ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

208

ඉන්දියාවේ දී පැවැත්වෙමින් තිබෙන පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරදවා ජර්මනිය ජය ගත්තා.

ලකුණු තත්වය සටහන් වුනේ දඬුවම් පහර වටයේ ගෝල 4-3ක් වශයෙන්. ඒ අනුව ජර්මනිය, ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් පූර්ව තරගය සඳහා එළඹෙන සිකුරාදා සහභාගී වනු ඇති.

පරාජිත එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගියා. අවසන් ලෝක කුසලාන තරගාවලි 4 තුළ දී ම ඔවුන් අවසන් කණ්ඩායම් 4 තුළට පැමිණියා. එහෙත් ඔවුන් මෙතෙක් හොකී ලෝක කුසලාන ජයක් ලබා ද නැහැ.

දෙවරක් ලෝක කුසලාන දිනා ඇති ජර්මනිය තරගයේ ගෝල 2ක් පිටුපසින් සිට ලකුණු සම කර ගැනීමට ක්‍රීඩා කළ විලාශය විශේෂ බව විචාරකයන් සඳහන් කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<