Home Sinhala ශ්‍රී ලකුණු පළමු ඉනිම පසුපස එංගලන්තය වේගයෙන් හඹා එයි!

ශ්‍රී ලකුණු පළමු ඉනිම පසුපස එංගලන්තය වේගයෙන් හඹා එයි!

1070

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (08) නිමාවට පත්වුනා.

එංගලන්ත කණ්ඩායමෙන් වැඩි දක්ෂතා ප්‍රකට වූ අද දිනය නිමා වෙද්දී ඔවුන් කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 98ක් පිටුපසින් පසුවෙනවා.

ඊයේ දිනයේ ගාල්ල ප්‍රදේශයේ පැවති වැහිබර කාලගුණය නිසා තරගයේ ක්‍රීඩා කිරීමට හැකි වුනේ පන්දුවාර 44.3ක් පමණයි. ඒ අතරේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 3කට ලකුණු 190ක් ලබා සිටියා.

ඊයේ දිනයේ වේගවත් ශතකයක් වාර්තා කර ගත් 24 හැවිරිදි ලසිත් කෲස්පුල්ලේට අද තම ඉනිම දීර්ඝ කර ගැනීමට හැකි වුනේ නැහැ. ලකුණු 128ක් ලබා සිටිය දී ඔහු Josh Tongueගේ වේගපන්දුවකට ගොදුරු වුනා. ඒ වන විට ලසිත් පන්දු 130කට මුහුණ දෙමින් ලකුණු 128ක් ලබා සිටියේ හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟයි.

ඊයේ දිනය නිමා වන විට නොදැවී ලකුණු 14ක් ලබා සිටි නායක නිපුන් ධනංජය අද ශ්‍රී ලංකා ඉනිමට සවියක් වෙමින් අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු 104ක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 61ක් ලබා ගන්නා අතරතුරේ හතරේ පහර 10ක් එල්ල කළා.

ලහිරු උදාර අද මුහුණ දුන්නේ එක් පන්දුවකට පමණයි. එහි දී ඔහු Josh Tongueගේ පන්දුවකට ගොදුරු වුනා. එතකින් නොනැවතුනු Tongue අද චාමික කරුණාරත්නවත් පිටියෙන් ඉවත් කරන්නේ ලකුණු ලබා ගැනීමටත් පෙරයි.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ මෙම 25 හැවිරිදි වේගපන්දු යවන්නා අද ඉනිමක කඩුලු 5ක් දවා ගැනීමක් තම වාර්තා අතරට එකතු කර ගත්තේ ලකුණු 76ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි. වැදගත්ම කරුණ වන්නේ ඔහුගේ කඩුලු ලැයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සත් දෙනාගෙන් 5 දෙනෙක්ම ඇතුළත් වීමයි.

වරෙක ශ්‍රී ලංකා ඉනිම ලකුණු 266කට කඩුලු 7ක් ලෙස සටහන් වූ අතර එය ලකුණු 300 අභිබවා යාමට හේතු වුනේ ලක්ෂිත මානසිංහ සහ ලසිත් ඇඹුල්දෙණිය අතරේ ගොඩ නැගුණු ලකුණු 42ක සබඳතාවයයි.

එහි දී මානසිංහ ලකුණු 43ක් රැස් කරද්දී ඇඹුල්දෙණිය ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟයි. මේ නිසා ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට පන්දුවාර 88.1ක් අවසානයේ ලකුණු 332ක් දක්වා වර්ධනය වී තිබුණා.

මෙම ඉලක්කය හඹා යාමට උත්සාහ කළ එංගලන්ත Lions කණ්ඩායමේ මුල් කඩුලු 2 ඉක්මනින් බිඳ දැමීමට විශ්ව ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න සමත් වුනා. ඒ අනුව එංගලන්ත Lions මුල් ඉනිම වරෙක දැක්වුණේ කඩුලු 2කට ලකුණු 17ක් ලෙසයි.

නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නගමින් වැටුණු වලෙන් ගොඩ එන්නට එංගලන්ත Lions ක්‍රීඩකයින්ට හැකි වුනා. එහි දී Josh Bohannon අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ පන්දු 62කට පමණක් මුහුණ දෙමිනුයි. ඒ අතරේ ඔහු හතරේ පහර 9ක් එල්ල කළා.

සවස තේ විවේකයෙන් පසු දැවී ගිය එකම කඩුල්ල වුනේ Bohannonගේ කඩුල්ලයි. මේ වන විට එංගලන්තය කඩුලු 3කට ලකුණු 234ක් ලබාගෙන ශක්තිමත්ව සිටිනවා. ආරම්භක පිතිකරු Alex Lees නොදැවී ලකුණු 75ක් ලබා සිටින්නේ පන්දු 82කට පමණක් මුහුණ දෙමිනුයි.

අනෙක් අන්තයේ සිටින Jamie Smith විස්සයි විස්ස පිතිකරණ රටාවක් අනුගමනය කරමින් මේ වන විට පන්දු 56කට පමණක් මුහුණ දී ලකුණු 86ක් ලබා සිටිනවා. ඒ වේගවත් හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟයි. එංගලන්තය තම ලකුණු 234 ලබා ගැනීමට වැය කර තිබෙන්නේ පන්දුවාර 35ක් පමණයි!

Result

Match drawn

Sri Lanka A Team
332/10 (88.1) & 356/10 (74.1)

England Lions
405/10 (76.4) & 173/7 (39)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Tom Abell b Josh Tongue 22 42 4 0 52.38
Lasith Croospulle c Matt Fisher b Josh Tongue 128 130 16 3 98.46
Nuwanidu Fernando lbw b Sam Cook 22 73 3 0 30.14
Kamindu Mendis c Josh Tongue b Matt Fisher 6 12 0 0 50.00
Nipun Dhananjaya c Tom Abell b Josh Tongue 61 104 10 0 58.65
Lahiru Udara c Josh Bohannon b Josh Tongue 0 1 0 0 0.00
Chamika Karunarathne c Alex Lees b Josh Tongue 0 3 0 0 0.00
Lakshitha Manasinghe c Liam Patterson-White b Matt Fisher 43 87 2 1 49.43
Lasith Embuldeniya c Jack Haynes b Jack Carson 42 55 7 1 76.36
Vishwa Fernando b Sam Cook 0 8 0 0 0.00
Praveen Jayawickrama not out 1 14 0 0 7.14


Extras 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total 332/10 (88.1 Overs, RR: 3.77)
Bowling O M R W Econ
Sam Cook 21 6 69 2 3.29
Matt Fisher 22 4 83 2 3.77
Josh Tongue 22 2 75 5 3.41
Liam Patterson-White 11 0 56 0 5.09
Tom Abell 2 0 11 0 5.50
Jack Carson 10.1 3 30 1 2.97
Batsmen R B 4s 6s SR
Alex Lees c Kamindu Mendis b Praveen Jayawickrama 97 113 10 0 85.84
Haseeb Hameed c Lahiru Udara b Chamika Karunarathne 4 2 1 0 200.00
Tom Abell c Nishan Madushka b Vishwa Fernando 4 8 1 0 50.00
Josh Bohannon c Nuwanidu Fernando b Vishwa Fernando 54 62 9 0 87.10
Jamie Smith c Nishan Madushka b Chamika Karunarathne 126 82 13 8 153.66
Tom Haines c Lahiru Udara b Chamika Karunarathne 10 12 0 0 83.33
Liam Patterson-White c Lasith Croospulle b Lasith Embuldeniya 24 33 1 1 72.73
Matt Fisher not out 35 86 2 0 40.70
Jack Carson b Vishwa Fernando 6 50 1 0 12.00
Josh Tongue c Lahiru Udara b Praveen Jayawickrama 29 39 4 0 74.36
Sam Cook c Kamindu Mendis b Chamika Karunarathne 0 4 0 0 0.00


