ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නව කොන්ත්‍රාත්තු

246

2020 මැයි මස පළමු වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජාතික තලයේ සහ නැගී එන සංචිතයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා මාස 6ක කාලයක් වලංගු වන පරිදි වාර්ෂික කොන්ත්‍රාත් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව කාණ්ඩ 5ක් යටතේ ක්‍රීඩිකාවන් 35 දෙනෙකු මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ අලුත්ම තත්වය

‘A’, ‘B’, ‘C’ සහ ‘D’ කාණ්ඩ යටතේ ජාතික තලයේ පසුවන ක්‍රීඩිකාවන් 20ක් ද, නැගී එන කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් 15ක් ද මෙම මේ කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව තිබෙන අතර, නැගී එන කාන්තා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන්ට ඉකුත් වසරේ දී ලබා දුන් පරිදිම ස්ථාවර මාසික ගාස්තුවකට අමතරව පැමිණීමේ දීමනාවක් ද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

අදාළ කොන්ත්‍රාත් ගත කිරීම අනුව ප්‍රධානම කාණ්ඩය වන්නේ ‘A’ කාණ්ඩය වන අතර වත්මන් විස්සයි විස්ස නායිකා චමරි අතපත්තු පමණක් ඊට ඇතුළත් වීම කැපී පෙනෙයි. ගෙවී ගිය වසරේ මෙම කාණ්ඩයට හිටපු එක්දින නායිකා ශෂිකලා සිරිවර්ධන සහ ඉනෝකා රණවීර ඇතුළත්ව සිටි අතර ශෂිකලා පසුගිය දා නිමා වූ කාන්තා ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නාය. 

2020 ආසියානු කුසලානය ලංකාවේ

ගෙවී ගිය කාල සීමාවේ දී විස්සයි විස්ස තරග අංශයේ දක්ෂතා අතරට පැමිණීමට ඉනෝකා රණවීරට නොහැකි වීම මත නව කොන්ත්‍රාත්තුව යටතේ ඇය B කාණ්ඩය වෙත කොන්ත්‍රාත් ගත කර ඇත.  

ඉකුත් වසරේ දී ක්‍රීඩිකාවන් 5 දෙනෙකු B’ කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් ගතව සිටිය ද මෙම වසරේ දී එය ක්‍රීඩිකාවන් 8 දක්වා වැඩි කර තිබෙන අතර ඒ අතර ඉකුත් වසර පුරාවටම පිතිකාරිණියක් ලෙස දස්කම් දැක්වූ හර්ෂිතා මාධවී ද පසුවේ. ඇය අවසන් වරට කොන්ත්‍රාත්ගත කිරීමේ දී ‘C’ කාණ්ඩයට ඇතුළත්ව සිටි නමුත් පසුගිය මාස කිහිපය පුරාවට ඇය පෙන්වූ දස්කම් අනුව ඇයට එම උසස් වීම ලැබී ඇත.

කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩිකාවන් මෙසේය.

  • ‘A’ කාණ්ඩය – චමරි අතපත්තු
  • ‘B’ කාණ්ඩය – අනුෂ්කා සංජීවනී, ඕෂදි රණසිංහ, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, සුගන්දිකා කුමාරි, උදේෂිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා, හර්ෂිතා මාධවී.
  • ‘C’ කාණ්ඩය – ඩිලානි මනෝදරා, ප්‍රසාදිනී වීරක්කොඩි, කවීෂා දිල්හාරි.
  • ‘D’ කාණ්ඩය – අමා කාංචනා, ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, මධුෂිකා මෙත්තානන්ද, උමාෂා තිමේශිනි, සත්‍යා සංදීපනී.
  • නැගී එන කාණ්ඩය – මල්ෂා ෂෙහානි, ලිහිණි අප්සරා, තාරිකා සෙව්වන්දි, ජිමාංජලී විජේනායක, හර්ෂනී විජේරත්න, ශෂිකලා සිල්වා, සචිනි නිසංසලා, ඉරේෂා සඳමාලී, තාරුකා ෂෙහානි, නිලක්ෂණා සඳමිණී, රෝස් පෙරේරා, ජනාදි අනාලී, ශිකාරි නුවන්තා, ටෙලිශීයා සත්සරණි, සඳුනි නිසංසලා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<