වර්ෂාවෙන් එක්දින තරගාවලියට බාධා

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021/22

537
Major Limited Over Tournament 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවති කිසිඳු තරගයක් අවසන් වන තෙක් පවත්වාගෙන යෑමට අධිකව වැටි වර්ෂාව ඉඩ දුන්නේ නැහැ.

දිනයේ ආරම්භ වූ එකම තරගය වූයේ තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති පොලිසිය සහ සැරසන්ස් අතර තරගයයි. නමුත් එම තරගය ද පන්දුවාර 23.2කට සීමා වුනා.

පැවැත්වීමට නියමිතව තිබූ තරග 5ක් කිසිඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවුනා. ඒ Group A කාණ්ඩය යටතේ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මුවර්ස් සහ යුද හමුදාව අතර තරගයත්, කොළඹ CCC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ CCC සහ ලංකන් අතර තරගයත්, BRC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ BRC සහ NCC කණ්ඩායම් අතර තරගයත් සහ Group B කාණ්ඩය යටතේ කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ හලාවත මේරියන්ස් සහ පානදුර අතර තරගයත්, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ රාගම සහ ගාල්ල අතර තරගයි.

Group B – පොලිසිය සහ සැරසන්ස් (තිඹිරිගස්යාය) 

තරගයේ විසඳුමක් නොමැත.

සැරසන්ස්: කඩුලු 2ක් දැවී 67 (23.2) නිපුන් කරුණානායක නොදැවී 29, නවිඳු විතානගේ නොදැවී 15, නලින් ප්‍රියදර්ශන 1/09.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<