එංගලන්තය ලෝක කුසලානයේ අවදානම් අඩියකට වැටේ!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

567
England's Captain Jos Buttler looks on after the ICC men's Twenty20 World Cup 2022 cricket match between England and Ireland at Melbourne Cricket Ground (MCG) on October 26, 2022 in Melbourne. - -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE -- (Photo by WILLIAM WEST / AFP) / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE -- (Photo by WILLIAM WEST/AFP via Getty Images)

එංගලන්තය මීට පෙර ද මෙවැනිම අවදානමකට 2019 ලෝක කුසලානයේ දී පත් විය.

ලෝඩ්ස් හිදී 2019 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූවත්, තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඉදිරියේ තරග තුනක් පරාජය වූහ.

නමුත් මෙවර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳ පැහැදිලි තීරණයක් ලැබීමට තවත් ඉතිරිව ඇත්තේ පැය 24කට නොඅඩු කාලයක් පමණි. මන්දයත් හෙට (28) දිනයේ පැවැත්වීමට නියමිත එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් එංගලන්තය පරාජය වුවහොත් ඔවුන්ගේ ලෝක කුසලානය සිහිනය තවත් දින හතකින් පසුව සම්පූර්ණයෙන්ම නිමාවීමට බොහෝ දුරට ඉඩ ඇත.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාව තුල ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් වෙනස් වීමට ඇති ඉඩ නිසා ඒ පිළිබඳව පෙරැයීම් නොකිරීම වඩාත් හිතකරය.

පසුගිය සෙනසුරාදා (22) ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද ජයත් (එතරම්ම පහසු ජයක් නොවේ) ඊට පෙර ඕස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණයන් සමඟ එංගලන්තය ඉතාම හොඳ ජයග්‍රහණ රැල්ලක් පවත්වා ගෙන යාමට සමත් විය.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඔවුන් ඊට පෙර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඉදිරියේ ලද තරගාවලි පරාජයන්ගෙන් පසුව පෙර කියූ ජයග්‍රාහී රැල්ලට නැවත අවතීර්ණ වීමයි.

නමුත් ඊයේ වර්ෂාවෙන් එල්ල වූ බාධාවන්ද සමඟින් (26) තමන්ගේ අසල්වැසියන් වූ අයර්ලන්ත කණ්ඩායම ඉදිරියේ ලකුණු පහක පරාජයක් උරුම කර ගැනීමට එංගලන්ත කණ්ඩායමට සිදු වූයේ ඔවුන් තවදුරටත් මෙවර ලෝක කුසලානයේ ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකිය හැකි දැයි යන ප්‍රශ්නාර්ථය සමඟිනි.

එංගලන්ත වේගපන්දු යවන්නන් පහසුවෙන් ලකුණු ලබා දෙන අතර, එංගලන්ත මුල්පෙළ සියලු පිතිකරුවන් අසාර්ථක වී ඇත. මේ අතර මාස 18කින් විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නොතිබූ Ben Stokes හදිසියේ කණ්ඩායමට කැඳවීම ද හාස්‍ය ජනක කරුණකි.

මේ සියලු ගැටලුවලට හේතුව එංගලන්ත කණ්ඩායම තේරීමේ දී සිදු වූ අලකලංචි බව නොරහසකි.

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කළ අවසන් ඉනිම පහෙන් තුනක දී ම තනි ඉලක්කමේ ලකුණු රැස් කරගනිමින් තම පිතිකරණ ස්ථානය අහිමි වීමේ අවදානකමට මුහුණ පා සිටින Alex Hales හට මෙවර සංචිතයේ ඉඩ විවර වන්නේ Jason Roy සහ Jonny Bairstow යන අයට ආබාධ හේතුවෙන් මෙවර ලෝක කුසලානය මග හැරීම නිසාවෙනි.

Jofra Archer සහ Reece Topley හට ඇති වූ ආබාධ තත්ව නොවන්නට Ben Stokes හට ඉනිමේ ආරම්භක පන්දු යවන්නා වීමට කිසිදු ඉඩක් හිමි නොවනු ඇත. ඔහුගෙන් දුර්වල පිතිහරඹයක් දියත් වන විට පවා ඔහුව කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිව ඇත්තේ ඒ නිසාවෙනි.

මේ මස මුල ඕස්ට්‍රේලියාවේ දී ඉතා හොඳින් පිතිකරණයේ යෙදුණු Dawid Malan ද දැන් පිත්තේ පන්දුව හරි හැටි වද්දා ගත නොහැකිව අසරණ වී ඇත. එම නිසා තවත් වැඩි වශයෙන් Ben Stokesගේ අසාර්ථක පිතිකරණය කැපී පෙනෙයි.

