එන්න එන්නම කල් යන සුපිරි 8

407
DCL - match postpone

ක්‍රීඩා සමාජයන්හි විරෝධය සහ ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජාතික තලයේ ක්‍රීඩාවන්ට සහභගී වීමට සිදුවීමත් මුල්කර ගනිමින් පිට පිට තෙවැනි වරටත් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ දෙවැනි සතියේ තරග, නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තීරණය කර තිබේ.

පසුගිය ලිපි: පාපන්දු ශූරතාවය හමීඩ් අල් හුසේනිට සහ මලියදේව බාලිකාවට

ක්‍රීඩා සමාජයන්හි නිළදාරීන්ද සමඟ ඊයේ (15) සන්ධ්‍යාවේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අනාවරණය කර සිටියේ සුපිරි 8 දෙනාගේ දෙවැනි සතියේ තරග නොවැම්බර් මස 19වැනිදා සිට පැවැත්වීමට තරග කටයුතු සංවිධානය කරන්නන් විසින් තීරණය කල බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට පැය කිහිපයකට පෙර සුපිරි 8 දෙවැනි සතියේ තරග දින තහවුරු කරමින් මාධ්‍ය වෙත දන්වා සිටියේ නොවැම්බර් මස 17 සහ 18 යන දිනයන්හිදි එම තරග පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බවයි. නමුත් නැවත නැවතත් සම්මේලනයේ දුර්වල සන්නිවේදනයන් සහ නිසි ක්‍රියා පටිපාටියක් නොමැති වීම හේතුවෙන් එම තරගද කල් ගොස් ඇත.

මෙම තරග කල් දැමීමට එල්ලවු චෝදනා දෙස බැලීමේදි ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් හට විවේකය අඩුවීම, එමනිසා අබාධයන්ට ක්‍රීඩකයින් ලක්වීමට ඇති වැඩි නැඹුරුව සහ ඒවා හේතුවෙන් ඉදිරියේදි පැවැත්වීමට නියමිත කාම්බෝජියා සහ තායිලන්ත තරගයන් හිදි ක්‍රීඩකයින්ගේ කාර්යක්ෂමතාවය අඩුවීමත්, සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල ලෙස සැලකිය හැකියි.

“ක්‍රීඩා සමාජයන්ගෙන් සහ ක්‍රීඩකයින්ට ඉදිරියේදි ඉටුකිරීමට ඇති ජාතික වගකීම සම්බන්දයෙන් ගෙන ආ මතභේද සැලකිල්ලට ගනිමින් අපි තිරණය කලා සුපිරි 8 දෙනාගේ තරග AFC Solidarity කුසලානය පසුවන තෙක් කල් දමන්න.” යැයි පාපන්දු සම්මේලනයේ විධායක නිලදාරී ජස්වර් උමාර් විසින් ThePapare.com වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කරන ලදි.

කෙසේ නමුත් තරග කල් දැමීම සුපිරි 8 දෙනාගේ වටය ආරම්භයේ සිටම ඉදිරියට පැමිණි අතර මේවන විට සිව්වතාවකට නොවැඩි දවසක් ගණනක් ඔවුන් දෙවැනි සතියේ තරග පැවැත්වීමට තෝරාපත් කරගෙන තිබේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට