ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පැවති තරග 2කින් සමන්විත සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (10) නිමාවට පත්වුනේ ජය පැරදුමකින් තොරවයි.
එහි දී වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට අත්වූ අතර පළමු දිනයෙන් අඩක් අහිමි කළ වර්ෂාව ද තරගය තීරණයකින් තොරව අවසන් වීමට හේතු වුනා.
අද අවසන් දිනයට තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 202ක් ලබා සිටියා. ඒ එංගලන්ත Lions පළමු ඉනිමට වඩා ලකුණු 129ක් ඉදිරියක් සහිතවයි.
තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට ලකුණු 332ක් ලබා ගත්තා. ඒ ලසිත් කෲස්පුල්ලේගේ ශතකයේ ආධාරයෙනුයි. පන්දු යැවීමේ දී Josh Tongue කඩුලු 5ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lions කණ්ඩායම ආක්‍රමණශීලී පිතිකරණ රටාවක් දියත් කරමින් ශ්‍රී ලංකා ඉනිම පසුකර ගියා. ඒ ලකුණු 405ක් ලබා ගනිමින්. එහි දී Jamie Smith වාර්තා කළ ශතකය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් අතර ඔහු පන්දු 82කින් ලකුණු 126ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්නට කඩුලු 4ක් හිමි වුනා.
අද දිනය ආරම්භ වන විට නොදැවී ලකුණු 84ක් ලබා සිටි නිශාන් මදුශ්ක උදෑසනම තම ශතකය කරා ගමන් ගත්තා. පන්දු 125කට මුහුණ දී තම ශතකය සම්පූර්ණ කර ගැනීමෙන් පසු ඔහු දැවී ගියේ Josh Tongueගේ පන්දුවක් හමුවේයි. ඒ අතරතුරේ මදුශ්ක හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් එල්ල කළා.
ඊයේ දිනයේ සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 13ක් රැස් කරද්දී, නායක නිපුන් ධනංජයට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 15ක් පමණයි. චාමික කරුණාරත්න දෙවැනි ඉනිමේ දීත් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ලකුණු 279කට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ආරක්ෂිත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ ලහිරු උදාර සහ ලක්ෂිත මානසිංහයි.
ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල වෙනුවෙන් තීරණාත්මක ලකුණු 76ක සබඳතාවයක් ගොඩ නැගුවා. එහි දී ලහිරු උදාර පන්දු 71කින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් රැස් කරද්දී, ලක්ෂිත මානසිංහ පන්දු 36කින් වේගවත් ලකුණු 43ක් ලබා ගත්තා. මේ නිසා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නිමා වුනේ ලකුණු 356කටයි. පන්දු යැවීමේ දී Jack Carson සහ Josh Tongue අතරේ කඩුලු 7ක් බෙදී ගියා.
- ශ්‍රී ලංකා A ලකුණු 129ක් ඉදිරියෙන්; නිශාන් ශතකය අභියස!
- ශ්‍රී ලකුණු පළමු ඉනිම පසුපස එංගලන්තය වේගයෙන් හඹා එයි!
- වර්ෂාවේ බාධා මැද ලසිත්ගෙන් වේගවත් ශතකයක්
- නිශාන්ගේ ද්විත්ව ශතකයෙන් පසු තරගය ජය පැරදුමෙන් තොරයි
- මොරටුවේ අරටුවක් ලයන්ස්වරුන්ට තරු පෙන්වයි!
ලකුණු 284ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත Lions කණ්ඩායමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හොඳ අභියෝගයක් එල්ල කළා. එහි දී පළමු කඩුල්ල ලෙස Alex Lees ලකුණු 9කට දැවී ගියේ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි. නායක Haseeb Hameed ලකුණු 47ක් ලබා ගත්තා.
පළමු ඉනිමේ දී කඩුලු දවා ගැනීමට අපොහොසත්ව ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරයට හසු වූ ලක්ෂිත මානසිංහ දෙවැනි ඉනිමේ දී සුපිරි පන්දු යැවීමක යෙදෙමින් ශ්‍රී ලංකාව ජය කණුව පෙනෙන මානයට ගෙන ඒමට සමත් වුනා.
