ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට දින තීන්දුයි

4432

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයේ වැඩි බලපෑම නිසාවෙන් 2020 මැයි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය මේ මස 30 වැනිදා සිට ආරම්භ වේ. එහි පළමු සමාරම්භක තරගාවලිය වන්නේ එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියයි.

සංගාගෙන් ගංගුලිට තල්ලුවක්

අලුතින් ආරම්භ වන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 13 අතරින් අවසාන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 7 දිනා ගන්නා කණ්ඩායම් සහ සත්කාරක ඉන්දියාව 2023 ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගනු ඇත. අනෙක් කණ්ඩායම් 5, 2022 ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වී ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කළ යුතුය.

“ලෝක කුසලාන ජයග්‍රාහකයන් වන එංගලන්තය සහ අයර්ලන්තය අතර මේ මස 30 වැනිදා ආරම්භ වන ක්‍රිකට් තරගාවලියෙන් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීග් තරගාවලිය ආරම්භ වෙනවා කියලා අපි සතුටින් දැනුම් දෙනවා” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලාර්ඩිස් මහතා පැවසීය.

එම තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙකක් 2023 ලෝක කුසලානය සඳහා එක්වනු ඇත. ඒ අනුව 2023 වසරේ දී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 10ක කණ්ඩායම් තරග වදිනු ලැබේ.

මෙම ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජිකයන් 12 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර 2015-17 ICC ලෝක ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහණය කළ නෙදර්ලන්තය 13වන සාමාජිකයා ලෙස තරගාවලිය සඳහා එක්කර ඇත.

සහභාගී වන කණ්ඩායම් 13 මෙසේයි,

ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන

  • දකුණු අප්‍රිකාව (සත්කාරක) – 2020 ජුනි (කොරෝනා නිසා දින නියමයක් නොමැතිව කල් ගියේය)
  • ඉන්දියාව (සත්කාරක) – 2020 ජුනි (කොරෝනා නිසා දින නියමයක් නොමැතිව කල් ගියේය)
  • සිම්බාබ්වේ (සත්කාරක) – 2020 ඔක්තෝබර්
  • බංග්ලාදේශය (සංචාරක) – 2020 දෙසැම්බර්
  • නවසීලන්තය (සංචාරක) – 2021 පෙබරවාරි
  • බටහිර ඉන්දීය කොදෙව් (සංචාරක) – 2021 පෙබරවාරි
  • එංගලන්තය (සංචාරක) – 2021 ජුනි
  • ඇෆ්ගනිස්තානය (සත්කාරක) – 2021 ජූලි

(*මෙම දිනයන් වෙනස් විය හැක. )

මේ වන විට පැවැත්වෙන ICC ටෙස්ට් ශූරතාවය සඳහා භාවිතා වන ලකුණු ක්‍රමයට වඩා මෙහි දී වෙනස් හා පහසු ලකුණු ක්‍රමයක් අනුගමනය කිරීමට නියමිතය. ඒ සියලුම කණ්ඩායම් එකම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන නිසාවෙනි. එම ලකුණු ක්‍රමය දෙවන ලීග් තරගාවලියට හා අභියෝගතා තරගාවලිය සඳහා ද යොදා ගැනීමට නියමිතය.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය (2020-2022) – තරග ආකෘතිය

කණ්ඩායම් 13 (12 පූර්ණ සාමාජික රටවල් + නෙදර්ලන්තය)
ලීග් ආකෘතිය ද්වීපාර්ශික තරගාවලි 52
එක් තරගාවලියක තරග සංඛ්‍යාව 3
එක් කණ්ඩායමක් සඳහා වන තරගාවලි සංඛ්‍යාව 8 (සත්කාරක තරග 4 හා සංචාරක තරග 4)
ආකෘතිය එක්දින තරග 156ක්

වේගමානයේ මකුළු දැල් කැඩූ දිල්හාර ප්‍රනාන්දු

ඒ අනුව සෑම තරග ජයග්‍රහණයක් සඳහා ලකුණු 10ක් ලැබෙන අතර තරග පරාජයක් හැරෙන්නට සිදු වන ඕනෙම අවස්ථාවක් (තරගය අත්හැර දැමීම/තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම/ලකුණු සම වීම) සඳහා එක් පිලකට ලකුණු 5ක් ලැබේ. අවසානයේ ක්‍රීඩා කරනු ලබන තරගාවලි 8 තුල ඒ ඒ කණ්ඩායම් ලබා ගන්නා ප්‍රසාද ලකුණු අනුව ප්‍රසාද ලකුණු සටහනේ (points table) ස්ථාන වර්ගීකරණය කරනු ඇත.

ICC සාමාජික මණ්ඩල සමඟ සාකච්ඡාවකින් පසුව සුපර් ලීග් සහ එහි තරග කාලසටහන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් ඉදිරියේ දී දැනුම් දීමට ICC සූදානමින් සිටියි.

ICC මාධ්‍ය නිවේදනයක් ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<