Home Sinhala ශ්‍රී ලංකා A ලකුණු 129ක් ඉදිරියෙන්; නිශාන් ශතකය අභියස!

ශ්‍රී ලංකා A ලකුණු 129ක් ඉදිරියෙන්; නිශාන් ශතකය අභියස!

239

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අද (09) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

අද දිනය නිමාව දකිද්දී තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එංගලන්ත Lions කණ්ඩායමට වඩා ලකුණු 129ක් ඉදිරියෙන් සිටින්නේ හෙට දිනයේ හොඳ තරග අවසානයක් ලබා ගැනීමේ බලාපොරොත්තු පෙරදැරිවයි.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට එංගලන්තය සමත් වූ අතර Josh Tongueගේ ඉනිමක කඩුලු 5ක් දවා ගැනීමත්, Jamie Smithගේ වේගවත් ලකුණු 86ත් ඉන් වඩාත් කැපී පෙනෙන සිදුවීම් බවට පත්වුනා.

අද තම සුපුරුදු ප්‍රහාරය තව දුරටත් දීර්ඝ කර ගත් Smith තම ඉනිම නිමා කළේ පන්දු 82ක දී ලකුණු 126ක් ලබා ගනිමිනුයි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වුනා. ටෙස්ට් තරගයක් වුවද ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 153.65ක් තරම් ඉහළ අගයක් ගත්තා.

අද පළමු සැසිය අතරේම එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිම ඉක්මවා ගිය අතර ඔවුන්ගේ කඩුලු 4ක් ඒ අතරේ බිඳ වැටුණා. මේ නිසා දිවා විවේකයට තරගය නතර කරන විට එංගලන්ත Lions ඉනිම දැක්වුණේ කඩුලු 7කට ලකුණු 355ක් ලෙසයි. දිවා විවේකයෙන් පසු එංගලන්ත ඉනිමට තවත් ලකුණු 50ක් එක්කාසු වෙද්දී ඉනිම සමාප්ත කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

එහි දී වැඩිම කඩුලු ලාභියා බවට පත්වුනේ සීමිත පන්දුවාර තරගවල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්නයි. ඔහු ලකුණු 84කට කඩුලු 4ක් බිඳ හෙළුවා. කෙසේ නමුත් ඔහුට එරෙහිව පන්දුවාරයකට ලකුණු 6කට වැඩියෙන් ලබා ගන්නට Lions පිතිකරුවන් සමත් වීම ද විශේෂත්වයක්.

මීට අමතරව පන්දුවාර 5ක් ක්‍රියාත්මක කළ ලක්ෂිත මානසිංහ ලකුණු 54ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර ඔහුට කිසිදු කඩුල්ලක් බිඳ හෙළීමට හැකි වුනේ නැහැ. මීට අමතරව විශ්ව ප්‍රනාන්දු අගනා පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 83කට කඩුලු 3ක් බිඳ හෙළද්දී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2කට හිමිකම් කිව්වා.

සංචාරක Lions කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 405ක් ලබා ගැනීම නිසා ශ්‍රී ලංකාවට තම දෙවැනි ඉනිම ඇරඹීමට සිදු වන්නේ ලකුණු 73ක් පිටුපසින් සිටිමිනුයි. නමුත් ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මෙම අභියෝගයට හොඳ පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලංකා A ආරම්භක පිතිකරුවන් දෙදෙනා තේ පානය සඳහා තරගය නතර කරන විට එම ලකුණු සංඛ්‍යාව කිසිදු කඩුල්ලක් නොදැවී සපුරා ගන්නට සමත් වුනා.

තේ විවේකයෙන් පසු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලසිත් කෲස්පුල්ලේ දැවී යන්නේ අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 47කටයි. පන්දු 41ක් පමණක් වැයවුනු ලසිත්ගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 2කින් හැඩ වුනා. කෙසේ නමුත් පන්දු 15කට මුහුණ දී එක් ලකුණක් පමණක් ලබාගත් නුවනිඳු ප්‍රනාන්දු දවා ගැනීමට Matthew Fisher සමත් වුනා.