Lions මැදපෙළ සම්පූර්ණයෙන්ම ලක්ෂිතට ගොදුරු වෙද්දී, ඉන් ගැලවීමට සමත් වුනේ Josh Bohannon පමණයි. ඔහු එක් හතරේ පහරක් සමඟින් පන්දු 50කට මුහුණ දී ඉනිම නිමා වන තෙක්ම නොදැවී ලකුණු 34ක් ලබාගෙන එක් අන්තයක් ආරක්ෂා කර ගත්තා. Jamie Smithට දෙවැනි ඉනිමේ රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 14ක් පමණයි.
Matthew Fisher පසුපෙළ පිතිකරුවෙකු ලෙස ලකුණු 19ක් රැස් කරද්දී Jack Carson පන්දු 16ක් තුල නොදැවී සිටිමින් එංගලන්තයට තරගය බේරා දුන්නා. අද පස්වරු 5.30ට පමණ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙද්දී ඔවුන් කඩුලු 7කට ලකුණු 173ක් ලබා සිටියා. ඒ පන්දුවාර 39කට මුහුණ දීමෙන් අනතුරුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 111ක් පිටුපසින් සිටිය දී අද විනිසුරුවරුන් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමට තීරණය කළා. විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු 23 හැවිරිදි ලක්ෂිත මානසිංහ තම දකුණත් පිට දඟ පන්දුවෙන් පිතිකරුවන් පස් දෙනෙක් මෙල්ල කළේ ලකුණු 61ක් පමණක් ලබා දෙමින්.
Result
Batsmen
R
B
4s
6s
SR
Nishan Madushka
c Tom Abell b Josh Tongue
22
42
4
0
52.38
Lasith Croospulle
c Matt Fisher b Josh Tongue
128
130
16
3
98.46
Nuwanidu Fernando
lbw b Sam Cook
22
73
3
0
30.14
Kamindu Mendis
c Josh Tongue b Matt Fisher
6
12
0
0
50.00
Nipun Dhananjaya
c Tom Abell b Josh Tongue
61
104
10
0
58.65
Lahiru Udara
c Josh Bohannon b Josh Tongue
0
1
0
0
0.00
Chamika Karunarathne
c Alex Lees b Josh Tongue
0
3
0
0
0.00
Lakshitha Manasinghe
c Liam Patterson-White b Matt Fisher
43
87
2
1
49.43
Lasith Embuldeniya
c Jack Haynes b Jack Carson
42
55
7
1
76.36
Vishwa Fernando
b Sam Cook
0
8
0
0
0.00
Praveen Jayawickrama
not out
1
14
0
0
7.14
Extras
7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total
332/10 (88.1 Overs, RR: 3.77)
Bowling
O
M
R
W
Econ
Sam Cook
21
6
69
2
3.29
Matt Fisher
22
4
83
2
3.77
Josh Tongue
22
2
75
5
3.41
Liam Patterson-White
11
0
56
0
5.09
Tom Abell
2
0
11
0
5.50
Jack Carson
10.1
3
30
1
2.97
Batsmen
R
B
4s
6s
SR
Alex Lees
c Kamindu Mendis b Praveen Jayawickrama
97
113
10
0
85.84
Haseeb Hameed
c Lahiru Udara b Chamika Karunarathne
4
2
1
0
200.00
Tom Abell
c Nishan Madushka b Vishwa Fernando
4
8
1
0
50.00
Josh Bohannon
c Nuwanidu Fernando b Vishwa Fernando
54
62
9
0
87.10
Jamie Smith
c Nishan Madushka b Chamika Karunarathne
126
82
13
8
153.66
Tom Haines
c Lahiru Udara b Chamika Karunarathne
10
12
0
0
83.33
Liam Patterson-White
c Lasith Croospulle b Lasith Embuldeniya
24
33
1
1
72.73
Matt Fisher
not out
35
86
2
0
40.70
Jack Carson
b Vishwa Fernando
6
50
1
0
12.00
Josh Tongue
c Lahiru Udara b Praveen Jayawickrama
29
39
4
0
74.36
Sam Cook
c Kamindu Mendis b Chamika Karunarathne
0
4
0
0
0.00
Extras
16 (b 3 , lb 9 , nb 1, w 3, pen 0)
Total
405/10 (76.4 Overs, RR: 5.28)
Bowling
