Home Sinhala ප්‍රභාත් – තිරිමාන්න දස්කම් එළියට එද්දී එංගලන්තය හැරී යයි!

ප්‍රභාත් – තිරිමාන්න දස්කම් එළියට එද්දී එංගලන්තය හැරී යයි!

103
Credit : Getty Images

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරමග නතර කර දමා නැවතත් සිය මව්‍ රට බලා යාමට අද (13) එංගලන්ත පිළ තීරණය කළහ. ඒ ගෝලීය වශයෙන් Covid-19 වසංගත රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් හිස එසවීමත් සමඟයි. කොළඹ පී. සරා ඕවල් පිටියේ දී තම දෙවැනි පුහුණු තරගයේ දෙවැනි දිනය සඳහා මුහුණ දෙමින් සිටි එංගලන්ත පිළ අද සන්ධ්‍යා කාලයේ මෙම අවසන් තීරණය ලබා ගත්හ.

සරා පිටියේ දී එංගලන්ත පිතිකරුවන් සුවපහසු ගමනක

ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත පිළ අද (12) තම දෙවැනි පුහුණු තරගයට මුහුණ දීම ආරම්භ කළේ…

ඊයේ දිනයේ එංගලන්ත නායක ජෝ රූට් කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව මුලින් පන්දුවට පහර දීම තෝරා ගැනීමත් සමඟ මෙම තරගය ආරම්භ විය. එහිදී පිත්තෙන් ඉතාමත් හොඳ දක්ෂතා පෙන්නුම් කළ එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් හොඳ ලකුණු සබඳතා ගොඩ නගමින් පළමු දිනයේ සම්පූර්ණ ගෞරවය තමන් සතුකර ගැනීමට සමත් වූහ. ඒ අතර තවමත් 22 හැවිරිදි වියේ පසුවන දකුණත් පිතිකරුවෙකු වන සැක් ක්‍රවුලි ශතකයක් වාර්තා කරමින් එංගලන්ත පිළට සවිමත් අත්තිවාරමක් දමා දුන්නේය.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 3කට ලකුණු 354ක් ලබා සිටි අතර නායක ජෝ රූට් සහ නවක පිතිකරු ඔලී පෝප් තම තමන්ගේ ශතක කරා ආසන්න වෙමින් සිටියහ. කෙසේවෙතත් අද උදෑසන ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම හමුවේ මැදපෙළ පිතිකරු ඔලී පෝප්ට තම ශතකය සැමරීමට හැකි වූයේ නැත. ඒ ප්‍රභාත් එවූ දඟ පන්දුව ලකුණු 95ක් ලබා සිටි පෝප්ගේ කඩුල්ලේ දැවටීමත් සමඟයි. ඒ වනවිට ඔහු හතරේ පහර 8ක් එල්ල කිරීමට සමත් වී තිබුණි.

කෙසේවෙතත් ඔහු සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 190ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගූ ජෝ රූට් අද තම ශතකය ලබා ගන්නට තරම් වාසනාවන්ත විය. එහිදී පන්දු 139ක් සඳහා මුහුණ දුන් ඔහු ලකුණු 109ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් එල්ල කරමිනි. අවසානයේ රූට්ගේ කඩුල්ලත් බිඳ දැමීමට සමත් වන්නේ ප්‍රභාත් ජයසූරියයි. ඒ තම ප්‍රතිවාදියාව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. එතකින් නොනැවතුනු ජයසූරිය අද පිට පිටම ප්‍රතිවාදී කඩුලු බිඳ දමමින් එංගලන්ත ඉනිම ලකුණු 463කට නතර කිරීමට සමත් වූහ. 

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට COVID-19 වැලඳී ඇති බවට සැකයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායම නවසීලන්ත තරගාවලිය ආරම්භ කිරීම සඳහා ඊයේ (13) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතර…

අද දිනය තම ක්‍රිකට් දිවියේ ස්වර්ණමය කඩයිමක් බවට පත් කරගත් මෙම 28 හැවිරිදි වමත් පිට දඟ පන්දු යවන්නා එංගලන්ත ඉනිම අවසන් වනවිට ලකුණු 164කට කඩුලු 6ක් දවාගෙන අවසන් වී තිබුණි. ඒ පන්දුවාර 37.4ක් ක්‍රියාත්මක කරමිනි. මීට අමතරව වේග පන්දු යවන මොහොමඩ් ශිරාස්ට කඩුලු ද්විත්වයක් හිමිවිය. 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවටම ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක දැවී ගිය අතර එම කඩුල්ල වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ට හිමිවිය. අද පිත්තෙන් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අනෙක් පිතිකරුවා වන සදීර සමරවික්‍රම ලකුණු 4කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 12ට කඩුලු 2ක් බවට පරිවර්තනය කරමිනි. කෙසේවෙතත් නායක තිරිමාන්න සහ ඇන්ජෙලෝ පෙරේරා අතරේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම නාය යාම අතරමග නතර විය.

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ලහිරු තිරිමාන්න තරගය හිටි හැටියේ නතර කරන විට පන්දු 115කට මුහුණ දී ලකුණු 88ක් ලබා සිටියේය. ඒ හතරේ පහර 12ක් සමඟයි. ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 38යි. අද තරග නිමාව දක්වා නොදැවී සිටි රොෂේන් සිල්වා ලකුණු 11ක් ලබා සිටියේ පන්දු 58කට මුහුණ දෙමිනි. ශ්‍රී ලංකා පිළේ සමස්ථ ලකුණු සටහන දැක්වුනේ ලකුණු 150ට කඩුලු 3ක් ලෙසයි. ඒ අනුව දෙවැනි පුහුණු තරගය ජය පැරදුමකින් තොරව තවත් දින දෙකක් ඉතිරිව තිබියදීම නිමාවට පත්විය.

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයටත් කොරෝනා හරස් වෙයි

මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝන වයිරසය නිසාවෙන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ දී…

එංගලන්ත පිළේ ශ්‍රී ලංකා සංචාරය මේ අනුව අත් හිටවනු ලැබුවද ඉදිරියේ දී නැවතත් එම තරග සුදුසු කාලයකදී පැවැත්වීමට දෙපිළේම බලධාරීන් තීරණය කර ඇත. කෙසේවෙතත් ඒ සියල්ලටම පෙර දෙස් විදෙස් ක්‍රීඩා පිටිය කළඹමින් හිස ඔසවමින් තිබෙන Covid-19 වසංගතය පෘථිවි තලයෙන් පහව යනතුරු බලා සිටින්නට ක්‍රීඩා ලෝලීන්ට සිදුව ඇත.

Stumps


Sri Lanka Board President’s XI
150/3 (40)

England
463/10 (117.4)

Batsmen R B 4s 6s SR
Zak Crawley b Mohamed Shiraz 105 145 11 0 72.41
Dominic Sibley c Sadeera Samarawickrama b Ramesh Mendis 37 92 5 0 40.22
Joe Denly c Minod Bhanuka b Prabath Jayasuriya 26 61 2 1 42.62
Joe Root lbw b Prabath Jayasuriya 102 139 9 0 73.38
Ollie Pope b Prabath Jayasuriya 95 134 8 0 70.90
Jos Buttler b Prabath Jayasuriya 14 29 1 0 48.28
Sam Curran c Prabath Jayasuriya b Mohamed Shiraz 9 13 1 0 69.23
Chris Woakes c Shehan Jayasuriya b Prabath Jayasuriya 12 15 1 1 80.00
Dominic Bess b Asitha Fernando 11 14 2 0 78.57
Jack Leach not out 14 28 1 1 50.00
Matthew Parkinson c Sadeera Samarawickrama b Prabath Jayasuriya 22 36 3 0 61.11


Extras 16 (b 4 , lb 11 , nb 0, w 1, pen 0)
Total 463/10 (117.4 Overs, RR: 3.93)
Fall of Wickets 1-103 (25.6) Dominic Sibley, 2-175 (49.3) Joe Denly, 3-179 (50.1) Zak Crawley, 4-369 (93.4) Joe Root, 5-388 (97.4) Ollie Pope, 6-399 (100.5) Sam Curran, 7-404 (103.1) Jos Buttler, 8-421 (106.2) Dominic Bess, 9-429 (107.4) Chris Woakes, 10-463 (117.4) Matthew Parkinson,

Bowling O M R W Econ
Asitha Fernando 20 2 63 1 3.15
Mohamed Shiraz 18 0 68 2 3.78
Prabath Jayasuriya 37.4 3 164 6 4.39
Ramesh Mendis 31 0 106 1 3.42
Shehan Jayasuriya 9 0 36 0 4.00
Angelo Perera 2 0 11 0 5.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Chris Woakes 0 1 0 0 0.00
Lahiru Thirimanne not out 88 115 12 0 76.52
Sadeera Samarawickrama c & b Chris Woakes 4 14 0 0 28.57
Angelo Perera b Matthew Parkinson 38 53 7 0 71.70
Roshen Silva not out 11 58 1 0 18.97


Extras 9 (b 4 , lb 4 , nb 1, w 0, pen 0)
Total 150/3 (40 Overs, RR: 3.75)
Fall of Wickets 1-0 (0.1) Pathum Nissanka, 2-12 (4.5) Sadeera Samarawickrama, 3-95 (23.1) Angelo Perera,

Bowling O M R W Econ
Chris Woakes 6 1 11 2 1.83
Sam Curran 6 0 36 0 6.00
Jack Leach 12 1 44 0 3.67
Dominic Bess 9 1 32 0 3.56
Matthew Parkinson 7 2 19 1 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<