ඉන්පසු තුන්වැනි කඩුල්ල වෙනුවෙන් හරියටම ශතක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ නිශාන් මදුශ්ක සහ කමිඳු මෙන්ඩිස් අතරයි. එහි දී පන්දු 76කට ක්‍රීඩා කළ කමිඳු ලකුණු 67ක් ලබා ගත්තේ හතරේ පහර 11ක් සමඟයි. කමිඳුගේ දැවී යාමෙන් පසු සැඳෑ ආරක්ෂකයා ලෙස ලසිත් ඇඹුල්දෙණිය පිටියට පිවිසි අතර ඔහු මේ වනවිට නොදැවී එක් ලකුණක් ලබා සිටිනවා.

අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන නිශාන් මදුශ්ක මේ වන විට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 84ක්. පන්දු 118කට සාර්ථකව මුහුණ දුන් මදුශ්ක හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කළා. පසුගිය තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ මදුශ්කට හෙට තම ශතකය කරා යාමට හැකි වුනොත් එය තේරීම් කමිටුවේ ඇස් තමන් වෙත හරවා ගැනීමට වැදගත් වනු ඇති.

Result

Match drawn

Sri Lanka A Team
332/10 (88.1) & 356/10 (74.1)

England Lions
405/10 (76.4) & 173/7 (39)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Tom Abell b Josh Tongue 22 42 4 0 52.38
Lasith Croospulle c Matt Fisher b Josh Tongue 128 130 16 3 98.46
Nuwanidu Fernando lbw b Sam Cook 22 73 3 0 30.14
Kamindu Mendis c Josh Tongue b Matt Fisher 6 12 0 0 50.00
Nipun Dhananjaya c Tom Abell b Josh Tongue 61 104 10 0 58.65
Lahiru Udara c Josh Bohannon b Josh Tongue 0 1 0 0 0.00
Chamika Karunarathne c Alex Lees b Josh Tongue 0 3 0 0 0.00
Lakshitha Manasinghe c Liam Patterson-White b Matt Fisher 43 87 2 1 49.43
Lasith Embuldeniya c Jack Haynes b Jack Carson 42 55 7 1 76.36
Vishwa Fernando b Sam Cook 0 8 0 0 0.00
Praveen Jayawickrama not out 1 14 0 0 7.14


Extras 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total 332/10 (88.1 Overs, RR: 3.77)
Bowling O M R W Econ
Sam Cook 21 6 69 2 3.29
Matt Fisher 22 4 83 2 3.77
Josh Tongue 22 2 75 5 3.41
Liam Patterson-White 11 0 56 0 5.09
Tom Abell 2 0 11 0 5.50
Jack Carson 10.1 3 30 1 2.97
Batsmen R B 4s 6s SR
Alex Lees c Kamindu Mendis b Praveen Jayawickrama 97 113 10 0 85.84
Haseeb Hameed c Lahiru Udara b Chamika Karunarathne 4 2 1 0 200.00
Tom Abell c Nishan Madushka b Vishwa Fernando 4 8 1 0 50.00
Josh Bohannon c Nuwanidu Fernando b Vishwa Fernando 54 62 9 0 87.10
Jamie Smith c Nishan Madushka b Chamika Karunarathne 126 82 13 8 153.66
Tom Haines c Lahiru Udara b Chamika Karunarathne 10 12 0 0 83.33
Liam Patterson-White c Lasith Croospulle b Lasith Embuldeniya 24 33 1 1 72.73
Matt Fisher not out 35 86 2 0 40.70
Jack Carson b Vishwa Fernando 6 50 1 0 12.00
Josh Tongue c Lahiru Udara b Praveen Jayawickrama 29 39 4 0 74.36
Sam Cook c Kamindu Mendis b Chamika Karunarathne 0 4 0 0 0.00