O
M
R
W
Econ
Vishwa Fernando
21
1
83
3
3.95
Chamika Karunarathne
13.4
2
84
4
6.27
Lasith Embuldeniya
20
3
113
1
5.65
Lakshitha Manasinghe
5
0
54
0
10.80
Praveen Jayawickrama
17
2
59
2
3.47
Batsmen
R
B
4s
6s
SR
Nishan Madushka
c Sam Cook b Josh Tongue
100
125
16
1
80.00
Lasith Croospulle
c Liam Patterson-White b Jack Carson
47
41
4
2
114.63
Nuwanidu Fernando
c Jack Carson b Matt Fisher
1
15
0
0
6.67
Kamindu Mendis
c Nathan Gilchrist b Jack Carson
67
76
11
0
88.16
Lasith Embuldeniya
c Jamie Smith b Sam Cook
13
51
2
0
25.49
Nipun Dhananjaya
c Jamie Smith b Josh Tongue
15
19
1
0
78.95
Lahiru Udara
c Josh Bohannon b Liam Patterson-White
63
71
8
0
88.73
Chamika Karunarathne
b Josh Tongue
0
6
0
0
0.00
Lakshitha Manasinghe
lbw b Jack Carson
43
36
7
0
119.44
Vishwa Fernando
not out
0
1
0
0
0.00
Praveen Jayawickrama
c Tom Haines b Jack Carson
1
5
0
0
20.00
Extras
6 (b 3 , lb 1 , nb 1, w 1, pen 0)
Total
356/10 (74.1 Overs, RR: 4.8)
Bowling
O
M
R
W
Econ
Sam Cook
11
1
38
1
3.45
Matt Fisher
12
1
58
1
4.83
Liam Patterson-White
12
1
72
1
6.00
Josh Tongue
15
2
77
3
5.13
Jack Carson
22.1
4
94
4
4.25
Tom Abell
2
0
13
0
6.50
Batsmen
R
B
4s
6s
SR
Alex Lees
b Praveen Jayawickrama
9
8
0
1
112.50
Haseeb Hameed
c Kamindu Mendis b Lakshitha Manasinghe
47
66
2
1
71.21
Tom Haines
c Nishan Madushka b Lakshitha Manasinghe
10
21
0
0
47.62
Tom Abell
c Lasith Croospulle b Lakshitha Manasinghe
20
38
0
0
52.63
Josh Bohannon
not out
34
50
1
0
68.00
Jamie Smith
c b Lakshitha Manasinghe
14
13
2
0
107.69
Liam Patterson-White
c b Lasith Embuldeniya
3
3
0
0
100.00
Matt Fisher
lbw b Lakshitha Manasinghe
22
19
0
1
115.79
Jack Carson
not out
2
16
0
0
12.50
Extras
12 (b 6 , lb 1 , nb 0, w 5, pen 0)
Total
173/7 (39 Overs, RR: 4.44)
Bowling
O
M
R
W
Econ
Vishwa Fernando
4
0
14
0
3.50
Praveen Jayawickrama
8
0
40
1
5.00
Lakshitha Manasinghe
16
1
61
5
3.81
Lasith Embuldeniya
11
0
51
1
4.64
මේ අනුව අද තරගය ජය පැරදුමෙන් තොරව නිමා වීම නිසා දෙපාර්ශවය අතර තරග 2කින් යුතු සිව්දින ටෙස්ට් තරගාවලිය ද අවසන් වූයේ ජයග්‍රාහකයෙකු නොමැතිවයි. කෙසේ නමුත් තරග දෙකේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්ත Lions කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි බව කිව හැකියි.
තරගාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩකයා ලෙස ද්විත්ව ශතකයක් සහ ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක සැලකිය හැකි අතර ඔහු මුළු ලකුණු 364ක් රැස් කළේ 91ක ලකුණු සාමාන්‍යයක් ද සහිතවයි. මීට අමතරව නිපුන් ධනංජය, ලසිත් කෲස්පුල්ලේ පිතිකරුවන් ලෙස වැඩි දක්ෂතා දක්වද්දී, ලක්ෂිත මානසිංහගෙන් තුන් ඉරියව් දස්කම් පිළිබිඹු වුනා.
ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 15 වැනිදා කොළඹ දී ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















