ප්‍රචලිතම ක්‍රිකට් වෙබ් අඩවියෙන් කුසල්ට සහ මාලිංගට ඉහළ තැන්

79

ලොව වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘Cricinfo’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019 වසරේ දී ටෙස්ට් පිතිකරුවෙකු වාර්තා කළ හොඳම දස්කම ලෙසින් කුසල් පෙරේරා දකුණු අප්‍රිකාවේ දී ලබා ගත් ලකුණු 153 නම් කර තිබේ. 

ඊට අමතරව වසරේ හොඳම විස්සයි-විස්ස පන්දු යැවීම ලෙසින් නවසීලන්ත පිලට එරෙහිව ලසිත් මාලිංග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ලකුණු 06කට කඩුලු 5ක් දවා ගැනීම තෝරාගෙන තිබේ.

86 වැනි සාන්තුවරයින්ගේ ගැටුමට සියල්ල සූදානම්

මෙරට ප්‍රධානතම කතෝලික පාසල් ද්විත්වයක් වන සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය…

ටෙස්ට් පිතිකරුවෙකුගේ වසරේ හොඳම දස්කම තෝරා ගැනීමේ දී කුසල් පෙරේරාට අමතරව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ඇතුළු තවත් ක්‍රීඩකයින් සය දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණි. 

කෙසේ නමුත් 2019 පෙබරවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 153ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ පෙරේරාගේ ඉනිම 2019 වසර සඳහා පමණක් නොව, වසර 142ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවට දැනට පිතිකරුවෙකු විසින් කරන ලද හොඳම දස්කමක් ලෙසින් සැලකේ.

නවසීලන්තයට එරෙහිව පල්ලකැලේ දී පැවති තෙවැනි විස්සයි-විස්ස තරගයේ දී නිලකුණු පන්දුවාරයක් ද සමඟින් සිය පන්දුවාර 4 ලකුණු 6කට සීමා කළ ලසිත් මාලිංග කඩුලු 5ක් දවා ගනිමින් ගෙවී ගිය වසරේ හොඳම විස්සයි පන්දු යැවීමේ දක්ෂතාව දැක්විය. 

Video – 2019 වැඩිම ටෙස්ට් ලකුණු ගත්ත ශ්‍රී ලාංකිකයෝ – සිංහලෙන් ක්‍රිකට්

2019 අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් රැසක් වුනු අවුරුද්දක්. ඒ වගේම දකුණු…

එම තරගයේ දී පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගත් මාලිංග විස්සයි විස්ස අන්තර්ජාතික තරගයක එකම පන්දුවාරයේ දී පිට පිටම යැවූ පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. එක්දින සහ විස්සයි විස්ස තරග ඉතිහාසයේ පන්දු 4ක දී කඩුලු 4 බැගින් දවා ගත් පළමු සහ එකම පන්දු යවන්නා ලෙස ද මාලිංග වාර්තා පොත් අලුත් කළේය.

ස්ටෝක්ස් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී නොදැවී ලකුණු 84*ක් ලබා ගනිමින් 2019 එක්දින ලෝක කුසලානය එංගලන්තයට දිනා දීම සඳහා 2019 දී එක්දින පිතිකරුවෙකු වාර්තා කළ හොඳම දස්කම ලෙසින් අගැයීමට ලක් විය. 

එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන් හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 17කට කඩුලු 5ක් දවා ගත් කෙමාර් රෝච්ගේ පන්දු යැවීම ගෙවී ගිය වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යැවීම විය.

2019 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් අවසන් තරගය සඳහා නවසීලන්ත ගෙන යෑමට දායක වූ මැට් හෙන්රිගේ දස්කම් වසරේ හොඳම එක්දින පන්දු යැවීම බවට පත්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<