අයර්ලන්තයට එරෙහි වන එංගලන්ත එක්දින සංචිතය

අයර්ලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

242

සංචාරක අයර්ලන්ත කණ්ඩායම අහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය අද (27) මාධ්‍යයට නිකුත් විය.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට දින තීන්දුයි

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත – කොදෙව් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩකයින් බොහෝමයක් මේ සංචිතයට ඇතුළවත් නොමැත. අයර්ලන්ත තරගාවලියෙන් පසුව නැවතත් පාකිස්තානය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වන බැවින් ස්ටොක්ස්, ආචර්, බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ජෝ රූට් සහ මාක් වුඩ් වැනි ක්‍රීඩකයින් සංචිතයට නම් නොකොට විවේක ගන්වා ඇත. ඒ අතරින් බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර් සහ ආචර් යන එංගලන්තය සතු ප්‍රබල එක්දින ක්‍රීඩකයින් තිදෙනෙකි.

ඒ වෙනුවට සෑම් බිලින්ග්ස්, ඩේවිඩ් විලී සහ රීස් ටොප්ලි යන ක්‍රීඩකයින් නැවතත් එංගලන්ත එක්දින සංචිතයේ සිය ඉඩ වෙන් කරගෙන ඇත. ඊට අමතරව රිචඩ් ග්ලීසන්, ලුවිස් ග්‍රෙගරි, ලියම් ලිවින්ස්ටෝන් යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්ත ටෙස්ට් තරග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙම එක්දින තරගාවලියේ දී කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පෝල් කොලින්වුඩ් පත් කර තිබේ.

යුවරාජ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙහි කපයි!

ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අගෝස්තු මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර එංගලන්තය සහ අයර්ලන්තය අතර මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි. 

එම තරගාවලිය ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය සවුත්හැම්ටන් හිදී පැවැත්වේ. දෙවැනි තරගය අගෝස්තු මස 1 වැනිදාත්, තෙවැනි සහ අවසන් තරගය 4 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

මේ තරගාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලිය වන අතර මේ තරගාවලිය ජය ගැනීම සඳහා කණ්ඩායම් දෙකම සිය උපරිමයෙන් ක්‍රීඩා කරනු ඇත.

එංගලන්ත එක්දින සංචිතය – ඔයින් මෝර්ගන් (නායක), මොන් අලී, ජොනී බෙයාර්ස්ටෝව්, ටොම් බැන්ටන්, සෑම් බිලින්ග්ස්, ටොම් කුරාන්, ලියාම් ඩෝසන්, ජෝ ඩෙන්ලි, සකීබ් මොහොමඩ්, අදිල් රෂීඩ්, ජේසන් රෝයි, ජේම්ස් වින්ස්, ඩේවිඩ් විලී, රීස් ටොප්ලි

ESPNcricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<