරෙහි තරගයට කලින් සුහද තරග කිහිපයක් ක්‍රීඩා කරලා හොඳ රිද්මයකට එන්න අපි අපේක්ෂා කරනවා.”

“තරගයේ ජයග්‍රහණය අපේ දෙසට හැරුණොත් ඒක අපේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් සුභදායී පෙර නිමිත්තක් වෙනවා නිසැකවම. මොකද ශ්‍රී ලංකා පාපන්දුවේ ඉරණම සහ අනාගතය රැඳී තියෙන්නේ නැඟී එන පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන ඉදිරි පරම්පරාව අතේ. මේ වගේ ඉහළ මට්ටමේ තරගයකින් ලබාගන්න සුළු හෝ ජයග්‍රහණයක් අතිශය තීරණාත්මකයි කියලා මම කියන්නේ ඒකෙන් ඉදිරියට එන දක්ෂ ක්‍රීඩකයින් රැසක් විශාල පන්නරයක් ලබාගන්න නිසා සහ ඔවුන් ඒ අඩිපාරේ ගමන් කරලා රටට තවත් ජයග්‍රහණ ගෙන එන්න දිරිමත් වෙන නිසා.”

“ජය පරාජය කෙසේ වෙතෙත් ඉදිරියේ දී ශ්‍රී ලංකා භූමිය තුල ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරග රැසක්  දැක බලා ගැනීමේ අවස්ථාව අපේ ප්‍රේක්ෂකයන්ට හිමි වෙනවා. මැකාවූ තරගය ජයග්‍රහණය කළොත් දකුණු ආසියාවේ ඉහළ මට්ටමකට අපේ පාපන්දුව රැගෙන යන්න අපිට හැකි වේවි.”

ලාඕස් සහ බංග්ලාදේශ කණ්ඩායම් මෙවර සිය ලෝක කුසලාන සිහිනයේ මුල් පියවර ජයග්‍රහණයකින් ආරම්භ කිරීමේ අභිලාෂයෙන් එකිනෙකා සමඟ තරග වදින්නේ ඉතා උණුසුම් සහ තරගකාරී තරගයකට පසුබිම සකසාලමිනි.

පසුගිය අදියරේ දෙවන වටයේ දී තමන් විසින් පරාජයට පත්කරන ලද  ටිමෝර් ලෙස්ට් කණ්ඩායම නැවත වතාවක් මුණගැසීම මලයාසියාවට නිසැකවම මානසික වශයෙන් යම් සහනයක් ගෙන දෙනු ඇත.

මැකාවූ රාජ්‍යය පරාජයට පත්කරමින් ප්‍රබල ලෙස පසුගිය වර තරගාවලියට අවතීර්ණ වූ කාම්බෝජය මෙවර පාකිස්තාන කණ්ඩායමට එරෙහිව තම ප්රථම වෙඩිමුරය දියත් කිරීමේ අරමුණ පෙරදැරිව තරග බිමට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දුවේ නිල පන්දු සපයන්නාට අලුත් සන්නාමයක්

NIVIA Football, ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සන්නාමයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකා….

ඉන්දියාවට සහ ටර්ක්මේනිස්ථානයට එරෙහිව තම භූමිය තුල දී වාර්තා කළ ප්‍රබල ජයග්‍රහණ ද්විත්වයෙන් ලැබූ පන්නරයත් සමඟ තරගාවලියට අවතීර්ණ වන ගුවාම් කණ්ඩායම නිසැකවම භූතාන කණ්ඩායමට හිසරදයක් වන බව නොඅනුමානය.

තරගාවලි දෙකක් සඳහා සුදුසුකම් ලැබීමේ දොරටු විවෘත කර දෙමින් පැවැත්වෙන මෙම තරග කිහිපයේ පළමු අදියරේ තරග ජුනි 06 වැනිදාත්, දෙවැනි අදියරේ තරග ජුනි 11 වැනිදාත් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී. මෙහි දී ජයග්‍රාහී කණ්ඩායම් හය සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ඉහළම කණ්ඩායම් 34ට පිවිසීමේ අවස්ථාව නියත වශයෙන්ම උදාකරගනු ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<