Hundred කල්දැමීම සම්බන්ධයෙන් රෝයි කනස්සල්ලෙන්

66

පසුගිය වසරේ දී නිමාවට පත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අත්පත් කර ගත් සාර්ථකත්වයට යලි වටිනාකමක් ලබා දීමට තිබූ මහඟු අවස්ථාවක් අහිමි වී යාම සම්බන්ධයෙන් ප්‍රවේගකාරී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි තම කනගාටුව පළකොට තිබෙනවා.

මංගල සීයේ තරගාවලිය කල් යයි

The Hundred තරගාවලියේ මංගල තරග වාරය COVID-19 වයිරස ව්‍යාප්තිය …………

ඊට ප්‍රධානතම හේතුව බවට පත්වී ඇත්තේ එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණය යටතේ පළමු වරට ක්‍රියාත්මක වීමට නියමිත The Hundred තරගාවලියේ මංගල තරග වාරය අපේක්ෂා නොකළ පරිදි තවත් එක් වසරක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට එම තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබීමයි. 

නව මුහුණුවරකින් දියත් කෙරෙන The Hundred තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් හට නවමු අත්දැකීමක් වනු ඇතැයි බොහෝ ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළකොට තිබූ අතර විස්සයි විස්ස තරග ආකෘතිය මෙන් තරගකාරීත්වයෙන් ඉහළ, උද්වේගකර තරග රටාවකට මඟ පාදන නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි සහ එතරම් උනන්දුවක් නොදැක්වූ නව ප්‍රේක්ෂකයින් පිරිසක් ද මීට සමගාමීව ආකර්ෂණය කරගැනීමට හැකි වනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි.

කෙසේ නමුත් Covid19 වසංගතය තවදුරටත් යුරෝපාකරය තුල සක්‍රීයව පැතිර යාමත් සමඟම තරගාවලියේ හෙට දවස පිළිබඳ පැහැදිලි ප්‍රශ්නාර්ථයක් පසුගිය කාලවකවානුව තුල ඉස්මතු විය. 

ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් තොරව හුදකලා වූ ක්‍රීඩාංගණ තුල තරග පැවැත්වීමේ නිෂ්ඵලභාවයත්, විදෙස් ක්‍රීඩකයින් හට සත්කාරක දේශයට පැමිණීමේ දී මුහුණ දීමට සිදු වන අපහසුතාවන් ආදී කරුණු සියල්ල පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව තරගාවලිය මෙසේ කල්දැමීමට පියවර ගත් බවයි සංවිධායක කමිටුව සඳහන් කර සිටියේ.

ලංකාවේ සිර වී සිටි පාකිස්තානුවන් 5ක් නැවත සිය නිවෙස්වලට

Covid-19 වසංගතය මෙරට තුල පැතිර යාම වළක්වාලීමේ අරමුණින් මේ වන……………

ඕවල් ඉන්විසිබල් කණ්ඩායම විසින් ස්ටර්ලින් පවුම් 125,000ක් වැනි ඉහළ මුදලකට මිල දී ගනු ලැබූ ජේසන් රෝයි මෙම තරගාවලිය තුල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසයෙන් පසුවන අතර ඔහුගේ ආක්‍රමණශීලී පිතිකරණ රටාව මෙම තරග ආකෘතිය සඳහා වඩාත් උචිත වනු ඇතැයි ද ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහසයි.

මෙවර තමන්ට සුපුරුදු ඕවල් ක්‍රීඩාංගණය තුල තම ආදරණීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ තරග වැදීමට තිබූ අනගි අවස්ථාව අහිමි වී යාම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර සිටි රෝයි පවසා සිටියේ එම තීරණය නොවැළැක්විය හැකි සාධාරණ හේතුවක් මත ගනු ලැබූවක් නිසාවෙන් ඊට අනුගත වීමට සිදු වන වන බවයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල මුදලක් යට කර තිබුණා මොකද මේ තරගාවලිය ලෝකේ ක්‍රියාත්මක වෙන අනෙක් විස්සයි විස්ස ලීග් තරගාවලි වගේම විශාල පරිමාණයෙන් සිදු කෙරෙන්නක්. ඔවුන් මේ තරගාවලිය පවත්වන්න ආරම්භයේ ඉදලම විශාල පරිශ්‍රමයක් ගෙන තිබුණා.”

දැන් තියෙන වාතාවරණයත් එක්ක මේ වගේ තීරණයකට යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. වෙනත් රටවල සුපිරි ක්‍රීඩා තරු රැසක්ම මේ තරගාවලියට සහභාගී වෙන්න නියමිතව තිබුණ නිසා තරගාවලිය ඔවුන් නැතිව පැවැත්වීම එතරම් සුදුසු නැති බවයි මට හැඟෙන්නේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<