Home Sinhala කෙන්යානු කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

කෙන්යානු කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

1574
ICC

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි විස්ස සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පැවති තරගයෙන් තවත් පන්දු 63ක් ඉතිරිව තිබිය දී කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (20) සමත් වුනා.

තරගය පැවැත්වුණේ මැලේසියාවේ Kuala Lumpur නුවර Kinrara Oval ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා.

ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමින් උදේශිකා ප්‍රබෝධනී වෙනුවට තාරිකා සෙව්වන්දි මේ තරගයට කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකාව – චමරී අතපත්තු (නායිකාව), විශ්මි රාජපක්ෂ, හර්ශිතා මාධවී, හසිනි පෙරේරා, අමා කාංචනා, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, තාරිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි, සචිනි නිසංසලා.
  • කෙන්යාව – Queentor Abel, Mary Mwangi, Margaret Ngoche (නායිකාව), Sharon Juma, Sarah Wetoto, Daisy Njoroge, Venasa Ooko, Esther Wachira, Mercyline Ochieng, Lavendah Idambo, Ruth Achando

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු පන්දුවේ  සැලසුමක් ඇතිව කෙන්යානු ක්‍රීඩිකාවන් පාලනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කෙන්යාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණයි.

කෙන්යානු පළමු කඩුලු 3 ලකුණු 26ක් තුල දැවී ගියත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු Queentor Abel සහ  Sarah Wetoto යන දකුණත් පිතිකාරිනියන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එහි දී Wetoto දවා ගැනීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් උඩ පන්දුවක් ලෙස ගිලිහී ගිය අතර ඒ නොවන්නට ඔවුන්ගේ ලකුණු සටහන තවදුරටත් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණා.

ආරම්භක පිතිකාරිණිය වුනු Abel 4 පහර 5ක් සමඟ ලකුණු 33ක් සහ Wetoto 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ ලකුණු 29ක් ලබාගෙන කෙන්යානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වුනා.

කෙන්යානු ක්‍රීඩිකාවන්ගේ කඩුලු අතර දිවීමේ සබඳතාවයන් ඉතාමත් දුර්වල මට්ටමක පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දුවද්දී දැවී යාම් දෙකක් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.  ඊට අමතරව චමරි, කවීෂා, ඉනෝකා සහ සචිනි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 88ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 9කුත් පන්දු 3ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී මේ ඉලක්කය සපුරා ගත්තා. එහි දී නායිකා චමරි මේ තරගාවලිය තුල නොකඩවා ලබා ගත් සිය දෙවැනි අර්ධ ශතකය ලබාගෙන පන්දු 29ක දී ලකුණු 57ක් වාර්තා කළා. ඇයගේ එම මනරම් ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

ස්ටම්ප්ස් කිරීමකට හසුව චමරි දැවී යන තෙක් පළමු කඩුල්ල සඳහා ලකුණු 83ක සබඳතාවයක් ගොඩනැංවීම වෙනුවෙන් අනෙක් අන්තයෙන් සවියක් වුනු දකුණතින් පිතිකරණයේ නිරත වන විශ්මි රාජපක්ෂ පන්දු 26ක දී නොදැවී ලකුණු 26*ක් ලබා ගත්තා.

ඇයගේ එම ඉනිමට 4 ප‍හර 3ක් අන්තර්ගත වුනා. එසේම මේ තරගාවලිය පුරාවට කෙන්යානු ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ද දුර්වල මට්ටමක තිබුණු අතර මේ තරගයේ දී ද එය එසේම සිදු වුනා.


Result


Sri Lanka Women
89/1 (9.3)

Kenya Women
87/6 (20)

Batsmen R B 4s 6s SR
Queentor Abel lbw b Chamari Athapaththu 33 53 6 0 62.26
Mary Mwangi run out () 1 8 0 0 12.50
Margaret Ngoche lbw b Inoka Ranaweera 2 3 0 0 66.67
Sharon Juma run out () 1 6 0 0 16.67
Sarah Wetoto c Ama Kanchana b Kavisha Dilhari 29 31 3 1 93.55
Monicah Ndhambi not out 0 0 0 0 0.00
Daisy Njoroge b Sachini Nisansala 1 3 0 0 33.33
Venasa Ooko not out 5 48 0 0 10.42
Esther Wachira not out 1 1 0 0 100.00


Extras 14 (b 0 , lb 2 , nb 0, w 12, pen 0)
Total 87/6 (20 Overs, RR: 4.35)
Bowling O M R W Econ
Tharika Sewwandi 2 0 10 0 5.00
Ama Kanchana 3 0 13 0 4.33
Inoka Ranaweera 3 0 15 1 5.00
Sachini Nisansala 4 0 25 1 6.25
Kavisha Dilhari 4 1 11 1 2.75
Nilakshi de Silva 1 0 1 0 1.00
Chamari Athapaththu 3 0 10 1 3.33


Batsmen R B 4s 6s SR
Vishmi Rajapaksha not out 26 26 3 0 100.00
Chamari Athapaththu st Ruth Achando b Esther Wachira 57 29 8 3 196.55
Hasini Perera not out 0 2 0 0 0.00


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 89/1 (9.3 Overs, RR: 9.37)
Bowling O M R W Econ
Lavendah Idambo 2 0 16 0 8.00
Mercyline Ochieng 2 0 19 0 9.50
Queentor Abel 2 0 10 0 5.00
Mary Mwangi 1 0 16 0 16.00
Sarah Wetoto 1 0 18 0 18.00
Esther Wachira 1 0 4 1 4.00
Daisy Njoroge 0.3 0 6 0 20.00



ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 22 වැනිදා මැලේසියාව සමඟ පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා සුදුසුකම් හිමිවන්නේ ජයග්‍රාහී කණ්ඩායමට පමණක් වන අතර මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට 24 වැනිදා දක්වා මැලේසියාවේ Kuala Lumpur නුවර දී පැවැත්වෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<