යුවරාජ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙහි කපයි!

326

හිටපු සුපිරි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රබල විවේචනයක් එල්ල කර තිබෙනවා. ඒ ඔහු සමඟ ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයින් වන හර්බජන් සිං, විරේන්ද්‍ර ෂෙවාග් හා සහීර් ඛාන් වැනි ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවියේ අවසන් භාගයේ ඔවුන්ව නිසි ලෙස කළමනාකරණය නොකළ බව පවසමිනුයි. 

ඔහු තව දුරටත් පවසා තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තරග දිනවන්නන්ගේ අගය අනාගතයේ දීවත් හඳුනා ගෙන ඔවුන් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන සේවය අගය කළ යුතු බවයි.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට දින තීන්දුයි

වසර 19ක් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග දිනවන්නෙකු වුණු යුවරාජ් සිං පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඔහුට සමුගැනීමේ තරගයක් ක්‍රීඩා කරන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඔහුට මෙන්ම සාහීර් ඛාන්ට හෝ විරේන්ද්‍ර ෂෙවාග්ටත් සමුගැනීමේ තරගයක් ලැබී තිබුණේ නැහැ. යුවරාජ් පවසා සිටින්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසන් භාගයේ ඔහුව හැසිර වූ ආකාරය වෘත්තීමය නොවන බවත්, ඔහු ඒ පිළිබඳ එතරම් පුදුම නොවන බවත් ය. 

“කාටහරි සමුගැනීමේ තරගයක් දෙනවා ද කියන එක මම නෙවෙයි තීරණය කරන්නේ. ඒක තීරණය කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය. නමුත් මට හිතෙන විදියට මගේ ක්‍රීඩා විදියේ අවසන් භාගයේ ඔවුන් මට සලකපු විදිය වෘත්තීමය නැහැ” යුවරාජ් SportsKeeda වෙත පවසා තිබුණා. “ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ හර්බජාන්, ෂෙවාග්, සහීර් ඛාන් වගේ ක්‍රීඩකයෝ බලනකොටත් ඔවුන්වත් හොඳින් කළමනාකරණය කළේ නැහැ. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සමඟ ගොඩක් කල් හිටපු කෙනෙක් විදියට මම මේ දේවල් ඉස්සරත් දැකලා තියෙනවා. ඒ නිසා මම වැඩිය පුදුම වෙන්නේ නැහැ.”

සංගාගෙන් ගංගුලිට තල්ලුවක්

යුවරාජ් අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2017 වසරේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දීයි. එම වසරේ ජනවාරි මාසයේ දී යුවරාජ් එංගලන්තයට එරෙහිව ලකුණු 150ක් රැස් කරගෙන නැවත ඉන්දියානු කණ්ඩායමේ අසුනක් වෙන් කර ගත්තා.

2017 වසරේ පැවැත්වුණු ශූරයින්ගේ කුසලාන තරගාවලියටත් යුවරාජ් සහභාගී වූ අතර එහි දී පාකිස්තානයට එරෙහිව ලකුණු 53ක් රැස් කරගන්නට ඔහු සමත් වුනා. පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහු තමන් ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළ අතර ඔහු පවසා සිටින්නේ සිය ක්‍රීඩා දිවියේ අවසානය එතරම් හොඳ නොවන ක්‍රීඩකයින්ටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිසි ලෙස ගෞරව කළ යුතු බවයි.

CPL සහ IPL අස්සේ දකුණු අප්‍රිකානු තරගාවලියකට සූදානමක්

“නමුත් අනාගතයේ දීවත් තමන්ගේ ක්‍රීඩා දිවිය එතරම් එතරම් සාර්ථක ලෙස අවසන් නොකරන ක්‍රීඩකයින් හට සුදුසු ගෞරවය ලබා දෙන්න ඕන. ගෞතම් ගාම්බීර් වගේ ක්‍රීඩකයින් ඉන්දියාවට ලෝක කුසලාන දෙකක් දිනලා දුන්නා. ගවස්කාර්ට පසුව ෂෙවාග් තමයි ටෙස්ට් තරගවල ඉන්දියාවේ ලොකුම තරග දිනවන්නා වුනේ. සාහීර් කඩුලු 350ක් දවාගෙන තිබෙනවා. ලක්ෂ්මන් වගේ ක්‍රීඩකයින්ටත් නිසි ගෞරව ලැබී නැහැ.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<