එමා සිව්වැනි වරටත් ජාතික වාර්තාව අලුත් කරයි

171

ශ්‍රී ලාංකීය කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩිකා එමා ද සිල්වා සිව්වැනි වරටත් කවපෙත්ත විසිකිරීමේ ජාතික වාර්තාව අලුත් කිරීමට ඊයේ (7) සමත් විය.

ඇය මෙම දස්කම දැක්වූයේ ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය හා ස්ටෑන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය අතර කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පැවති “124 Big meet” නම් තරගාවලියේ දී ය.

එමා ද සිල්වාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන එමා ද සිල්වා ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පැවති ආරාධිත……

 

මීටර 49.70ක දුරක් වාර්තා කළ එමා, තමන් විසින්ම පෙර තැබූ වාර්තාවට වඩා සෙන්ටිමීටර 24ක දුරක් වාර්තා කරමින් නැවත වතාවක් ජාතික වාර්තාව අලුත් කළ අතර එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට බලධාරීන් ඇයව තෝරා ගන්නේ නම් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් උදෙසා බලාපොරොත්තුවක් තැබිය හැකි වනු ඇත.

පසුගිය මාර්තුවේ වසර 12ක් පැරණි පද්මා නන්දනී විජේසේකර තබා තිබූ වාර්තාව මීටර 48.02ක් වාර්තා කර ගනිමින් තමන් සතු කර ගැනීමට එමා සමත් විය. ඒ ඇරිසෝනා නගර විශ්වවිද්‍යාලයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා උත්සවයක දී ය.

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන 5 වන තැනට

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පසුගිය 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි හිදී ආරම්භ වූ අතර මෙවර තරගාවලිය …..

අප්‍රේල් මාසය ආරම්භයේ දී පැවති තවත් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක දී එමා දෙවරක් සිය වාර්තාවම අලුත් කිරීමට සමත් වූ අතර ඒ දෙවෙනි විසිකිරීමේ දී සෙන්ටිමීටර 22ක් හා පස්වැනි විසිකිරීමේ දී මීටර 1.44ක් වාර්තාව ඉහළ දමමින් මීටර 48.24ක් හා 49.46ක් ලෙස වාර්තාගත දුරක් වාර්තා කරමිනි.

විසි හැවිරිදි අඩි 5යි අඟල් 11ක් උස එමා ද සිල්වා ඇමරිකාවේ අධ්‍යාපනය ලබන අතර පසුගිය වසරක කාලය තුල මීටර පහකින් සිය පෞද්ගලික දක්ෂතාව ඉහළ දැමීමට ඇය සමත් විය.

ThePapare.com අප එමා හට උණුසුම් සුබ පැතුම් එක්කරන අතර මීටර 50 සීමාව ඉක්මවා එම සීමාව ඉක්මවූ පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව වන්නට හැකි වේවා යැයි අපි පතන්නෙමු.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<