Extras 16 (b 3 , lb 9 , nb 1, w 3, pen 0)
Total 405/10 (76.4 Overs, RR: 5.28)
Bowling O M R W Econ
Vishwa Fernando 21 1 83 3 3.95
Chamika Karunarathne 13.4 2 84 4 6.27
Lasith Embuldeniya 20 3 113 1 5.65
Lakshitha Manasinghe 5 0 54 0 10.80
Praveen Jayawickrama 17 2 59 2 3.47
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sam Cook b Josh Tongue 100 125 16 1 80.00
Lasith Croospulle c Liam Patterson-White b Jack Carson 47 41 4 2 114.63
Nuwanidu Fernando c Jack Carson b Matt Fisher 1 15 0 0 6.67
Kamindu Mendis c Nathan Gilchrist b Jack Carson 67 76 11 0 88.16
Lasith Embuldeniya c Jamie Smith b Sam Cook 13 51 2 0 25.49
Nipun Dhananjaya c Jamie Smith b Josh Tongue 15 19 1 0 78.95
Lahiru Udara c Josh Bohannon b Liam Patterson-White 63 71 8 0 88.73
Chamika Karunarathne b Josh Tongue 0 6 0 0 0.00
Lakshitha Manasinghe lbw b Jack Carson 43 36 7 0 119.44
Vishwa Fernando not out 0 1 0 0 0.00
Praveen Jayawickrama c Tom Haines b Jack Carson 1 5 0 0 20.00


Extras 6 (b 3 , lb 1 , nb 1, w 1, pen 0)
Total 356/10 (74.1 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Sam Cook 11 1 38 1 3.45
Matt Fisher 12 1 58 1 4.83
Liam Patterson-White 12 1 72 1 6.00
Josh Tongue 15 2 77 3 5.13
Jack Carson 22.1 4 94 4 4.25
Tom Abell 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
Alex Lees b Praveen Jayawickrama 9 8 0 1 112.50
Haseeb Hameed c Kamindu Mendis b Lakshitha Manasinghe 47 66 2 1 71.21
Tom Haines c Nishan Madushka b Lakshitha Manasinghe 10 21 0 0 47.62
Tom Abell c Lasith Croospulle b Lakshitha Manasinghe 20 38 0 0 52.63
Josh Bohannon not out 34 50 1 0 68.00
Jamie Smith c b Lakshitha Manasinghe 14 13 2 0 107.69
Liam Patterson-White c b Lasith Embuldeniya 3 3 0 0 100.00
Matt Fisher lbw b Lakshitha Manasinghe 22 19 0 1 115.79
Jack Carson not out 2 16 0 0 12.50


Extras 12 (b 6 , lb 1 , nb 0, w 5, pen 0)
Total 173/7 (39 Overs, RR: 4.44)
Bowling O M R W Econ
Vishwa Fernando 4 0 14 0 3.50
Praveen Jayawickrama 8 0 40 1 5.00
Lakshitha Manasinghe 16 1 61 5 3.81
Lasith Embuldeniya 11 0 51 1 4.64



අද දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 202ක් ලබා සිටින්නේ එංගලන්ත Lions කණ්ඩායමට වඩා ලකුණු 129ක ඉදිරියක් සහිතවයි. ශ්‍රී ලංකාව අද පන්දුවාර 42කට මුහුණ දුන්නේ පන්දුවාරයකට ලකුණු 4.81ක වේගයක් රඳවා ගනිමිනුයි. ඔවුන් තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 332ක්.

හෙට මෙම තරගයේ අවසන් දිනය වන නිසා ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් වේගවත් පිතිකරණයක යෙදෙමින් එංගලන්තයට ලකුණු 300කට ආසන්න ඉලක්කයක් ලබා දී තම වාසනාව උරගා බැලීමට සිදු වනු ඇති.

නමුත් තණතිල්ල තවමත් පිතිකරුවන්ට වාසි සහගත ලෙස හැසිරෙන නිසා වැඩි ඉඩක් පවතින්නේ තරගය ජය පැරදුමෙන් තොරව නිමා වීමටයි. දින හතරක මහන්සියේ ප්‍රතිඵල ලැබෙන, තරගාවලියේ ප්‍රතිඵලය තීරණය වන හෙට දිනයේ සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<