ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පවන් රත්නායක පාකිස්තාන සුපර් ලීගය සමඟ එක්වීමට අවස්ථාව හිමි කර ගෙන තිබෙනවා.
මෙවර PSL තරගාවලියේ Islamabad United කණ්ඩායම නියෝජනය කළ නේපාල ක්‍රීඩක Dipendra Singh Airee තරගාවලියෙන් ඉවත් වීමත් සමඟයි පවන්ට මෙම අවස්ථාව හිමි වී තිබෙන්නේ.
අවසන් PSL ක්‍රීඩක වෙන්දේසියේ දී Dipendra Singh Airee PSL වරම් ලැබූ අතර, පසුව ඔහුට සිය ජාතික කණ්ඩායම සමඟ එක් වීමට අවශ්‍ය වීම නිසා මෙසේ තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ අනුව වෙන්දේසියෙන් නියම වූ මුදලින් කොටසක් පමණක් ඔහුට හිමි වන අතර, ඉතිරි මුදල පවන්ට හිමි වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය අතර හමුවක්
- ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයට දින නියම වෙයි
- කොළඹ දකුණ අපරාජිත ව ශූරයන් වෙයි
තවමත් 23 හැවිරිදි වියේ පසු වන පවන් රත්නායක නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පිතිකරණය දක්ෂතා දැක්වීමට සමත් වුනා.
පවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 12කට ක්‍රීඩා කර ඇති අතර, එහි දී 146ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 266ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
මේ වන විට 2026 PSL තරගාවලියේ තරග 27ක් පැවැත්වී අවසන් අතර, මේ දක්වා Islamabad United කණ්ඩායම තරග 07ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 04ක් ජය ගැනීමට සමත් වෙමින් තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.
මේ අතර කුසල් මෙන්ඩිස් නියෝජනය කරන Peshawar Zalmi කණ්ඩායම තරග 07කින් 06ක් ජය ගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනවා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















