උපුල් සහ ඩිල්ෂාන් World Giants තැති ගන්වයි

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

13689

උපුල් තරංගගේ සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ ප්‍රවේගකාරී ඉනිම් හේතුවෙන් Legends league ක්‍රිකට් තරගාවලියේ World Giants කණ්ඩායමට එරෙහිව ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Asian Lions ක්‍රීඩකයෝ සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Asian Lions ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි World Giants ක්‍රීඩකයෝ තම පන්දුවාර 20 අවසානයේ දී රැස් කර ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් පමණයි.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි  Asian Lions ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් දැවී ලකුණු 209ක් ලබා ගන්නට සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් World Giants ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලේ දී එක් වූ ලකුණු 52ක සබඳතාවත් සහ තෙවැනි කඩුල්ලේ එක් වූ ලකුණු 48ක ලකුණු සබඳතාවත් ලෝක ක්‍රීඩකයන්ගේ ජාමය බේරා ගත්තා. මෙහි දී වැඩි වැඩ කොටසක් කළේ Phil Mustard සහ Kevin O’Brien දෙදෙනායි.

2008 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් එංගලන්ත ක්‍රීඩක Phil Mustard පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගනිද්දී, 2021 ජුනි මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නොපිවිසි අයර්ලන්ත ක්‍රීඩක Kevin O’Brien පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟ පන්දු 46කට මුහුණ දෙමින් ලකුණු 95ක් ලබා ගත්තා. එම ඉනිම හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුනා.

ඔවුන්ට අමතරව Corey Anderson (18), Albie Morkel (17) දෙදෙනා ද ලකුණු අතරට පිවිසෙමින් දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 17කට කඩුලු 2ක් දවා ගන්නා විට Mohamed Hafeez ද කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ලකුණු 206ක ඉලක්කයක් වෙනුවෙන් පිටිය ආ Asia Lions වෙනුවෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ක්‍රීඩකයන්ගෙන් එතරම් ම සේවයක් කණ්ඩායමට නොලැබුණ ද, අංක දෙක සහ 3 ස්ථානවලින් පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග ආසියානු කණ්ඩායම ජයග්‍රාහි මාවතට අවතීර්ණ කළා.

එහි දී ඩිල්ෂාන් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. පෙර තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් උපුල් තරංග මෙම තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණා.

ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා.

ඊට අමතරව පාකිස්තානයේ Mohamed Hafeez පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

ඉනිම අවසන් වන විට Asghar Ali පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ද, නායක Misbah–ul–haq පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Morne Morkel ලකුණු 38කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වුවා.

ලකුණු පුවරුව:

  • World Giants; කඩුලු 7ක් දැවී 205 (20) Phil Mustard 28, Kevin O’Brien 95, නුවන් කුලසේකර 2/17, Mohamed Hafeez 2/32
  • Asian Lions; කඩුලු 4ක් දැවී 209 (19.2) – තිලකරත්න ඩිල්ශාන් 52, උපුල් තරංග 63, Mohamed Hafeez 27, Misbah Ul-Haq නොදැවි 19, Morne Morkel 2/38

2022 ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

  • ජනවාරි 20: India Maharajas vs Asia Lions
  • ජනවාරි 21: Wolrd Giants vs Asia Lions
  • ජනවාරි 22: World Giants vs India Maharajas
  • ජනවාරි 24: Asia Lions vs India Maharajas
  • ජනවාරි 26: India Maharajas vs World Giants
  • ජනවාරි 27: Asia Lions vs World Giants
  • ජනවාරි 29: අවසන් මහා තරගය

තරග සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<