අයර්ලන්තය ඉදිරියේ ලද පරාජයේ පෙර සලකුණු ඇෆ්ගනිස්තානය ඉදිරියේ දී ද ඔවුන් පෙන්වූයේ පහසු ඉලක්කයක් හඹා ගිය මොහොතක පවා මුල් කඩුලු පහම ලකුණු 95කට දැවී යාමෙන්ය.

කණ්ඩායමේ සිටින තරග දිනවන්නන් සහ වත්මනේ සාර්ථක පිතිකරුවන් දෙපළක් වී සිටින Liam Livingstone සහ Moeen Ali හට පිතිකරණ අනුපිළිවෙළෙහි ඔවුන්ගේ කාර්‍ය භාර්‍යය ඉටු කිරීමට අමතරව මුල් පෙළෙන් සිදු වන වැරදි නිවැරදි කිරීමට ද සිදු වී ඇත.

නමුත් විස්සයි විස්ස තරග රටාවේ අනිශ්චිත බව නිසා අසාර්ථක තරග කාලයක් ගෙවන ක්‍රීඩකයකුට වුවද එක් පහරකින් තරගයක් කණ පිට පෙරළිය හැකිය.

මේ වන විට 1 කාණ්ඩයේ සියලු කණ්ඩායම් තරගකාරී ලෙස තරග වදින බැවින්,  මෙවර ලෝක කුසලානයේ 1 කාණ්ඩයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ තරගවල ප්‍රතිඵල ද ඔවුන්ගේ ඉදිරි ගමනට බලපෑමක් එල්ල කරනු ඇත.

ගිය වර ලෝක ශූරයින් බවට පත් වූ ඕස්ට්‍රේලියාව එම තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.

එමෙන්ම 2010 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්තය තරගාවලියේ මැද භාගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ අතර, අයර්ලන්තය සමඟ තරගය ද වර්ෂාව නිසා අත් හැර දැමීමට සිදු විය.

ඒ නිසා ඕනෑම දෙයක් සිදු වීමට ඉඩ ඇති බව මතකයේ තබා ගත යුතුය.

එමෙන්ම මෙවර කණ්ඩායමේ ක්‍රීඩා කරන Buttler ඇතුළු බොහෝ දෙනා මීට පෙර ද මෙවැනි තරගාවලි වල අත්දැකීම් ඇති අය වන තර, නායක Buttler තම කණ්ඩායමෙන් ඉල්ලා ඇත්තේ 2019 මතක ආවර්ජනය කරනා ලෙසයි.

“අපි එක්ක ක්‍රීඩා ගාරයේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ටම වගේ ගොඩක් අත්දැකීම් තියෙනවා. 2019 දී, ලීග් තරගවල දී හෝ ජාත්‍යන්තර තරගවල දී මෙවැනි පසුබැසීම් වල අත්දැකීම් ඔවුන් අත් විඳලා තියෙනවා.

ඒ නිසා අපේ ක්‍රීඩකයින් දන්නවා අද වගේ බලාපොරොත්තු රහිත දිනවල දැනෙන සංවේදී හැඟීම් සමග ගනුදෙනු කරන්න අවශ්‍ය කොහොමද කියලා.

ඔබට දැනෙන හැඟීම් හංගන්න අවශ්‍ය නැහැ, ඒ හැඟීම්වලින් ඉක්මනින් ඈත් වෙලා ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයට අවධානය යොමු කරමු.“

හෙට දිනයේ පැවැත්වීමට නියමිත එංගලන්ත – ඕස්ට්‍රේලියා තරගයට 70000 කට අධික ප්‍රේක්ෂකාගාරයක් බලාපොරොත්තු වන අතර, මීට පෙර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීමට 90000කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණි බව වාර්තාවල සටහන් විය.

මෙම එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයටවත් සුදුසුකම් නොලැබුව හොත් එයින් ගම්‍ය වන්නේ ඔවුන් පසුගිය වසර හතර තුල උත්සාහයන් තුනකින් එකක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් වූ බවයි.

කෙසේ වෙතත් එංගලන්ත සිහින තවමත් නිල වශයෙන් නිමා වී නොමැත!

අයර්ලන්තයට එරෙහිව ලද පරාජය සමග ඔවුන් ලෝක කුසලාන සිහිනයේ ගැට්ටකට තල්ලූ වී ඇති නමුත්, තවමත් ඉන් එළියට විසි නොවී රැඳී සිටී.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියළු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

“එංගලන්ත කණ්ඩායම ඊයේ (26)  අයර්ලන්තය ඉදිරියේ ලද අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව BBC මාධ්‍ය මගින් පළ කළ ලිපියක පරිවර්තනයකි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<