Extras 16 (b 3 , lb 9 , nb 1, w 3, pen 0)
Total 405/10 (76.4 Overs, RR: 5.28)
Bowling O M R W Econ
Vishwa Fernando 21 1 83 3 3.95
Chamika Karunarathne 13.4 2 84 4 6.27
Lasith Embuldeniya 20 3 113 1 5.65
Lakshitha Manasinghe 5 0 54 0 10.80
Praveen Jayawickrama 17 2 59 2 3.47
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sam Cook b Josh Tongue 100 125 16 1 80.00
Lasith Croospulle c Liam Patterson-White b Jack Carson 47 41 4 2 114.63
Nuwanidu Fernando c Jack Carson b Matt Fisher 1 15 0 0 6.67
Kamindu Mendis c Nathan Gilchrist b Jack Carson 67 76 11 0 88.16
Lasith Embuldeniya c Jamie Smith b Sam Cook 13 51 2 0 25.49
Nipun Dhananjaya c Jamie Smith b Josh Tongue 15 19 1 0 78.95
Lahiru Udara c Josh Bohannon b Liam Patterson-White 63 71 8 0 88.73
Chamika Karunarathne b Josh Tongue 0 6 0 0 0.00
Lakshitha Manasinghe lbw b Jack Carson 43 36 7 0 119.44
Vishwa Fernando not out 0 1 0 0 0.00
Praveen Jayawickrama c Tom Haines b Jack Carson 1 5 0 0 20.00


Extras 6 (b 3 , lb 1 , nb 1, w 1, pen 0)
Total 356/10 (74.1 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Sam Cook 11 1 38 1 3.45
Matt Fisher 12 1 58 1 4.83
Liam Patterson-White 12 1 72 1 6.00
Josh Tongue 15 2 77 3 5.13
Jack Carson 22.1 4 94 4 4.25
Tom Abell 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
Alex Lees b Praveen Jayawickrama 9 8 0 1 112.50
Haseeb Hameed c Kamindu Mendis b Lakshitha Manasinghe 47 66 2 1 71.21
Tom Haines c Nishan Madushka b Lakshitha Manasinghe 10 21 0 0 47.62
Tom Abell c Lasith Croospulle b Lakshitha Manasinghe 20 38 0 0 52.63
Josh Bohannon not out 34 50 1 0 68.00
Jamie Smith c b Lakshitha Manasinghe 14 13 2 0 107.69
Liam Patterson-White c b Lasith Embuldeniya 3 3 0 0 100.00
Matt Fisher lbw b Lakshitha Manasinghe 22 19 0 1 115.79
Jack Carson not out 2 16 0 0 12.50


Extras 12 (b 6 , lb 1 , nb 0, w 5, pen 0)
Total 173/7 (39 Overs, RR: 4.44)
Bowling O M R W Econ
Vishwa Fernando 4 0 14 0 3.50
Praveen Jayawickrama 8 0 40 1 5.00
Lakshitha Manasinghe 16 1 61 5 3.81
Lasith Embuldeniya 11 0 51 1 4.64



එංගලන්ත පිතිකරුවන් අද දිනය ක්‍රීඩා කළ අයුරු සැලකීමේ දී ඔවුන් මෙම සිව්දින ටෙස්ට් තරගයේ කුමන හෝ ප්‍රතිඵලයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඒ මුල් තරගය ජය පැරදුමෙන් තොර වීම නිසා මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලි ජය ද හිමි වීම නිසයි.

ඒ නිසා හෙට දිනයේ එංගලන්තයේ මෙම වේගවත් ගමනට නැවතීමේ තිත තැබීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වනවා. එහි දී අද කිසිදු කඩුල්ලක් බිඳ දැමීමට අපොහොසත් වූ දඟ පන්දු යවන්නන් තිදෙනා දක්ෂතා අතරට පිවිසීම අතිශයින්ම වැදගත්.

බොහෝ දුරට තරගයේ දිශානතිය ගැන තීරණය කළ හැකි උණුසුම් තෙවැනි දිනයේ තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<