මැන්චෙස්ටර් සිටි පළමු ස්ථානයට; යුනයිටඩ් තවත් පහළට

225

සත්වැනි සති අන්තයේ දී ලිවර්පූල් පසු කරමින් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට සමත් වූ අතර සතියේ පෙරළිකාරම සිදුවීම වූයේ වෙස්ට්හැම් කණ්ඩායම හමුවේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම දරුණු පරාජයක් අත්විඳිමයි.

ලිවර්පූල් නැවතත් පළමු ස්ථානයට; මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයක්

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි සතියේ තරග පසුගිය සති අන්තයේ දී..

චෙල්සි හා ලිවර්පූල් ජය පරාජයෙන් තොරව ගෙදර යයි

Daniel Sturridgeගේ විශිෂ්ට ගෝලයෙන් චෙල්සි කණ්ඩායමේ හුදකලා ගෝලය සම කර සිය අපරාජිත වාර්තාව දිගටම පවත්වා ගැනීමට ලිවර්පූල් කණ්ඩායම සමත් විය.

25 වන මිනිත්තුවේ දී Mateo Kovacic දක්ෂ දිගු පන්දු යොමු කිරීමක් පාලනය කර ගත් සුපිරි ක්‍රීඩක Eden Hazard ලිවර්පූල් ගෝල රකින ක්‍රීඩක ඇලිසන් පසු කරමින් අලංකාර ගෝලයක් වාර්තා කළේ තරගයේ පෙරමුණ චෙල්සි කණ්ඩායමට රැගෙන එමිනි.  

චෙල්සි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඔවුන්ගේ ගෝල රකින්නා Kepa Arrizabalaga, Sadio Maneගේ උත්සහයක් දක්ෂ ලෙස ව්‍යර්ථ කරද්දී ඩේවිඩ් ලුයිස් රොබර්ටෝ ෆර්මිනෝගේ උත්සහයක් සිය හිසෙන් ඉවත යැවීමට සමත් විය.  

නියමිත කාලය අවසන් වීමෙන් පසුව හිමි වූ අමතර මිනිත්තු කිහිපයේ දී යාර 30ක පමණ සීමාවේ සිට Sturridge අලංකාර කවාකාර ප්‍රහාරයකින් ගෝලයක් රැස් කළේ ලිවර්පූල් කණ්ඩායම පරාජයේ භීතියෙන් ගලවා ගනිමිනි.

ගෝල පරතරය අනුව ලිවර්පූල් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයට ඇද වැටුණේ පසුගිය සතියේ පළමු ස්ථානයේ සිටයි. චෙල්සි කණ්ඩායම පසුගිය සතියේ මෙන්ම තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

අවසන් ලකුණු තත්වය: චෙල්සි 01 – 01 ලිවර්පූල්

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • චෙල්සි – හැසාඩ් 25’
  • ලිවර්පූල් – Sturridge 90’

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පසු බසී

මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු හා සුපිරි ක්‍රීඩක පෝල් පොග්බා අතර විරසකයක් පිළිබඳ පසුගිය දින කිහිපයේ ජාත්‍යන්තර මධ්‍ය වාර්තා කර තිබුණු අතර එම ගැටුම හා කණ්ඩායමේ අස්ථාවර බව තවත් වැඩි කරමින් වෙස්ට්හැම් යුනයිටඩ් හමුවේ ගෝල 3-1ක අප්‍රියජනක පරාජයක් අත්විඳින්නට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සිදු විය.

සත්කාරක වෙස්ට්හැම් කණ්ඩායම පළමු මිනිත්තු පහ තුල දී ම ගෝලයක් රැස් කළ අතර Felipe Anderson, Pablo Zabaletaගේ පන්දු යොමු කිරීමක් සාර්ථකව දැල වෙත යොමු කළේ ඔහුගේ පළමු ප්‍රිමියර් ලීග් ගෝලය ලෙසයි.

22 වන මිනිත්තුවේ දී ලුකාකුගේ උත්සහයක් අපතේ ගිය අතර 43 වන මිනිත්තුවේ දී Andriy Yarmolenkoගේ උත්සහයක් Victor Lindelofගේ වැදී David De Geaට ඉහළින් දැල තුළට ගියේ වෙස්ට්හැම් කණ්ඩායමේ දෙවන ගෝලය ලෙසයි.

71 වන මිනිත්තුවේ දී Luke Shawගේ corner අවස්ථාවක් මැනවින් දැල වෙතට යොමු කිරීමට Marcus Rashford සමත් වූයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නැවත තරගයට රැගෙන එමිනි.  

ඊට මිනිත්තු තුනකට පසු Marko Arnautovic, Mark Nobleගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස දැල තුලට යොමු කළේ වෙස්ට්හැම් කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.  

ඒ අනුව වෙස්ට්හැම් 13 වැනි ස්ථානයට පැමිණෙද්දී යුනයිටඩ් කණ්ඩායම 10 වැනි ස්ථානයේ රැඳී සිටියි.

අවසන් ලකුණු තත්වය: වෙස්ට්හැම් 03 – 01 මැන්චෙස්ටර් යුනයිටඩ්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • වෙස්ට්හැම් – Felipe Anderson 5′, Victor Lindelöf 43′ (og), Marko Arnautovic 74′
  • මැන්චෙස්ටර් යුනයිටඩ් – Marcus Rashford 71’

මැන්චෙස්ටර් සිටි ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වෙයි

සිය සිව්වැනි අඛණ්ඩ ජයග්‍රහණයත් වාර්තා කරමින් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම බ්‍රයිටන් හා හොව් ඇල්බියොන් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

සිව්වැනි මිනිත්තුවේ දී සර්ජියෝ ඇගුවේරෝගේ උත්සහයක් අපතේ ගියත් 30 මිනිත්තුවට මොහොතකට පෙර රහීම් ස්ටර්ලින්ග් පළමු සිටි ගෝලය වාර්තා කිරීමට සමත් විය. Leroy Saneගේ හරස් පන්දු යොමු කිරීමක්  ඔහු දක්ෂ ලෙස දැල්ගත කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද පාපන්දු තරගයක් ළඟදීම

ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 12 වැනිදා කොළඹ සුගතදාස..

තරගය අවසන් වීමට මිනිත්තු 25ක් ඉතිරිව තිබිය දී අගුවෙරෝ මෙවර තරග වාරයේ සිය පස්වැනි ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළේ රහීම් ස්ටර්ලින්ග් සමඟ පන්දු හුවමාරුවකිනි.

ඒ අනුව ගෝල පරතරය මත ප්‍රසාද ලකුණු 19ක් සමඟින් මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මැන්චෙස්ටර් සිටි 02 – 00 බ්‍රයිටන් හොව්

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • මැන්චෙස්ටර් සිටි – Raheem Sterling 29′, Sergio Agüero 65′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<