2020ට ඉතුරු වුනේ මොනවා ද?

73

ක්‍රිකට් ක්‍රීඩාව අර්බුද රැසකට ඇද දමමින් ජාත්‍යන්තර තරගාවලි රැසක් කල්දමා ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ද මේ වන විට දැඩි අවිනිශ්චිත තත්වයකට පත්වී අවසන්. මේ සියල්ලටම හේතුව වී ඇත්තේ ලොවම වෙලාගෙන ඇති COVID-19 වසංගතයයි.

ස්මිත්ගේ තනතුර ස්ථිර වෙයි

වයස අවුරුදු 39ක් වන හිටපු දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම්….

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගෙවුණු වසර 10 තුළ ලොව දුර්වලම ටෙස්ට් කණ්ඩායම බවට පත්වුනේ ක්‍රීඩකයින්ගේ වැටුප් පිළිබඳව දිගින් දිගටම ඇති වූ අර්බුද රැසක් නිසාවෙනි. 

නමුත් ඔවුන් අමරණීය විස්සයි විස්ස තරගාවලි රැසක්ම ජයග්‍රහණය කළේ 2012 විස්සයි විස්ස ලෝක කුසලානයට අමතරව 2016 විස්සයි විස්ස ලෝක කුසලානය ද ජයග්‍රහණය කරමිනි. ඔවුන් ඕස්ට්‍රේලියාවට යන්නට සූදානමින් සිටියේ අඛණ්ඩව තුන්වැනි වරටත් ලෝක කුසලානයක් තමන් සතු කර ගැනීමේ පරම අධිෂ්ඨානයත් සමඟිනි.

2020 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබුනත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය සිකුරාදා නිවේදනය කර සිටියේ ඔවුන් වෙනත් විකල්ප සම්බන්ධයෙන් ද සලකා බලන බවයි. ඒ ක්‍රීඩා තරගාවලි සියල්ල 2021 වසර දක්වා කල් යෑමට ඇති අවදානම නිසාවෙනි.

මෙම කල් දැමීම් නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු කිහිප දෙනෙකුට සිය ක්‍රීඩා දිවියට තිත තැබීමේ අවදානමක් ද මතුව තිබෙනවා. 40 හැවිරිදි ක්‍රිස් ගේල් ද බලා සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තවත් ලෝක කුසලානයක් දිනා දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමටයි. 

කෙසේ වෙතත් ඔහු පවසා සිටින්නේ තවත් අවුරුදු පහක් ක්‍රීඩා කරන්නට තමන්ට හැකි බවයි. “45 කියන්නේ හොඳ අංකයක්. අපි 45 දී කතා කරමු.” දැවැන්ත ආරම්භක පිතිකරුවා cricbizz වෙත පවසා සිටියා. “මම හිතන්නේ එය තමා හොඳම අංකය වගේම මගේ පළමු අංකය. මම හිතන්නේ මම වයසට යන්නේ ටිකක් හෙමින්.”

ICC තරගාවලි දෙකකට ශ්‍රී ලංකාව අතවනයි

2023-31 අතර කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය ප්‍රමුඛ පෙළේ….

ලොව ධනවත්ම ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එලෙසම එංගලන්තය හා වේල්සය සංවිධානය කරන අභිනව The Hundred තරගාවලියත් පැවැත්වීමට නොහැකි වන තත්වයක් මේ වන විට උදා වී ඇත. 

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ වාර්ෂික වේතනයෙන් වැඩි මුදලක් සොයා ගන්නේ දේශීය සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කිරීමෙනි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රේක්ෂකයින් රැසක් ආකර්ෂණය කර ගැනීමට සමත් නිසාම එම තරගාවලිය ඉන්දීය ආර්ථිකයට උපයා දෙන මුදල ඩොලර් බිලියන 11කට ආසන්න අගයක්. 

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් 2020 වසරේ දී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා වූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහුව මිල දී ගත්තේ ඩොලර් මිලියන 2.17කටයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුනත් මුලදී එය අප්‍රේල් 15 වැනිදා දක්වා කල් දැමුණා. 

පසුව එරට තත්වය යහපත් නොවීම නිසාවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළේ ඉන්දීය රජය විසින් මැයි 3 වැනිදා දක්වා ඉන්දියාව වසා දැමීමේ කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය නිසාවෙනි.

The Hundred තරගාවලිය කල් දැමීම එංගලන්තයට දැඩි අර්බුදයක් වනු නොඅනුමානයි. ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවූයේ පසුගිය වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයෙන් පසුව නව ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ෂණය කරගන්නටයි. 

තරගාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එක්සත් රාජධානියේ ජූලි මාසයට පැවැත්වීමට නියමිතව තිබුණු විම්බල්ටන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය මෙන්ම බ්‍රිතාන්‍ය ගොල්ෆ් තරගාවලියත් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන නිසාවෙන් මෙම තරගාවලිය ද කල් දැමීමට ඇත්තේ ඉහළ සම්භාවිතාවකි.

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වූ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට ප්‍රේක්ෂකයින් 86,000ක වාර්තාගත පිරිසක් සහභාගී වූ අතර එතැන් සිට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය හොඳ දිශාවකට යොමු වී තිබුණි. 

කෙසේ වෙතත් කොරෝනා වයිරසය නිසාවෙන් තරගාවලි පැවැත්වීමට නොහැකි වීමත්, ක්‍රීඩකයින්ට වඩා අඩු වැටුපක් ක්‍රීඩිකාවන්ට ලැබීමත් නිසාවෙන් එම තත්වය නැවත අයහපත් අතට හැරෙන්නට වැඩි ඉඩක් පවති. 

යොවුන් ක්‍රීඩිකා ෂෆාලි වර්මා විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාව විසින් බිහි කළ නවතම සුපිරි තාරකාව නව අතර ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා මිතාලි රාජ් පවසා සිටියේ මෙම තත්වය යොවුන් ක්‍රීඩිකාවන්ට ඉතා අපහසු වනු ඇති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<