ශ්‍රී ලංකාවට එරෙහි වන බංග්ලාදේශ සංචිතයේ වෙනසක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

766

සංචාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය සඳහා Mosaddek Hossain Saikat කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ආබාධයකට ලක්වූ Mehedy Hasan වෙනුවට මීට පෙර Nayeem Hasan කණ්ඩායමට ඇතුළත් කර තිබූ නමුත් කණ්ඩායමේ පිතිකරණ ශක්තිය වැඩි කිරීම සඳහා Mosaddek Hossain කැඳවීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

“Mosaddek Hossain පළමු පෙළ තරගයක් අතරතුර ආබාධයට ලක්වීමෙන් පසුව කිසිදු ජාත්‍යන්තර හෝ දේශීය තරගාවලියක් ක්‍රීඩා කළේ නැහැ. පන්දු යවන්නන් හතර දෙනෙක් ක්‍රීඩා කරන නිසා අපිට පිතිකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය බව හැඟුණු නිසාවෙන් අපි ඔහුව කණ්ඩායමට ඇතුළත් කළා”, යැයි තේරීම් කමිටු නිලධාරී Habibul Bashar ප්‍රකාශ කර තිබුණා.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ Mosaddek Hossain තවමත් සහභාගීව ඇත්තේ තරග තුනක් සඳහා පමණක් වන අතර ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2019 වසරේ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.

නමුත් ඔහු Bangabandhu Dhaka Premier තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුව නැවතත් සංචිතයට කැඳවා තිබෙන අතර ඔහු එම තරගාවලියේ තරග 15ක් තුළ ලකුණු 658ක් සහ කඩුලු 16ක් ලබා ගැනීමට ඔහු සමත්ව තිබුණා.

ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 08 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතයි.

බංග්ලාදේශ සංචිතය: Mominul Haque Showrab (Captain), Tamim Iqbal Khan, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Kumer Das, Yasir Ali Chowdhury, Taijul Islam, Nayeem Hasan, Ebadot Hossain Chowdhury, Syed Khaled Ahmed, Quazi Nurul Hasan Sohan, Rejaur Rahman Raja, Shohidul Islam, Shoriful Islam (subject to fitness), Mosaddek Hossain Saikat.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<