“ICC එක තියෙන්නේ ඉන්දියාව යටතේ” – Abdur Rehman

303
Ex-Pakistan cricketer blasts BCCI

ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු කුසලානය වෙනත් රටකට ගෙන යෑමට බොහෝ ඉඩක් ඇති බව වාර්තා වුනා.

මෙම තරගාවලිය පැවැත්වෙන ස්ථානය පිළිබඳ පසුගිය මාසයේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේ දී සාකච්ඡා කර තිබූ නමුත් එ් පිළිබඳ නිල තීරණයක් මෙම ලබා දීම මෙම මාසය දක්වා කල් දැමීමට එහි දී තීරණය කර තිබුණා.

තරගාවලිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරමින් පසුගිය වසරේ දී ඉන්දීය ක්‍රිකට් ලේකම් මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරන බව ප්‍රකාශ කළා.

පසුව එයට පිළිතුරු ලෙස පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළේ ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කරන්නේ නම් පාකිස්තානය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය වර්ජනය කරන බවයි.

ඒ සමඟ මෙම සිදුවීම ගැන දෙරටේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් විවිධ අදහස් ප්‍රකාශ කළ අතර පසුව මෙය පිළිබඳ තීරණයක් ගැනීම මාර්තු මාසය දක්වා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

එමෙන්ම එය පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සාකච්ඡා කිරීමට ද සූදානම් බව මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තරගාවලිය පැවැත්වෙන ස්ථානය එලෙස ගැටලු සහගත වෙද්දී එය පිළිබඳ YouTube නාලිකාවකට අදහස් දක්වමින් හිටපු පාකිස්තාන ක්‍රීඩක Abdur Rehman ප්‍රකාශ කළේ ICC යනු ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය බවයි.

”ඒක වෙන්න හොඳ දෙයක් නෙවෙයි. ICC එක තියෙන්නේ ඉන්දියාව යටතේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩ කරන ගොඩක් අය ඉන්දියානුවන්. 60/70ක අරමුදල් සපයන්නෙ ද ඉන්දියාවෙන්. අපිට ක්‍රීඩා කරන්න ඕන නිසා පාකිස්තානය යන්න ඕන. මොකද බෑ කියන්න පුළුවන් තැනක අපි නැහැ.

අපි ඩුබායි වල ගොඩක් ක්‍රිකට් තරග ක්‍රීඩා කරලා තියෙනවා. ඉන්දියාවට තරගාවලියට එන්න ඕනේ නැත්නම් හොඳයි, ඒත් අපි එහි ගිහින් ක්‍රිකට් වලින් පිළිතුරු දෙන්න ඕන.”

2023 ආසියානු කුසලානය බොහෝ විට ඩුබායි හී පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<